එය යුදෙව් ප්‍රජාවට එරෙහිව සිතා මතා සිදු කරන ලද්දක් බව, නගරාධිපති ෆෙම්කෙ හැල්සෙමා පැවසීය.
ඇම්ස්ටර්ඩෑම් නගරයේ දකුණට වන්නට ඉහළ මධ්‍යම පාන්තික නිවාස සංකීර්ණයක් අසල පිහිටි එම පාසල් පරිශ්‍රයේ සිදු වූ ප්‍රහාරයේ හානිය සීමිත බව ද වාර්තා වේ.
ඊයේ (13), රොටර්ඩෑම් හි යුදෙව් දේවස්ථානයක් ද ගිනි තැබීමට ලක් විය.
එම සිදුවීම් වලින් අනතුරුව අගනුවර යුදෙව් දේවස්ථාන සහ අධ්‍යාපන ආයතනයන්හි ආරක්ෂාව තර කර තිබේ.
සඳුදා (9) බෙල්ජියමේ පිහිටි යුදෙව් දේවස්ථානයක් වෙතින් ද පිපිරීමක් වාර්තා විය. ඉන්, එහි ගින්නක් ද හට ගැනිණි.
එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානය වෙත ප්‍රහාර එල්ල කිරීම ආරම්භ වීමෙන් අනතුරුව, මේ වන විට, ලොව පුරා යුදෙව් ප්‍රජාව තර්ජනයට ලක්ව සිටිති.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍රය :
Explosion lightly damages Jewish school in Amsterdam




