BREAKING
ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●
Top Ad
විදේශ

'ඉරානය කෘත්‍රිම බුද්ධිය තොරතුරු අවියක් කරලා' -ජනපති ට්‍රම්ප්ගෙන් චෝදනා

T

The Leader Desk

March 16, 2026 • 6:52 AM

'ඉරානය කෘත්‍රිම බුද්ධිය තොරතුරු අවියක් කරලා' -ජනපති ට්‍රම්ප්ගෙන් චෝදනා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හෝර්මුස් සමුද්‍ර සන්ධිය නිදහස් කර ගැනීම පිළිබඳව මේ වන විට රටවල් හතකක් සමග සාකච්ඡා කර ඇතැයි, එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඊයේ (15) ප්‍රකාශ කළේය.
  • ගෝලීය ඉන්දන ප්‍රවාහනයෙන් 20% සිදු කෙරෙන්නේ එම සමුද්‍ර සන්ධිය හරහා ය.
  • පෙබරවාරි 28 දා ඉරානය වෙත ඊශ්‍රායල - එක්සත් ජනපද ප්‍රහාර ඇරඹි තැන් සිට උත්සන්න වූ මැද පෙරදිග ගැටුම හේතුවෙන්, ලොව, උග්‍ර බලශක්ති අර්බුදයකට මුහුණ දෙමින් සිටියි.
  • එය ආරක්ෂා කිරීම, ඒ ඔස්සේ රැගෙන එන ඉන්දන මත රැඳි රටවල වගකීම බව, ජනපති ට්‍රම්ප් අවධාරණය කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ වන විට ඒ ඔස්සේ සිදුකෙරෙන සියලු නෞකා ගමනා ගමන, විශේෂයෙන්, ඉන්දන  නෞකා ප්‍රවාහනය, ටෙහෙරානය විසින් තහනම් කර තිබේ. ගෝලීය ඉන්දන ප්‍රවාහනයෙන් 20% සිදු කෙරෙන්නේ එම සමුද්‍ර සන්ධිය හරහා ය.

පෙබරවාරි 28 දා ඉරානය වෙත ඊශ්‍රායල - එක්සත් ජනපද ප්‍රහාර ඇරඹි තැන් සිට උත්සන්න වූ මැද පෙරදිග ගැටුම හේතුවෙන්, ලොව, උග්‍ර බලශක්ති අර්බුදයකට මුහුණ දෙමින් සිටියි.

2026 03 06 mideast energy index videoSixteenByNine3000
එක්සත් ජනපද ජනපතිගේ විශේෂ ඉල්ලීම පරිදි එම රටවල්  හෝර්මුස් සන්ධිය වෙත යුද නෞකා පිටත්කර හැරිය යුතු වේ. එය ආරක්ෂා කිරීම, ඒ ඔස්සේ රැගෙන එන ඉන්දන මත රැඳි රටවල වගකීම බව, ජනපති ට්‍රම්ප් අවධාරණය කළේය.

ඔහු සාකච්ඡා කළ රටවල් හත කවරේදැයි සඳහන් කර නොමැත. එහෙත්, චීනය, ප්‍රංශය,  ජපානය, දකුණු කොරියාව, බ්‍රිතාන්‍යය සහ අනෙකුත් රටවල් ඊට සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන බව, ඔහුගේ සමාජ මාධ්‍ය සටහනක දැක්වේ.  හෝර්මුස් ආරක්ෂා කිරීමට ඉදිරිපත් වන ලෙස ඔහු යුරෝපීය රටවලට දැඩි පීඩනයක් එල්ල කරමින් සිටී. එම රටවල් ඊට සහාය නොවුවහොත්, නැටෝ සංවිධානයට අනාගතයේ 'ඉතා නරක' ප්‍රතිඵලවලට මුහුණ දීමට සිදු වෙතැයි ද ජනපති වරයා විසින් ප්‍රකාශ කර තිබේ.

ඉරාන ප්‍රධාන ඉන්දන අපනයන කේන්ද්‍රය පිහිටි ඛාග් දිවයින වෙත ප්‍රහාර දැඩි කරන බවද, ඔහු අවධාරණය කළේය.

මේ අතර, ඉරානය සාවද්‍ය තොරතුරු බෙදාහැරීමට, කෘත්‍රිම බුද්ධිය, "විකෘති-තොරතුරු අවියක්" ලෙස භාවිතා කරන බව, ජනපති ට්‍රම්ප් චෝදනා කරයි.  එමගින්, ඉරානය  යුද්ධයේ සාර්ථකත්වය කරා පැමිණෙන බවට  වැරදි තොරතුරු බෙදා හරිමින් ඇතැයි ඔහු කියයි.

650733290 1289884753250696 6655247681528124242 n

"කෘත්‍රිම බුද්ධිය අතිශය භයානක විය හැකියි. ඒ නිසාම අප ඉතා ප්‍රවේශම් විය යුතුයි," ඔහු සිය නිල ගුවන් යානයේ සිට මාධ්‍යවේදීන් අමතා පැවසීය. ඉරානය සමග සමීප සම්බන්ධීකරණයේ පසු වෙමින් එම සාවද්‍ය පුවත් බෙදාහැරීම පිළිබඳව ඔහු බටහිර මාධ්‍ය ආයතන වෙත චෝදනා කළේය.

ඉරානය සමග සමීප සබඳතා පවත්වන බටහිර මාධ්‍යායතන කවරේදැයි ජනපතිවරයා විසින් අනාවරණය කර නැත.

(සටහන |Reuters  ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Trump accuses Iran of using AI to spread disinformation

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...