BREAKING
ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●
Top Ad
විදේශ

'ගල්ෆ් රටවලට ගැහුවේ අපි නෙමෙයි' - සෞදි අරාබියේ ඉරාන තානාපති

T

The Leader Desk

March 16, 2026 • 8:07 AM

'ගල්ෆ් රටවලට ගැහුවේ අපි නෙමෙයි' - සෞදි අරාබියේ ඉරාන තානාපති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගල්ෆ් රටවල් සමග ඉරානයේ සබඳතා බරපතල සමාලෝචනයකට ලක් විය යුතු බව සෞදි අරාබියේ ඉරාන තානාපති, අලිරෙසා එනයාටි ඊයේ (15) පැවසීය.
  • රොයිටර්ස් පුවත් සේවය සමග පැවති විශේෂ ලිඛිත සම්මුඛ සාකච්ඡාවකදී ඔහු ඒ බැව් සඳහන් කළේය.
  • යුද්ධය හේතුවෙන් ඉරානය සහ මැද පෙරදිග රටවල් අතර සහයෝගිතාව පළුදු වේදැයි නැගූ පැනයකට පිළිතුරු දුන් තානාපතිවරයා, එම සියලු රටවල් අසල්වැසියන් බවත්, එම රටවලට අන්‍යොන්‍ය භාවයෙන් තොරව සාර්ථකත්වය කරා ලඟා විය නොහැකි බවත් කියා සිටියේය.
  •   පසු ගිය දශක පහක කාලය පුරාවට කලාපය, බාහිර බලවේගයන්ට නතුවීම සියලු ගැටළුවලට මුල බව ද ඔහු කීය.
අකුරු ප්‍රමාණය (Font Size):


කලාපීය සමෘද්ධිය උදෙසා ඒ වෙත බාහිර ක්‍රියාකාරිකයින්ගේ ප්‍රවිෂ්ඨය අවම කළ යුතු යැයි, ඔහු එහිදී අවධාරණය කළේය.

රොයිටර්ස් පුවත් සේවය සමග පැවති විශේෂ ලිඛිත සම්මුඛ සාකච්ඡාවකදී ඔහු ඒ බැව් සඳහන් කළේය.

යුද්ධය හේතුවෙන් ඉරානය සහ මැද පෙරදිග රටවල් අතර සහයෝගිතාව පළුදු වේදැයි නැගූ පැනයකට පිළිතුරු දුන් තානාපතිවරයා, එම සියලු රටවල් අසල්වැසියන් බවත්, එම රටවලට අන්‍යොන්‍ය භාවයෙන් තොරව සාර්ථකත්වය කරා ලඟා විය නොහැකි බවත් කියා සිටියේය.

 

ir 1
පසු ගිය දශක පහක කාලය පුරාවට කලාපය, බාහිර බලවේගයන්ට නතුවීම සියලු ගැටළුවලට මුල බව ද ඔහු කීය.

මැද පෙරදිග යුද්ධය ඇරඹි දා සිට මෙතෙක් ගල්ෆ් රටවල් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර 2000කට අධික සංඛ්‍යාවකට මුහුණ පා සිටී. එම රටවල පිහිටි එක්සත් ජනපද  රාජ්‍යතාන්ත්‍රික දේපළ සහ හමුදා පහසුකම් රැසක් ඊට හසු විය. ඊට අමතරව, ගල්ෆ් කලාපයේ ඉන්දන යටිතල පහසුකම්, වරාය, ගුවන්තොටුපොළ, හෝටල්, නේවාසික සහ කාර්යාලයීය ගොඩනැගිලි රැසක් වෙත ද එම ප්‍රහාර එල්ල විය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයන් විසින් ඉරානයේ පරම හතුරා වන ඊශ්‍රායලය සමග ද්වී පාර්ශ්වීය සබඳතා 2020 වසරේ දී යථාවත්  කෙරිණි. එම රටවල් සියල්ල විසින්, මේ වන විට, ඉරානය දැඩි විවේචනයට ලක් කර තිබේ.

සෞදි අරාබියේ ඉන්දන යටිතල පහසුකම් වෙත ප්‍රහාර එල්ල කළ බවට චෝදනා, ඉරාන තානාපති ප්‍රතික්ෂේප කරයි.

 

ir 2
"මේ ප්‍රහාරවලට වග කිව යුතු පාර්ශ්වය ඉරානය නොවේ. එම ප්‍රහාර සිදු කළේ ඉරානය විසින් නම්, ටෙහෙරානය  ඒ බව නිවේදනය කරනවා," ඔහු එසේ පැවසීය.

එහෙත්, එම ප්‍රහාරවලට වගකිව යුත්තේ කවරකු දැයි ඔහු විසින් සඳහන් කර නොමැත. ඉරානය විසින් ප්‍රහාර එල්ල කරන  ලද්දේ එම රටවල පිහිටි එක්සත් ජනපද සහ ඊශ්‍රායල මර්මස්ථාන වෙත පමණකැයි ඔහු අවධාරණය කළේය.  

එහෙත්, පසු ගිය දා, ඉරාන ජනපති මසූද් පෙසෙෂ්කියන්, අසල්වැසි මැද පෙරදිග රටවල් වෙත එල්ල කළ එරට ගුවන් ප්‍රහාර සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලීය.

"ඉරාන ක්‍රියාන්විත හේතුවෙන් අපහසුතාවයට පත් සියලු අසල්වැසි රාජ්‍යයන්ගෙන් මම පෞද්ගලිකවම සමාව අයැද සිටිනවා," ඔහු පැවසීය. ඉරානයට එරෙහි එක්සත් ජනපද - ඊශ්‍රායල ප්‍රහාරයන්ට දායක නොවන ලෙස, ඔහු මැදපෙරදිගින් ඉල්ලා සිටියේය.

මැද පෙරදිග රටවල සිට ඉරානය වෙත ප්‍රහාර එල්ල නොවනතාක් එම රටවලට පෙරලා ප්‍රහාර අත්හිටුවීමට නායකත්ව කවුන්සිලයේ අනුමැතිය ලද බව ද ඔහු දන්වා සිටියේය.

(සටහන |Reuters  ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලශ්‍රය :

Exclusive: Iran wants 'serious review' of Gulf ties, denies role in Saudi oil attacks  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...