BREAKING
ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●
Top Ad
විදේශ

ඉරාන නායකයාට අයත් ගුවන් යානයක් වනසයි

T

The Leader Desk

March 16, 2026 • 12:04 PM

ඉරාන නායකයාට අයත් ගුවන් යානයක් වනසයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඝාතනයට ලක් වූ හිටපු ඉරාන උත්තරීතර නායකයාට අයත් ගුවන් යානයක් විනාශ කළ බව ඊශ්‍රායල හමුදා අද (16) දන්වා සිටියහ.
  • හෝර්මුස් සමුද්‍ර සන්ධියට එපිටින් ගල්ෆ් තුඩුවේ ෆුජෙයිරා වරාය පිහිටා තිබේ.
  • එය සාමාන්‍ය ගෝලීය ඉල්ලුමෙන් 1%ක පමණ ධාරිතාවකි.
අකුරු ප්‍රමාණය (Font Size):


ජ්‍යෙෂ්ඨ ඉරාන නායකයින් සහ හමුදා නිලධාරීන් සිය සන්ධාන පාර්ශව හමුවීමට දේශීය සහ ජාත්‍යන්තර ගුවන් සංචාර සඳහා එය යොදා ගෙන ඇතැයි ද ඊශ්‍රායල හමුදා පැවසූහ.

අද අළුයම එරට මෙහ්රාබාද් ගුවන්තොටුපොළට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරයකින් එම යානය විනාශ විය.

මෙහ්රාබාද් යනු ටෙහෙරානයේ පිහිටි පැරණිතම ගුවන්තොටුපොළකි. වත්මන, එය දේශීය සහ කලාපීය ගුවන් ගමන් පිණිස භාවිත කෙරේ. එරට කාර්ය බහුලම දේශීය සිවිල් ගුවන්තොට එය වේ. සිවිල් ගුවන් කටයුතු වලට අමතරව එරට ගුවන් හමුදාව විසින් ද එම ගුවන්තොටුපොළ පරිහරණය කෙරේ.

ෆුජෙයිරා වරායේ මෙහෙයුම් නවතී

fujiara
මේ අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජෙයිරා වරායේ ඉන්දන නැව්ගත කිරීමේ මෙහෙයුම් වහා ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ. අද එහි පෙට්‍රෝලියම් කාර්මික කලාපයක් වෙත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලවීමෙන් අනතුරුව ගින්නක් හට ගැනීම  ඊට හේතුවයි.

හෝර්මුස් සමුද්‍ර සන්ධියට එපිටින් ගල්ෆ් තුඩුවේ ෆුජෙයිරා වරාය පිහිටා තිබේ. එහි සිට දෛනිකව මර්බන් බොරතෙල් බැරල මිලියනයක් පමණ නැව් ගත කෙරේ. එය සාමාන්‍ය ගෝලීය ඉල්ලුමෙන් 1%ක පමණ ධාරිතාවකි.

සිවිල් ආරක්ෂක සේවා ගින්න මැඩ පැවැත්වීමට පියවර ගනිමින් සිටිති. ප්‍රහාරයෙන් පුද්ගල හානි කිසිවක් වාර්තා නොවේ. මෑත දින කිහිපය තුළ ඉන්දන අපනයනය කෙරෙහි ඒ වෙතින් වාර්තාවන දෙවන බරපතලතම බාධා කිරීම මෙය වේ. ඉකුත් සති අන්තයේද ඊට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල විය.


(සටහන |Reuters  ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍ර :

Israel says it destroyed plane used by Iran's late Supreme Leader Khamenei

Oil loading operations suspended at UAE's Fujairah port, sources say

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඉරාන නායකයාට අයත් ගුවන් යානයක් වනසයි | The Leader