BREAKING
ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●
Top Ad
විදේශ

ඉරාන නව අධ්‍යාමික නායකයා ප්‍රතිකාර සඳහා රුසියාවට ?

T

The Leader Desk

March 16, 2026 • 2:25 PM

ඉරාන නව අධ්‍යාමික නායකයා ප්‍රතිකාර සඳහා රුසියාවට ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇමෙරිකාව සහ ඊශ්‍රායලය, ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් උත්තරීතර නායක මොජ්තබා කමේනිට අවම වශයෙන්
  • ඔහුගේ තුවාලවලට  ප්‍රතිකාර කිරීම සඳහා සියලු පහසුකම් සහිත විශේෂඥ රෝහලක් අවශ්‍ය වුවත් ඇමෙරිකාව සහ ඊශ්‍රායලය, දිගින් දිගටම ඉරානයට ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් කමේනිට ඉරානය තුළ ප්‍රතිකාර කිරීම අපහසු වී ඇති බවත් එම පුවත්පත් ප්‍රකාශ කළේය.
  • ඒ හේතුවෙන් ඉරාන උත්තරීතර නායකයාව ඉතාමත් රහසිගතව රුසියාවට රැගෙන ගොස් ඇති බවත් ඒ සඳහා රුසියානු හමුදා ගුවන් යානයක් ඉරානයට පැමිණ ඇති බවත් එම පුවත්පත් සඳහන් කළේය.
  • රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ආරාධනාව පරිදි ඉරාන උත්තරීතර නායකයාව රුසියාවට රැගෙන ගොස් ඇති බවත් පුටින්ගේ නිල නිවසකදී කමේනි සාර්ථකව ශල්‍යකර්මයකට මුහුණදී ඇති බවත් එම පුවත්පත් පැවැසුවේය.
අකුරු ප්‍රමාණය (Font Size):

එක් පාදයක් අහිමිවී ඇති බවත් අක්මාවටද දැඩිව හානි වී ඇති බවත් කුවේටයේ "අල්-ජරීදා" පුවත්පත සහ බ්‍රිතාන්‍යයේ "ද සන්" පුවත්පත පසුගියදා වාර්තා කළේය.

ඔහුගේ තුවාලවලට  ප්‍රතිකාර කිරීම සඳහා සියලු පහසුකම් සහිත විශේෂඥ රෝහලක් අවශ්‍ය වුවත් ඇමෙරිකාව සහ ඊශ්‍රායලය, දිගින් දිගටම ඉරානයට ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් කමේනිට ඉරානය තුළ ප්‍රතිකාර කිරීම අපහසු වී ඇති බවත් එම පුවත්පත් ප්‍රකාශ කළේය.

ඒ හේතුවෙන් ඉරාන උත්තරීතර නායකයාව ඉතාමත් රහසිගතව රුසියාවට රැගෙන ගොස් ඇති බවත් ඒ සඳහා රුසියානු හමුදා ගුවන් යානයක් ඉරානයට පැමිණ ඇති බවත් එම පුවත්පත් සඳහන් කළේය.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ආරාධනාව පරිදි ඉරාන උත්තරීතර නායකයාව රුසියාවට රැගෙන ගොස් ඇති බවත් පුටින්ගේ නිල නිවසකදී කමේනි සාර්ථකව ශල්‍යකර්මයකට මුහුණදී ඇති බවත් එම පුවත්පත් පැවැසුවේය.

කමේනිට රුසියාවේදී ප්‍රතිකාර කළ හැකි බව රුසියානු ජනාධිපතිවරයා පසුගිය 12 වැනිදා දුරකතන මාර්ගයෙන් යෝජනා කර ඇති බවත් එදිනම පස්වරුවේ තුවාල ලබා සිටි කමේනිව රුසියාව බලා රැගෙන ගොස් ඇති බවත් එම පුවත්පත් සඳහන් කළේය. මොජ්තබා කමේනි තුවාල ලැබුවේ අයතුල්ලා අලි කමේනි මියගිය ප්‍රහාරයෙන්ද වෙනත් ප්‍රහාරයකින්ද පැහැදිලි නැතැයි එම පුවත්පත් වාර්තා කළේය.

ඉරාන උත්තරීතර නායකයා ලෙස පත්වීමෙන් පසුව මොජ්තබා කමේනි තවමත් ප්‍රසිද්ධියේ පෙනී නොසිටීමට එය හේතුව බවද එම පුවත්පත් සඳහන් කළේය.


(lankadeepa | විමුක්ති එස් රුද්‍රිගු)

LINK



විදෙස් වාර්තා :

Iran's Supreme Leader Mojtaba Khamenei in Russia for Surgery

Is Iran's Mojtaba Khamenei secretly receiving medical care at Putin's residence in Russia?

'Lost one leg': Iran's new leader Mojtaba Khamenei secretly flown to Russia for surgery, says report

DEAD OR ALIVE? Iran’s injured new leader ‘flown to MOSCOW for leg surgery’ after Putin ‘personally offered help’ as death rumours swirl


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...