BREAKING
ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●
Top Ad
විදේශ

'ඔබ සිටින්නේ මොන පැත්තේද?' : ඉරාන ආරක්ෂක මණ්ඩලයෙන් මුස්ලිම් රටවලට තීරණාත්මක ප්‍රශ්නයක්

T

The Leader Desk

March 17, 2026 • 3:47 AM

'ඔබ සිටින්නේ මොන පැත්තේද?' : ඉරාන ආරක්ෂක මණ්ඩලයෙන් මුස්ලිම් රටවලට තීරණාත්මක ප්‍රශ්නයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරානයට එරෙහි ඇමෙරිකා ඊශ්‍රායල් ප්‍රහාර මධ්‍යයේ මුස්ලිම් ලෝකයේ රටවල් තම ස්ථාවරය පැහැදිලි කළ යුතු බව ඉරානයේ ඉහළ ජාතික ආරක්ෂක මණ්ඩලයේ ලේකම් අලි ලරිජානි (Ali Larijani ) ප්‍රකාශ කර ඇති බව පලස්තීන් ක්‍රොනිකල් වාර්තා කරයි.
  • යුද්ධය අතරතුර බොහෝ ඉස්ලාමීය රටවල් ඉරානයට ලබා දුන්නේ  සීමිත සහයක් බවටද ඔහු විවේචනය කර ඇත.
  • ලරිජානි අවධාරණය කරන්නේ සීමිත අවස්ථා කිහිපයක් හැර බොහෝ රටවල් දේශපාලන ප්‍රකාශන මට්ටමෙන් පමණක් ඉරානයට සහාය දක්වා ඇති බවයි.
  • සිය භූමිය තුළ පිහිටි එක්සත් ජනපද හමුදා කඳවුරු ඉරානයට එරෙහි ප්‍රහාර සඳහා භාවිතාවට දී එවැනි කඳවුරු ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් ඉරානය විවේචනය කරන ස්ථාවරයද ඔහු ප්‍රශ්න කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉරාන ජනතාව ශක්තිමත් ජාතික ප්‍රතිරෝධයකින් ප්‍රහාරකයන්  උපායමාර්ගික අර්බුදයකට යවා ඇති පසුබිමක "ඔබ සිටින්නේ කුමන පැත්තේද?”  යනුවෙන් ලරිජානි මුස්ලිම් ආන්ඩුවලට පැනයක් යොමුකර ඇතැයි එහි සඳහන් වේ.

යුද්ධය අතරතුර බොහෝ ඉස්ලාමීය රටවල් ඉරානයට ලබා දුන්නේ  සීමිත සහයක් බවටද ඔහු විවේචනය කර ඇත.

ලරිජානි අවධාරණය කරන්නේ සීමිත අවස්ථා කිහිපයක් හැර බොහෝ රටවල් දේශපාලන ප්‍රකාශන මට්ටමෙන් පමණක් ඉරානයට සහාය දක්වා ඇති බවයි.

සිය භූමිය තුළ පිහිටි එක්සත් ජනපද හමුදා කඳවුරු ඉරානයට එරෙහි ප්‍රහාර සඳහා භාවිතාවට දී එවැනි කඳවුරු ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් ඉරානය විවේචනය කරන ස්ථාවරයද ඔහු ප්‍රශ්න කළේය.

ali larjani irgc mix pc

“එම රටවල් තුළ ඇති ඇමරිකානු කඳවුරු ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට භාවිතා කරන විට, ඉරානය අත බැඳගෙන බලා සිටිය යුතුද?” ලරිජානි ප්‍රශ්න කළේය.

ඒ අනුව මුස්ලිම් රටවල ආන්ඩු නොසඟවා සිය ස්ථාවර කිව යුතු යැයි ඉරාන ආරක්ෂක මණ්ඩල ලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කළ බව පලස්තීන් ක්‍රොනිකල් පවසයි.

(සටහන | ගිම්හාන් ද සිල්වා)


මුලාශ්‍ර :

What Kind of Islam Is This?’ — Larijani’s Full Message to a Silent Muslim World

Larijani rebukes UAE, other Islamic states for not backing Iran during war

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...