BREAKING
ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●
Top Ad
විදේශ

'නිව්යෝක් ටයිම්ස් , වෝල් ස්ට්‍රීට් නීච ප්‍රකාශන' - ඩොනල්ඩ් ට්‍රම්ප්

T

The Leader Desk

March 17, 2026 • 5:10 AM

'නිව්යෝක් ටයිම්ස් , වෝල් ස්ට්‍රීට් නීච ප්‍රකාශන' - ඩොනල්ඩ් ට්‍රම්ප්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ද වෝල් ස්ට්‍රීට් ජර්නල් (The Wall Street Journal) සහ ද නිව්යෝක් ටයිම්ස් (The New York Times) යනු නීච පුවත්පත් යැයි ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත.
  • ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ට්‍රම්ප් පවසා තිබුණේ “ඒ අතරින් පහෙන් හතරකට සැලකිය යුතු හානි කිසිවක් නොමැති අතර ඒවා දැනටමත් නැවත සේවයට එක් කර ඇත.
  • ව්‍යාජ පුවත් ශීර්ෂයන්හි සඳහන් කළ පරිදි එකක්වත් විනාශ වී නැත, එයට ආසන්නවත් නැත,” යනුවෙනි.
  • ඇමෙරිකානු ෆෙඩරල් සන්නිවේදන කොමිසමේ සභාපති ⁣බ්‍රෙන්ඩන් කාර් ඊට පෙර සිටම ඇතැම් මාධ්‍යවලට අනතුරු අඟවා තිබිණ.    ⁣බ්‍රෙන්ඩන් කාර් "නීතිය පැහැදිලියි.
අකුරු ප්‍රමාණය (Font Size):


සවුදි අරාබියේ ප්‍රින්ස් සුල්තාන් එයාබේස්හි (Prince Sultan Air Base) තිබූ ඉන්ධන පිරවුම් ටැංකර් ගුවන් යානා පහකට ඉරාන මිසයිල ප්‍රහාර එල්ල වී ඇති බවට ද වෝල් ස්ට්‍රීට් ජර්නල් කළ වාර්තාව ඊට මූලික වී තිබේ.

ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ට්‍රම්ප් පවසා තිබුණේ “ඒ අතරින් පහෙන් හතරකට සැලකිය යුතු හානි කිසිවක් නොමැති අතර ඒවා දැනටමත් නැවත සේවයට එක් කර ඇත. ව්‍යාජ පුවත් ශීර්ෂයන්හි සඳහන් කළ පරිදි එකක්වත් විනාශ වී නැත, එයට ආසන්නවත් නැත,” යනුවෙනි.

ඇමෙරිකානු ෆෙඩරල් සන්නිවේදන කොමිසමේ සභාපති ⁣බ්‍රෙන්ඩන් කාර් ඊට පෙර සිටම ඇතැම් මාධ්‍යවලට අනතුරු අඟවා තිබිණ. 

 

kar⁣බ්‍රෙන්ඩන් කාර්
"නීතිය පැහැදිලියි. විකාශකයන් මහජන යහපතට ක්‍රියා කළ යුතුය. එසේ නොකරන්නේ නම් ඔවුන්ගේ බලපත්‍ර අහිමි වනු ඇත,” යනුවෙන් කාර්  X (Twitter) වෙත කළ සටහනක ලියා තිබුණි.

ඉරානයේ යුද්ධයේ තුන්වන සතිය ආරම්භ වෙද්දී ඇමෙරිකානු ජනපති සහ මාධ්‍ය අතර ගැටුම මතු වූ අතර එක්සත් ජනපද කොංග්‍රසයේ ඩිමොක්‍රටික් නියෝජිතයෝ සහ නිදහස් ප්‍රකාශනය සඳහා පෙනී සිටින ක්‍රියාකාරීහු රූපවාහිනී විකාශකයන්ට එරෙහිව සන්නිවේදන කොමිසමේ (Federal Communications Commission) තර්ජන ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු සංශෝධනයෙන් (First Amendment) ලබා දෙන නිදහස් ප්‍රකාශන අයිතිය උල්ලංඝනය කිරීමක් ලෙස විවේචනය කරති.

elisaboth

“ ට්‍රම්ප්ගේ ඉරාන යුද්ධයේදී තමන්ට නොකැමති අදහස් නිසා නිදහස් ප්‍රකාශනය රජය විසින් වාරණය කරනු ලැබීම නීති විරෝධීයි,” යනුවෙන් මැසචුසෙට්ස් ප්‍රාන්තයේ ඩිමොක්‍රටික් සෙනෙට් මන්ත්‍රීවරිය වූ එලිසබෙත් වොරන් (Elizabeth Warren) එක්ස් පනිවුඩයක ලියා තිබුණාය.

“මෙම තර්ජනය අධිකාරිවාදී පාලන රටාවක (authoritarian playbook) පැහැදිලි උදාහරණයක්,” ඇය වැඩිදුරටත් සඳහන් කර තිබිණ.

(සටහන | ගිම්හාන් ද සිල්වා)


මුලාශ්‍ර :

Trump backs FCC chief’s threat to broadcasters, criticizing Iran war coverage

Trump’s FCC chair faces backlash after threatening broadcasters over Iran war coverage: ‘Flagrantly anti First Amendment’

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'නිව්යෝක් ටයිම්ස් , වෝල් ස්ට්‍රීට් නීච ප්‍රකාශන' - ඩොනල්ඩ් ට්‍රම්ප් | The Leader