BREAKING
ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●
Top Ad
විදේශ

ඉරාන ආරක්ෂක ප්‍රධානී අනතුරක?

T

The Leader Desk

March 17, 2026 • 10:48 AM

ඉරාන ආරක්ෂක ප්‍රධානී අනතුරක?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊශ්‍රායල හමුදා, ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානී ඉලක්ක කර පහරදුන් බව පවසති. ඔහුගේ ඉරණම කුමක් දැයි තවමත් වාර්තා නොවේ. ඉරානය ද ඒ පිලිබඳ මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැත.
  • එරට  වැඩිම ඉන්දන අපනයනය කෙරෙන ඛාර්ග් දිවයිනේ දෛනික කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව ද කීය.
  •   එම දිවයිනට සිදු වන ඕනෑම සතුරු ප්‍රහාරයකදී හෝර්මුස් අර්බුදයට ඉඳුරා වෙනස් අතිශය තීරණාත්මක ව්‍යසනයකට ලොව ගොදුරු වනු ඇතැයි ද ඔහු අනතුරු ඇඟවීය.
  • මේ වන විට, ඉරානය විසින් එක්සත් ජනපදය, ඊශ්‍රායලය සහ එම සන්ධානයට අයත් නෞකා හෝර්මුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ යාත්‍රා කිරීම තහනම් කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ අතර ඉරාන තෙල් නිෂ්පාදනයට සහ අපනයන ක්‍රියාවලිය කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව සිදු කෙරෙන බව එරට පාර්ලිමේන්තු බලශක්ති කොමිසමේ ප්‍රකාශක අද (17) පැවසීය. එරට  වැඩිම ඉන්දන අපනයනය කෙරෙන ඛාර්ග් දිවයිනේ දෛනික කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව ද කීය.

 

yru

එම දිවයිනට සිදු වන ඕනෑම සතුරු ප්‍රහාරයකදී හෝර්මුස් අර්බුදයට ඉඳුරා වෙනස් අතිශය තීරණාත්මක ව්‍යසනයකට ලොව ගොදුරු වනු ඇතැයි ද ඔහු අනතුරු ඇඟවීය. මේ වන විට, ඉරානය විසින් එක්සත් ජනපදය, ඊශ්‍රායලය සහ එම සන්ධානයට අයත් නෞකා හෝර්මුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ යාත්‍රා කිරීම තහනම් කර තිබේ.

මේ අතර ඉරාන හෝර්මුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ ඉරාක ඉන්දන නෞකා යාත්‍රා කිරීමට අවසර ඉල්ලා දෙරට අතර සාකච්ඡා සිදු කර ඇත. අතහැර දමා තිබු සැපයුම් නල පද්ධතියක් ඔස්සේ ඉරාකයේ සිට තුර්කිය වෙත ඉන්දන සම්පාදනයට ද අවධානය යොමුව තිබේ.

(සටහන |Reuters  ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
3/17/2026
(harshaprs@yahoo.com)

මුලාශ්‍ර :

Israeli military strike targeted Iran's security chief Larijani, fate unclear, officials say

Iranian oil production and exports continue without interruption, official says

Iraq in talks with Iran to safeguard oil tanker traffic through Hormuz

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...