BREAKING
ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●
Top Ad
විදේශ

'මිත්‍ර සන්ධානය දණ ගස්වනවා' - මොජ්තබා ඛමෙනි

T

The Leader Desk

March 17, 2026 • 3:26 PM

 'මිත්‍ර සන්ධානය  දණ ගස්වනවා' - මොජ්තබා ඛමෙනි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊශ්‍රායල හමුදා අද (17), ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානි ඝාතනය කළහ.
  • මැදහත් රාජ්‍ය කිහිපයක්, එක්සත් ජනපදය සමග සටන් විරාමයකට යන ලෙස දැනටමත් ඉරාන රජයෙන් ඉල්ලා තිබේ.
  • මෙම අවස්ථාව සටන් විරාම සාකච්ඡා පිණිස නොවන බව සිය ප්‍රථම විදෙස් කතාබහට එක් වූ ඛමෙනි සඳහන් කළේය.
  • එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය සිය දෙපා මුල දණ ගැස්විය යුතු බව ඔහු කියා සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉරාන ප්‍රහාර තීව්‍රතාව සමනය කරන ලෙස මැදහත් පාර්ශව කළ ඉල්ලීම් එරට නව උත්තරීතර නායක අයතොල්ලා මොජ්තබා ඛමෙනි විසින් ප්‍රතික්ෂේප කර තිබේ. ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය ඉරානය ඉදිරියේ දණ ගැස්විය යුතු යැයි ඔහු කියයි.

මැදහත් රාජ්‍ය කිහිපයක්, එක්සත් ජනපදය සමග සටන් විරාමයකට යන ලෙස දැනටමත් ඉරාන රජයෙන් ඉල්ලා තිබේ.

මෙම අවස්ථාව සටන් විරාම සාකච්ඡා පිණිස නොවන බව සිය ප්‍රථම විදෙස් කතාබහට එක් වූ ඛමෙනි සඳහන් කළේය.

එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය සිය දෙපා මුල දණ ගැස්විය යුතු බව ඔහු කියා සිටියේය. ඔවුන් පරාජය පිළිගත යුතු බවත්, වන්දි ගෙවිය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.

ඉරානයේ නව උත්තරීතර නායකයා බවට තේරී පත් වීමෙන් අනතුරුව ඛමෙනි තවමත් ප්‍රසිද්ධ පෙනී සිටීමකට නොපැමිණියේය.

මැද පෙරදිග යුද්ධයෙන් මේ වන විට 2000කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව සිටිති. එහි නිමාවක් තවමත් දක්නට නොවේ.

(සටහන |Reuters  ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
3/17/2026
(harshaprs@yahoo.com)

මුලාශ්‍රය :

Iran rejects de-escalation offers; Israel says it kills Iranian security chief


 

 

whatsapp 202507155

fuel 1
fuel 2

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'මිත්‍ර සන්ධානය දණ ගස්වනවා' - මොජ්තබා ඛමෙනි | The Leader