BREAKING
ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●
Top Ad
විදේශ

ඉරාන යුද්ධය පිටුපස කුමන්ත්‍රණයක් ! - ඊශ්‍රායලය ට්‍රම්ප්ව ‘ගොනාට අන්දලා’ යුද්ධයට පටලලා !! - ජෝසප් කෙන්ට් ඉල්ලා අස්වෙයි

T

The Leader Desk

March 18, 2026 • 5:32 AM

ඉරාන යුද්ධය පිටුපස කුමන්ත්‍රණයක් ! - ඊශ්‍රායලය ට්‍රම්ප්ව ‘ගොනාට අන්දලා’ යුද්ධයට පටලලා !! - ජෝසප් කෙන්ට් ඉල්ලා අස්වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මැදපෙරදිග ගැටුම උග්‍ර වෙමින් පවතින මේ මොහොතේ, අමෙරිකානු ජාතික ප්‍රතිත්‍රස්ත මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂ ජෝසප් කෙන්ට් විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය හරහා ඉතා බරපතළ හෙළිදරව්වක් සිදුකර ඇති බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරයි.
  • ට්‍රම්ප්ගේ පළමු ධුර කාලය තුළදී, අනවශ්‍ය යුද්ධවලට අමෙරිකාව ඇද දැමීමෙන් වළක්වා ගැනීමට ඔහුට පැහැදිලි අවබෝධයක් තිබූ බවද කෙන්ට් සඳහන් කරයි.
  • කෙසේ වෙතත්, දෙවන ධුර කාලය ආරම්භ වීමත් සමඟම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වූ බව ඔහු චෝදනා කරයි.
  • ඔහු අනාවරණය කරන්නේ, ඊශ්‍රායලයේ නායකත්වය ඇතුළු ඉහල නිලධාරීන් සහ අමෙරිකානු මාධ්‍යවල බලගතු පිරිස් එක්ව ඉතා සූක්ෂ්ම ලෙස වැරදි තොරතුරු ප්‍රචාරය කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කර ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ව මුලා කර ඇති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


කෙන්ට් පවසන පරිදි, ඔහු 2016, 2020 සහ 2024 වසරවලදී ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රමුඛ කළ “America First” විදේශ ප්‍රතිපත්තිය වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයෙකි. ට්‍රම්ප්ගේ පළමු ධුර කාලය තුළදී, අනවශ්‍ය යුද්ධවලට අමෙරිකාව ඇද දැමීමෙන් වළක්වා ගැනීමට ඔහුට පැහැදිලි අවබෝධයක් තිබූ බවද කෙන්ට් සඳහන් කරයි.

skynews joe kent donald trump 7195614

කෙසේ වෙතත්, දෙවන ධුර කාලය ආරම්භ වීමත් සමඟම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වූ බව ඔහු චෝදනා කරයි. ඔහු අනාවරණය කරන්නේ, ඊශ්‍රායලයේ නායකත්වය ඇතුළු ඉහල නිලධාරීන් සහ අමෙරිකානු මාධ්‍යවල බලගතු පිරිස් එක්ව ඉතා සූක්ෂ්ම ලෙස වැරදි තොරතුරු ප්‍රචාරය කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කර ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ව මුලා කර ඇති බවයි. හරියටම එය බළලුන් ලවා කොස් ඇට බෑවීමක් බව අවධාරණය කර ඇත.

එමගින්, ඉරානයෙන් අමෙරිකාවට ක්ෂණික තර්ජනයක් පවතින බවත්, දැන්ම ප්‍රහාරයක් එල්ල කළහොත් ඉතා ඉක්මන් ජයග්‍රහණයක් ලබාගත හැකි බවත් පෙන්වා, ට්‍රම්ප්ව මුළා කර යුද්ධයකට ඇද දැමූ බව ලිපියේ දැක්වේ.

කෙන්ට්ගේ ප්‍රකාශය අනුව, මෙය හුදු දේශපාලනික තීරණයක් නොව, ඉතා සැලසුම්ගත “තොරතුරු යුද්ධයක්” වන අතර, ඒ හරහා “America First” ප්‍රතිපත්තිය පවා යටපත් කරමින් ඉරානය සමඟ ගැටුමකට පසුබිම සකස් කර ඇත.

 

ඔහු තවදුරටත් අවධාරණය කරන්නේ, මෙය ඊශ්‍රායලය විසින් අතීතයේදී ඉරාක යුද්ධය සඳහා අමෙරිකාව ඇද ගැනීමට භාවිතා කළ උපක්‍රමයම වන බවත්, ඉරාකය සම්බන්ද දුන් සියළුම තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්ය.

ඒ අනුව, මෙම චෝදනා අනුව පැහැදිලි වන්නේ, ඊශ්‍රායලයට සම්බන්ධ බලවේග විසින් ට්‍රම්ප්ව වැරදි තොරතුරු මගින් ගොනාට අන්දලා, ඉරානය සමඟ යුද්ධයකට පසුබිම සකස් කර ඇති බවට දැඩි සැකයක් මතුවීමයි.


මෙලෙස වයස අවුරුදු 80කට ආසන්න වන ට්‍රම්ප් ඇතුළු කණ්ඩායම විසින් මුළු ලෝකයම සැලසුම් සහගත අර්බුධයකට ඇද දමා ඇත.

මේ වයස අවුරුදු 80කට ආසන්න ට්‍රම්ප් සහ නෙතන්යාහු දෙදෙනා ලෝක ජනතාවට දැඩි පීඩනයක් එල්ල කරමින් ඇත්තේ මුළු ලෝකයම දැඩි ආර්ථික අර්බුදයකට ඇද දමමිනි.

(සටහන | Mahesh Sampath Dillimuni)
මාධ්‍යවේදී

උපුටා ගැනීම - Mahesh Sampath Dillimuni ගේ ෆේස්බුක් පිටුවෙන්..



විදෙස් පුවත් :

US National Counterterrorism Center director Joe Kent resigns over Iran war

Top US counterterrorism official resigns over Iran war, urging Trump to 'reverse course'

‘Iran posed no imminent threat to our nation’: Trump-appointed intelligence official resigns over Iran war

Joe Kent, a Top U.S. Counterterrorism Official, Resigns Over the Iran War

Top counterterrorism official Kent resigns over Trump’s Iran war, says Iran posed no imminent threat

 

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඉරාන යුද්ධය පිටුපස කුමන්ත්‍රණයක් ! - ඊශ්‍රායලය ට්‍රම්ප්ව ‘ගොනාට අන්දලා’ යුද්ධයට පටලලා !! - ජෝසප් කෙන්ට් ඉල්ලා අස්වෙයි | The Leader