BREAKING
ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●
Top Ad
විදේශ

යුද්ධයේ බිහිසුණු අවිය - ඉරාන පොකුරු මිසයිලය

T

The Leader Desk

March 19, 2026 • 7:51 AM

යුද්ධයේ බිහිසුණු අවිය - ඉරාන පොකුරු මිසයිලය  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරානය ඊයේ (18) දිනයේ ද පොකුරු මිසයිල යොදා ගනිමින් ඊශ්‍රායලය වෙත ප්‍රහාර එල්ල කළේය.
  • එම ප්‍රහාර හේතුවෙන් එහි 70වන වියෙහි පසු වූ යුවලක් ජීවිතක්ෂයට පත් ව ඇතැයි, වාර්තා වේ.
  • ඉරාන රෙජීමය, ඊශ්‍රායලයේ ජනාවාස ඉලක්ක කර එහි මධ්‍යයටම පොකුරු මිසයිල ප්‍රහාර එල්ල කළ බව, ඊශ්‍රායල හමුදා ප්‍රකාශක ලුතිනන් කර්නල් නදාව් ෂොශානි මාධ්‍යයට පැවසීය.
  • ඉරානය හිතා මතා එය සිදු කර ඇතැයි ද, එය යුද අපරාධයක් යැයි ද ඔහු චෝදනා කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉන්,ඊශ්‍රායල ගුවන් ආරක්ෂක පද්ධතිය ඉමහත් වෙහෙසට පත් විය.

එම මිසයිල, පොකුරු යුද ශීර්ෂයන් ගෙන් සමන්විත හෙයින්, ගුවනේ ඒවා බිඳී විසිරී යාමට මත්තෙන්, ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් ඒවා නිෂ්ක්‍රීය කළ යුතු වේ. ඊයේ ප්‍රහාර සඳහා ඉරානය එවැනි මිසයිල විශාල සංඛ්‍යාවක් යොදා ගත්තේය.

 



 රාත්‍රිය පුරා ඉරානය එල්ල කළ එම මිසයිල ප්‍රහාර වලකාලීමට ඊශ්‍රායල ගුවන් ආරක්ෂක පද්ධතිය දැඩි වෙහෙසක් දැරීය.

කෙසේ හෝ එක මිසයිලයක් ඉන් සාර්ථකව මිදී ගියෙන්, එහි වූ අනුක පොකුරු බෝම්බ ටෙල් අවිව් නුවර ජනාවාස වෙත පතිතව පුපුරා ගියේය. එම ප්‍රහාර හේතුවෙන් එහි 70වන වියෙහි පසු වූ යුවලක් ජීවිතක්ෂයට පත් ව ඇතැයි, වාර්තා වේ. නගරයේ පිහිටි ප්‍රධාන දුම්රිය ස්ථානයක් ද හානියට පත් විය.

ඉරාන රෙජීමය, ඊශ්‍රායලයේ ජනාවාස ඉලක්ක කර එහි මධ්‍යයටම පොකුරු මිසයිල ප්‍රහාර එල්ල කළ බව, ඊශ්‍රායල හමුදා ප්‍රකාශක ලුතිනන් කර්නල් නදාව් ෂොශානි මාධ්‍යයට පැවසීය. ඉරානය හිතා මතා එය සිදු කර ඇතැයි ද, එය යුද අපරාධයක් යැයි ද ඔහු චෝදනා කළේය.

 

still 22442302 6668 934 still
ඊශ්‍රායලය වෙත එල්ල වන සතුරු ගුවන් ප්‍රහාර නිෂ්ක්‍රීය කිරීමට, හැකි ඉහළම පියවර ගන්නා බව ද හෙතෙම පැවසීය.

රටවල් සියයකට අධික සංඛ්‍යාවක් විසින් මේ වන විටත් පොකුරු බෝම්බ සහ එම මිසයිල භාවිතය තහනම් කර තිබේ. එම මිසයිල මුදා හළ පසු ගුවනේ විවර වේ. ඉන් පසු සිය ගණනක් කුඩා බෝම්බ වශයෙන් ඒවා ඉහළ අහසේ, විසිර ප්‍රදේශය පුරා පතිත වන්නේය. බොහෝ විට, එම අනුක බෝම්බ පතිත වීමෙන් අනතුරුව පුපුරා නොයයි. එමගින් අතථ්‍ය බිම් බෝම්බ පිටියක් නිර්මාණය කෙරේ. පසුව ඒවා ස්පර්ශ කිරීමේදී හෝ අහුලා ගැනීමේ දී පුපුරා ජීවිත හානි සිදු වේ.  

2008 වසරේ ඩබ්ලින් හි පැවති ජාත්‍යන්තර සමුළුවකට සහභාගි වූ රටවල් සියයකට අධික සංඛ්‍යාවක් පොකුරු අවි භාවිතයට එරෙහි සම්මුතියකට පිවිසියහ. එම රටවල් විසින් ඒවා භාවිතය තහනම් කෙරිණි. එහෙත්, ඊශ්‍රායලය සහ ඉරානය ඊට එක් නොවූහ. එක්සත් ජනපදය, චීනය සහ රුසියාව ද එම මග ගත්හ.

cluter missiles398
ඊශ්‍රායලය දැන්, වීඩියෝ දර්ශන ඔස්සේ ඒ පිලිබඳ නවතම දැනුම්වත් කිරීම් සිදු කර ඇත. විශේෂයෙන්, එම අනුක පුපුරන ද්‍රව්‍ය ස්පර්ශ කිරීමෙන් කුඩා ළමුන් සහ සුරතල් සතුන් ජීවිතක්ෂයට පත් විය හැකි බවට අනතුරු අඟවා තිබේ. ඒවා අන්තරායකර පුපුරන උගුල් ලෙස එහි දැක්වේ.

පෙබරවාරි 28, ඉරානය වෙත එක්සත් ජනපද - ඊශ්‍රායල සභාග ප්‍රහාර ඇරඹි තැනතැන් සිට මෙතෙක්, ඉරාන හමුදා වැඩි වශයෙන් ප්‍රහාර එල්ල කර ඇත්තේ පොකුරු යුද ශීර්ෂ භාවිතා කරමින් බව, ඊශ්‍රායලය කියයි. පසු ගිය වසරේ ජුනි මස පැවති ගැටුම් අතරතුර ද ඉරානය එම අවි යොදාගනිමින් ප්‍රහාර එල්ල කළේය.

ඉරාන මිසයිල සතු පොකුරු යුද ශීර්ෂ, උප ශීර්ෂ 24කින් පමණ සමන්විත වේ. ඒ සෑම එකකම කි.ග්‍රෑ. 2 - 5 ත් අතර පුපුරන ද්‍රව්‍ය ප්‍රමාණයක් අඩංගු ය. කි.මී. 7 - 10ත් අතර  භූමියට ඉහළ අහසේ ඒවා විවර ව විසිරේ. එවිට  විශාල ආවරණ කලාපයක් වෙත ප්‍රහාර පතිත වේ. භූමිය මත හෝ වෙනත් තද පෘෂ්ටයක් මත ගැටීමෙන් එම අනුක බෝම්බ  පුපුරා යන ලෙස නිෂ්පාදනය කර ඇත. සාමාන්‍යයෙන් එහි ක්‍රියාකාරිත්වය අත් බෝම්බයකට සමාන ය.

ඉරානය විසින් එල්ල කෙරෙන එම ප්‍රහාර බහුතරය ඊශ්‍රායලය සතු 'ඇරෝ - 3' (Arrow-3) බැලස්ටික් මිසයිල නාශක පද්ධතිය මගින් විනාශ කෙරේ.

 

e568567yh
පොකුරු මිසයිල අනතුරින් මිදීමට නම්, ඒවා ඉලක්ක ප්‍රදේශයෙන් එපිට  හැකි තාක් ඉහළ අවකාශයේ දී විනාශ කළ යුතු ය. එම මිසයිල සතු පොකුරු යුද ශීර්ෂ ගුවනේ විවර වීමෙන්  අනතුරුව කිසි ලෙසකින් හෝ ඒවා විනාශ කළ නොහැක.

ඊශ්‍රායලයේ ප්‍රහාරක ශක්‍යතා ද අති  ප්‍රබල ය. ඔවුහු  ඉරානයේ ඉලක්ක සිය ගණනක් වෙත ප්‍රහාර එල්ල කළහ. ඉරාන මිසයිල මුදා හරින මධ්‍යස්ථාන ද එහි ඉලක්ක විය. යුද්ධය ඇරඹි දා සිට මෙතෙක්, ඉරාන වැසියන් 3000කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව සිටිති.

"ඉරානයේ මිසයිල දියත්කරණ  ශක්‍යතා අප විසින් මේ වන විටත් අතිශයින් දුර්වල කර තිබෙනවා. ඊට අප සතු ගුවන් ආරක්ෂක පද්ධතිය ද ප්‍රබල පිටුවහලක්. සයිරන් හඬ ඇසෙත්ම ජනතාව භූගත ආරක්ෂක බංකර වෙත දිව යනවා. එම සම්මිශ්‍රණය යුද්ධයෙන් ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමට සමත්ව තිබෙනවා. එහෙත්, තවමත් එය පරිපුරන ශක්‍යතාවක් නොවන බව ද අප දන්නවා," ටෙල් අවිව් විශ්ව විද්‍යාලයේ ජාතික ආරක්ෂක අධ්‍යයනායතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂක, යෙහොෂුවා කැලිස්කි පවසයි.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Iranian cluster missiles pose extra challenge for Israel's air defences

 

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...