BREAKING
ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●
Top Ad
විදේශ

'කටාර් ප්‍රහාර නතර නොකළොත් සවුත් පාස් වනසනවා' - ට්‍රම්ප් ඉරානයට කියයි

T

The Leader Desk

March 19, 2026 • 12:24 PM

'කටාර් ප්‍රහාර නතර නොකළොත් සවුත් පාස් වනසනවා' - ට්‍රම්ප් ඉරානයට කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරානයේ පිහිටි ලොව විශාලතම ස්වාභාවික වායු නිධිය වන සවුත් පාස් ගෑස් ( South Pars Gas Field) වෙත එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරය පිළිබඳව ඇමරිකාව හෝ කටාර් රාජ්‍යය කල්තියා දැන නොසිටි බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
  • එම ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරානය කටාර්හි ප්‍රධාන බලශක්ති මධ්‍යස්ථානය වන රාස් ලෆාන් ඉන්ඩස්ට්‍රියල් සිටි ( Ras Laffan Industrial City) වෙත බැලැස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
  • එම ප්‍රහාරයෙන් බලශක්ති පහසුකම්වලට දැඩි හානි සිදුව ඇති බවද තහවුරු කර තිබේ.
  •   මෙම තත්ත්වය මත, ඇමෙරිකන් ජනපති ට්‍රම්ප් Truth Social හරහා දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ, කටාර් රාජ්‍යය වෙත එල්ල වන ප්‍රහාර නතර නොකළහොත් සවුත් පාස් සම්පූර්ණයෙන්ම විනාශ කරන බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඊශ්‍රායලය විසින් එම වායු නිධියට ප්‍රහාරයක් එල්ල කළ බවට වාර්තා දුටු නමුත් ඒ ගැන ඇමරිකාවට කිසිදු පෙර දැනුමක් නොතිබූ බව ට්‍රම්ප් සඳහන් කර තිබේ.

එම ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරානය කටාර්හි ප්‍රධාන බලශක්ති මධ්‍යස්ථානය වන රාස් ලෆාන් ඉන්ඩස්ට්‍රියල් සිටි ( Ras Laffan Industrial City) වෙත බැලැස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. එම ප්‍රහාරයෙන් බලශක්ති පහසුකම්වලට දැඩි හානි සිදුව ඇති බවද තහවුරු කර තිබේ.

67wb565

 

මෙම තත්ත්වය මත, ඇමෙරිකන් ජනපති ට්‍රම්ප් Truth Social හරහා දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ, කටාර් රාජ්‍යය වෙත එල්ල වන ප්‍රහාර නතර නොකළහොත් සවුත් පාස් සම්පූර්ණයෙන්ම විනාශ කරන බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, “ඉරානය නැවතත් මෙවන් ප්‍රහාරයක් සිදුකළහොත්, ඇමරිකා එක්සත් ජනපදය, අවශ්‍ය නම් ඊශ්‍රායලයේ සහාය ඇතිව හෝ නැතිව, ඉරානය මෙතෙක් දැක නොමැති ශක්තියකින් ප්‍රතිචාර දක්වනු ඇත” යනුවෙනි.

567b6tyjhdgs

 

South Pars Gas Field යනු ඉරානය හා කටාර් අතර මුහුදු සීමාවේ පිහිටි ලොව විශාලතම ස්වභාවික වායු නිධියක් වන අතර, එය ලෝක බලශක්ති සැපයුමට අතිශය වැදගත් මූලාශ්‍රයක් ලෙස සැලකේ.

විශේෂඥයන් අනාවරණය කරන්නේ, මෙම වායු නිධියට හෝ කටාර්හි LNG පහසුකම්වලට තවදුරටත් ප්‍රහාර එල්ල වුවහොත්, ගෝලීය බලශක්ති සැපයුමට දැඩි බලපෑම් එල්ලවීමත් සමඟ විශාල බලශක්ති අර්බුදයක් උද්ගතවීමේ අවදානමක් පවතින බවයි.

(සටහන | ගිම්හාන් ද සිල්වා)

මුලාශ්‍ර :

Trump threatens to ‘blow up’ all of Iran’s South Pars gasfield if Tehran strikes Qatar

Trump warns will ‘blow up’ South Pars gas field in Iran if strikes against Qatar energy continue

 

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...