BREAKING
ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●
Top Ad
විදේශ

සිරියානු ඉලක්ක වෙත ඊශ්‍රායලය පහර දෙයි

T

The Leader Desk

March 20, 2026 • 11:51 AM

සිරියානු ඉලක්ක වෙත ඊශ්‍රායලය පහර දෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊශ්‍රායල හමුදා සිරියාවේ රාජ්‍ය යටිතල පහසුකම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළහ. ඊයේ (19) රාත්‍රිය පුරා එම ප්‍රහාර ක්‍රියාත්මක කෙරිණි.
  • සිරියානු හමුදා අණ මධ්‍යස්ථානයක් සහ දකුණු සිරියාවේ හමුදා පරිශ්‍රයන් හි වූ අවි, සිය ඉලක්ක වූ බැව් එම හමුදා ප්‍රකාශ කළහ.
  • ඊශ්‍රායලය සැම  විටම එම ජනතාව ආරක්ෂා කරන බවත්, කලාපීය ප්‍රවණතා පිලිබඳ අවධානයෙන් පසුවන බවත් ඔවුහු ප්‍රකාශ කරති.
  • ඔවුන්ගේ ඉතිහාසය 11 වන සියවස තෙක් පැරණි  අතර ඉස්ලාම් පාර්ශවයකින් පැවත එන ජන කොටසකි.
අකුරු ප්‍රමාණය (Font Size):


සිරියාවේ ස්වෙයිදාහි ඩ්රූස් සිවිල් වැසියන් ඉලක්ක කර සිදු කළ ප්‍රහාර වෙත ප්‍රතිචාර වශයෙන් එම පහරදීම් සිදු කළ බව ඊශ්‍රායල හමුදා පැවසූහ.

සිරියානු හමුදා අණ මධ්‍යස්ථානයක් සහ දකුණු සිරියාවේ හමුදා පරිශ්‍රයන් හි වූ අවි, සිය ඉලක්ක වූ බැව් එම හමුදා ප්‍රකාශ කළහ.  ඩ් රූස් ජනගහනයට එරෙහි ප්‍රහාර සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමට සූදානම් නැතැයි,  ඊශ්‍රායල හමුදා කීහ. ඊශ්‍රායලය සැම  විටම එම ජනතාව ආරක්ෂා කරන බවත්, කලාපීය ප්‍රවණතා පිලිබඳ අවධානයෙන් පසුවන බවත් ඔවුහු ප්‍රකාශ කරති.

ඩ් රූස් ජනයා මැද පෙරදිග රටවල් කිහිපයක් පාදකව වෙසෙන කුඩා එහෙත් ඓතිහාසික ජන කොටසක් සේ සැලකේ. ඔවුන්ගේ ඉතිහාසය 11 වන සියවස තෙක් පැරණි  අතර ඉස්ලාම් පාර්ශවයකින් පැවත එන ජන කොටසකි.

ලෙබනනය, සිරියාව, ඊශ්‍රායලය සහ ගෝලාන් කඳුකරය මූලික කොට එම ජනාවාස ඉදි කර තිබේ. ඔවුන් ඒක දේව වාදී ජන සමූහයක්  වන අතර පුනරුත්පත්තිය පිලිබඳ විශ්වාස ඇති පිරිසකි. ඔවුහු සිය ප්‍රජාව සමග දැඩි විශ්වසනීයත්වයකින් බැඳී සිටිති.  සැම  විටම ප්‍රජාව තුළ පමණක් ආවාහ - විවාහ සිදු කෙරේ. ඔවුහු සිය වාස භූමියට දැඩිව ඇලුම් කරති.  ඩ් රූ ස් ජන කොටසට අයත් විශාල පිරිසක් ඊශ්‍රායල හමුදා සේවයේ නිරත වෙති.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ  උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Israeli military says it struck Syrian government targets after attacks on Druze civilians

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...