BREAKING
ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●
Top Ad
විදේශ

'හෝමූස් විවෘත කරන්න, නැතිනම් බලාගාර විනාශ කරනවා': ට්‍රම්ප් ඉරානයට අනතුරු අඟවයි -ටෙහෙරාන් ප්‍රතිචාර දක්වයි

T

The Leader Desk

March 22, 2026 • 5:19 AM

'හෝමූස් විවෘත කරන්න, නැතිනම් බලාගාර විනාශ කරනවා': ට්‍රම්ප් ඉරානයට අනතුරු අඟවයි -ටෙහෙරාන් ප්‍රතිචාර දක්වයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හෝමූස් සමුද්‍ර සන්ධිය පැය 48ක් තුළ විවෘත නොකළහොත් ඉරානයේ සියලු බලාගාර විනාශ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
  • ඒ අනුව සිය සටහන තබන කාලයේ සිට පැය 48ක අනතුරු ඇඟවීමේ කාලය ආරම්භ වන බව ද එහි සඳහන් වේ.
  • ඒ අනුව එනම් මාර්තු 23 වන දින GMT 23:44 දක්වා ඉරානයට සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට අවකාශය හිමිවන බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙයි.
  • ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමට ඉරානයෙන් ප්‍රතිචාර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදුකළ පැය 48 ක අවසාන නිවේදනයට ප්‍රතිචාර දක්වමින්, ඉරානය ද දැඩි අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මේ බව ප්‍රකාශ කළේ, සිය Truth Social වෙත සටහනක් තබමිනි.

ඒ අනුව සිය සටහන තබන කාලයේ සිට පැය 48ක අනතුරු ඇඟවීමේ කාලය ආරම්භ වන බව ද එහි සඳහන් වේ.

654957425 1432983575176198 8557792985926775651 n
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාර්තු 21 වන දින GMT 23:44ට මෙම සටහන පළ කළේය.

ඒ අනුව එනම් මාර්තු 23 වන දින GMT 23:44 දක්වා ඉරානයට සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට අවකාශය හිමිවන බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙයි.

ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමට ඉරානයෙන් ප්‍රතිචාර

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදුකළ පැය 48 ක අවසාන නිවේදනයට ප්‍රතිචාර දක්වමින්, ඉරානය ද දැඩි අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

https cms image bucket productionv3 ap northeast 1 a7d2.s3.ap northeast 1.amazonaws.com images 8 7 3 2 12282378 1 eng GB d324e3e26fbf 2026 03 18T143805Z 1422839583 RC2P1KAS0H3F RTRMADP 3 IRAN CRISIS ENERGY SECURIT

ඉරාන රජයේ මාධ්‍ය වාර්තා කර ඇත්තේ, තම රටේ ඉන්ධන හෝ බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කරගනිමින් අමෙරිකාව කිසියම් හෝ ප්‍රහාරයක් එල්ල කළහොත්, ඒ වෙනුවෙන් සමස්ත ගල්ෆ් කලාපය පුරා විසිරී ඇති අමෙරිකානු සබඳතා සහිත සියලුම බලශක්ති යටිතල පහසුකම් වෙත ප්‍රහාර එල්ල කරන බවයි.

හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත නොකළහොත් ඉරානයේ විශාලතම බලාගාර විනාශ කරන බවට ජනාධිපති ට්‍රම්ප් කළ ප්‍රකාශයත් සමඟ මැදපෙරදිග කලාපයේ යුධමය තත්ත්වය සහ බලශක්ති අර්බුදය අතිශය තීරණාත්මක මට්ටමකට පැමිණ ඇති බව විදෙස් දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

සිකුරාදා ඉරානයට ප්‍රහාර 640ක්

සිකුරාදා (20) දිනයේදී පමණක් ඉරානයේ පළාත් 17කට ප්‍රහාර 640ක් එල්ලවී ඇති බව අමෙරිකාව කේන්ද්‍රකරගත් මානව හිමිකම් ක්‍රියාකාරීන්ගෙන් සමන්විත ප්‍රවෘත්ති ඒජන්සියක් පවසයි.

එම ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 68 දෙනෙකු මිය ගොස් ඇති බව එම ඒජන්සියේ ප්‍රකාශයක් උපුටාදක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම පිරිස ළමුන්, සිවිල් වැසියන් හෝ සොල්දාදුවන් යැයි ඔවුන් විසින් වර්ගීකරණයක් සිදු කර නොමැති බව ද සඳහන් ය.

ftcms 08fdab6e 7c5e 4923 aaa8 86b067191d3d
මැදපෙරදිග යුද තත්ත්වය ආරම්භවී සති තුනක කාලයක් ගතවී ඇති පසුබිමක අවම වශයෙන් පුද්ගලයින් 1,398 දෙනෙකු මිය ගොස් තිබේ.

ඒ අතර දරුවන් 210 දෙනෙකු සිටින බව මානව හිමිකම් ක්‍රියාකාරීන්ගෙන් සමන්විත ප්‍රවෘත්ති ඒජන්සිය පෙන්වා දෙයි.

අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරාන හමුද නිලධාරින් 1,165 දෙනෙකු මිය ගොස් ඇති බවට වාර්තා වෙයි.

එමෙන්ම තවත් මරණ 657ක් වාර්තාවී ඇති අතර ඔවුන් සිවිල්වැසියන් ද එසේ නොමැති නම් හමුදා නිලධාරින් ද යන්න පැහැදිලිව දක්වා නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

විදෙස් මුලාශ්‍ර :

'Open Hormuz Or Will Destroy Power Plants': Trump Warns Iran, Tehran Responds

Middle East war live: Trump sets 48-hour deadline for Iran to open Strait of Hormuz

Trump threatens attacks on Iran’s power plants if Strait of Hormuz isn’t reopened

 

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'හෝමූස් විවෘත කරන්න, නැතිනම් බලාගාර විනාශ කරනවා': ට්‍රම්ප් ඉරානයට අනතුරු අඟවයි -ටෙහෙරාන් ප්‍රතිචාර දක්වයි | The Leader