BREAKING
ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●
Top Ad
විදේශ

හෝමූස් හරහා යන නැවකින් ඉරානයෙන් අමෙරිකානු ඩොලර් මිලියන දෙකක නව බද්දක්

T

The Leader Desk

March 22, 2026 • 3:38 PM

හෝමූස් හරහා යන නැවකින් ඉරානයෙන් අමෙරිකානු ඩොලර් මිලියන දෙකක නව බද්දක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා ගමන් කරන ඇතැම් නෞකාවලින් ඉරානය ඇමරිකානු ඩොලර් මිලියන 02 ක
  • ඉරාන රාජ්‍ය රූපවාහිනිය සමඟ පැවැති සාකච්ඡාවකදී ඔහු සඳහන් කර ඇත්තේ, හෝමුස් සමුද්‍ර සන්ධිය සඳහා මේ වන විට "නව පාලන තන්ත්‍රයක්" (New goveing regime) හඳුන්වා දී ඇති බවයි.
  • "යුද්ධයට පිරිවැයක් පවතින බව" අවධාරණය කළ මන්ත්‍රීවරයා, මෙම පියවර හරහා ඉරාන ඉස්ලාමීය ජනරජය සතු බලය සහ අයිතිය ලොවටම ප්‍රදර්ශනය වන බව ද පවසා ඇත.
  • පවතින යුදමය වාතාවරණය හමුවේ ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකා දැඩි ලෙස පරීක්ෂාවට ලක් කරන අතර, ඊශ්‍රායලය හෝ ඇමරිකාව සමඟ සබඳතා නොමැති බව තහවුරු කෙරෙන නෞකාවලට පමණක් ආරක්ෂිතව ගමන් කිරීමට අවසර ලබා දෙන බව වාර්තා වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ගාස්තුවක් අය කරන බව ඉරාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඇලෙඩින් බෝරුජර්ඩි (Alaeddin Boroujerdi) ප්‍රකාශ කරයි.

ඉරාන රාජ්‍ය රූපවාහිනිය සමඟ පැවැති සාකච්ඡාවකදී ඔහු සඳහන් කර ඇත්තේ, හෝමුස් සමුද්‍ර සන්ධිය සඳහා මේ වන විට "නව පාලන තන්ත්‍රයක්" (New goveing regime) හඳුන්වා දී ඇති බවයි.

"යුද්ධයට පිරිවැයක් පවතින බව" අවධාරණය කළ මන්ත්‍රීවරයා, මෙම පියවර හරහා ඉරාන ඉස්ලාමීය ජනරජය සතු බලය සහ අයිතිය ලොවටම ප්‍රදර්ශනය වන බව ද පවසා ඇත.

පවතින යුදමය වාතාවරණය හමුවේ ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකා දැඩි ලෙස පරීක්ෂාවට ලක් කරන අතර, ඊශ්‍රායලය හෝ ඇමරිකාව සමඟ සබඳතා නොමැති බව තහවුරු කෙරෙන නෞකාවලට පමණක් ආරක්ෂිතව ගමන් කිරීමට අවසර ලබා දෙන බව වාර්තා වේ.

බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා ඩොලර් 150 ඉක්මවා යනබවට අනාවැකී

මේ  අතර මැදපෙරදිග හෙවත් බටහිර කලාපයේ ඇති වී තිබෙන යුද්ධය තවදුරටත් ඇදී ගියහොත් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 150 ඉක්මවා යනු ඇතැයි අනාවැකී පළ වී තිබේ.

මෙම යුද්ධය හේතුවෙන් මේ වනවිට ලොවපුරා බලශක්ති මිල ගණන් වැඩි වී තිබෙන අතර බොරතෙල් බැරලයක සාමාන්‍ය අගය ඇමෙරිකා එක්සත් ජනපද 100ත් 110ත් අතර අගයකට පත්ව ඇත.

මෙම යුද්ධය තවත් දින 10ක් පැවැතියහොත් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 150ක් වනු ඇතැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉරානයේ ජ්‍යෙෂ්ඨ බලශක්ති උපායමාර්ගික නිලධාරියකු වන මහ්දි අරබ්සාදේහ් පැවැසීය. හෙතෙම ඉරානයේ ඉංජිනේරු සහ තාක්ෂණික ආයතනයේ යෙෂ්ඨ බලශක්ති උපායමාර්ගික නිලධාරියකු වශයෙන් කටයුතු කරයි.

ඉරානයේ මේ වනවිට සිය සතුරු පාර්ශවවල නෞකා සඳහා හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා තිබෙන අතර මේ හේතුවෙන් ඒ හරහා දිනකට ගමන් කරන තෙල් බැරල ප්‍රමාණය අඩු වී තිබේ. යුද්ධය ආරම්භ වූ දිනයේ සිට මේ දක්වා ගත වූ කාලයේ දී දෛනිකව ඒ හරහා ගමන් කරන ප්‍රමාණයෙන් මිලියන 21ක තෙල් බැරල ප්‍රමාණයක් දෛනිකව අඩු වී තිබේ. මේ හේතුවෙන් ගෝලීය සැපයුම්වලට විශාල බලපෑමක් එල්ල වී තිබේ.

හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට පෙර තෙල් බැරලයක මිල ඩොලර් 65ක් වූ බවත් මේ වනවිට එය 119ක් දක්වා වැඩි වී ඇති බවත් මහ්දි අරබ්සාදේහ් කීවේ ය.

මුලාශ්‍රය :

Strait of Hormuz: Iranian MP Says $2M Charge for Passing Ships

Iran turns Hormuz blockade into $2m toll road
 

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...