නොමැති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ඊයේ (23) මාධ්‍යවේදීන් අමතමින් ඔහු කියා සිටියේ, නව නායකයාගෙන් තමන්ට කිසිදු පණිවිඩයක් හෝ ප්‍රතිචාරයක් මෙතෙක් ලැබී නොමැති බවයි.
"ඔහු මියයනවා දකින්න මම කැමති නැහැ"
ට්‍රම්ප් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ, "ඔහු තවමත් ජීවතුන් අතර සිටිනවාද කියා කවුරුත් දන්නේ නැහැ. ඔහුට මොකද වුණේ කියලා කාටවත් කියන්න බැහැ. කොහොම වුණත් ඔහු මියයනවා දකින්න මම කැමති නැහැ." යනුවෙනි.
පසුගිය පෙබරවාරි මස අගභාගයේදී සිදුවූ ඒකාබද්ධ ප්‍රහාරවලින් එවකට සිටි උත්තරීතර නායක අලි කමේනි මියයාමෙන් පසු, ඔහුගේ පුත් මොජ්තබා කමේනි නව නායකයා ලෙස පත් කෙරුණු අතර, ඔහු ප්‍රසිද්ධියේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සහ ජීවිතය පිළිබඳව ජාත්‍යන්තරය තුළ විවිධ කටකතා පැතිර යමින් පවති.
| hirunews
මූලාශ්‍රය





