BREAKING
ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●
Top Ad
විදේශ

පිලිපීනය ජාතික බලශක්ති හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කරයි

T

The Leader Desk

March 24, 2026 • 3:37 PM

පිලිපීනය ජාතික බලශක්ති හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් එරට බලශක්ති සැපයුමට එල්ල වී ඇති දැඩි තර්ජනය සැලකිල්ලට
  • මෙම හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කරමින් නිකුත් කළ විධායක නියෝගයේ දැක්වෙන්නේ, පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ගෝලීය බලශක්ති වෙළඳපොළේ අවිනශ්චිතතාවයක් සහ සැපයුම් දාමයන් බිඳ වැටීමක් සිදුව ඇති බවයි.
  • මේ හරහා ජාත්‍යන්තර තෙල් මිල ඉහළ යාමේ දැඩි අවදානමක් පවතින බැවින් පිලිපීනයේ බලශක්ති ආරක්ෂාව තහවුරු කිරීමට මෙම පියවර ගත් බව ජනාධිපතිවරයා පවසයි.
  • ඉන්ධන, ආහාර, ඖෂධ සහ කෘෂිකාර්මික නිෂ්පාදන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල හිඟයකින් තොරව බෙදා හැරීම සහතික කිරීමට විශේෂ කමිටුවක් මෙහිදී පිහිටුවා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ගනිමින්, පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් (Ferdinand Marcos Jr) අඟහරුවාදා දින සිට ක්‍රියාත්මක වන පරිදි 'ජාතික බලශක්ති හදිසි අවස්ථාවක්' ප්‍රකාශයට පත් කර තිබේ.

මෙම හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කරමින් නිකුත් කළ විධායක නියෝගයේ දැක්වෙන්නේ, පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ගෝලීය බලශක්ති වෙළඳපොළේ අවිනශ්චිතතාවයක් සහ සැපයුම් දාමයන් බිඳ වැටීමක් සිදුව ඇති බවයි.

මේ හරහා ජාත්‍යන්තර තෙල් මිල ඉහළ යාමේ දැඩි අවදානමක් පවතින බැවින් පිලිපීනයේ බලශක්ති ආරක්ෂාව තහවුරු කිරීමට මෙම පියවර ගත් බව ජනාධිපතිවරයා පවසයි.

ඉන්ධන, ආහාර, ඖෂධ සහ කෘෂිකාර්මික නිෂ්පාදන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල හිඟයකින් තොරව බෙදා හැරීම සහතික කිරීමට විශේෂ කමිටුවක් මෙහිදී පිහිටුවා තිබේ.

වසරක කාලයක් බලපැවැත්වෙන මෙම නියෝගය හරහා ඉන්ධන සහ පෙට්‍රෝලියම් නිෂ්පාදන කඩිනමින් මිලදී ගැනීමට රජයට විශේෂ බලතල හිමිවේ.

අවශ්‍ය වුවහොත් ඉන්ධන සැපයුම් ගිවිසුම් සඳහා අත්තිකාරම් මුදල් ගෙවීමට ද රජයට අවසර ලබා දී තිබේ.


මේ අනුව, මැදපෙරදිග ගැටුම හේතුවෙන් බලශක්ති හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කළ පළමු රට බවට පිලිපීනය පත්වේ.


පිලිපීන බලශක්ති ලේකම් ෂැරන් ගාරින් සඳහන් කළේ, වත්මන් පරිභෝජනය අනුව රට තුළ තවත් දින 45 කට ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවතින බවයි.

එම සංචිත තවදුරටත් ඉහළ නංවා ගැනීම සඳහා අග්නිදිග ආසියාවෙන් සහ අනෙකුත් රටවලින් තෙල් බැරල් මිලියනයක් කඩිනමින් මිලදී ගැනීමට රජය මේ වන විට කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.

මුලාශ්‍ර :

Philippines becomes 1st country to declare energy emergency due to Mideast conflict

Philippines declares energy emergency over Middle East conflict risks

Philippines declares energy emergency over Iran conflict 

 

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...