BREAKING
මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●
Top Ad
විදේශ

මැද පෙරදිග එක්සත් ජනපද හමුදා තර කෙරේ

T

The Leader Desk

March 25, 2026 • 5:01 AM

මැද පෙරදිග එක්සත් ජනපද හමුදා තර කෙරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පෙන්ටගනය, මැද පෙරදිග කලාපයට ගුවන් හමුදා භටයින් දහස් ගණනක් පිටත් කර හැරීමට සැරසෙන බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.
  • ටෙහෙරානය සමග එකඟතාවෙන් යුද්ධය අවසන් කිරීම පිලිබඳ ජනපති ට්‍රම්ප්ගේ අදහස් ප්‍රකාශ කිරීම් අතරතුර මෙම නව පියවර, ඉරානයට එරෙහි යුද්ධය තවත් උත්සන්න කර තිබේ.
  • ඉරාන අභ්‍යන්තරය වෙත දහස් සංඛ්‍යාත එක්සත් ජනපද හමුදා භට පිරිසක් පිටත් කර හැරීමට සැරසෙන බවට මීට පෙර ද ප්‍රකාශ විය.
  • කලාපය වෙත නවතම එක්සත් ජනපද හමුදා පිටත් කිරීමේ කාලවකවානු පිලිබඳ තවමත් නිශ්චිතව ප්‍රකාශව නැත.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අනුව, එක්සත් ජනපද හමුදාවට අයත් 82 වැනි ගුවන් භට ඛණ්ඩයේ (82nd Airborne Division) සෙබළුන් එම කලාපය වෙත පිටත් කර හැරීමට නියමිතය.

ටෙහෙරානය සමග එකඟතාවෙන් යුද්ධය අවසන් කිරීම පිලිබඳ ජනපති ට්‍රම්ප්ගේ අදහස් ප්‍රකාශ කිරීම් අතරතුර මෙම නව පියවර, ඉරානයට එරෙහි යුද්ධය තවත් උත්සන්න කර තිබේ.

ඉරාන අභ්‍යන්තරය වෙත දහස් සංඛ්‍යාත එක්සත් ජනපද හමුදා භට පිරිසක් පිටත් කර හැරීමට සැරසෙන බවට මීට පෙර ද ප්‍රකාශ විය.

මැද පෙරදිග යුද්ධයේ සිව් වන සතියයි මේ. යුද උණුසුම හේතුවෙන් ගෝලීය වෙළඳපොළ දැඩි ව්‍යාකූලත්වයකට පත්ව තිබේ. උද්ධමනය සීග්‍රයෙන් ඉහළ යමින් පවතී.

pentagon8w360873
කලාපය වෙත නවතම එක්සත් ජනපද හමුදා පිටත් කිරීමේ කාලවකවානු පිලිබඳ තවමත් නිශ්චිතව ප්‍රකාශව නැත. එම සියළු නිවේදන පෙන්ටගනය විසින් නිකුත් කෙරෙනු ඇත. කලාපයේ එක්සත් ජනපද සන්නද්ධ ක්‍රියාන්විත පිලිබඳ ඕනෑම තීරණයක් ගැනීමේ සහ ක්‍රියාත්මක කිරීමේ බලය ජනපති ට්‍රම්ප් සතු ය.

කෙසේ වෙතත්, ඉරාන අභ්‍යන්තරය වෙත එම බලඇණි පිටත් කිරීමේ කිසිදු හදිසි තීරණයක් නැතැයි එක්සත් ජනපද හමුදා ආරංචි මාර්ග පවසයි. දැනට සිදු කෙරෙන්නේ ඉදිරි යුද්ධය පිණිස මැද පෙරදිග කලාපයේ එක්සත් ජනපද හමුදා ශක්තීන් තර කිරීමකි. එක්සත් ජනපද හමුදා භටයින් 3000ත් 4000ත් අතර සංඛ්‍යාවක් ඒ වෙත පිටත් කර හැරීමට නියමිතය.

එක්සත් ජනපදයට අයත් උභය ප්‍රහාරක යාත්‍රාවක් වන යූ. එස්. එස්. බොක්සර් (USS Boxer) මගින් කලාපය වෙත දහස් සංඛ්‍යාත නාවුක බලඇණියක් පිටත් කර හැරීමේ සූදානමක් පිලිබඳව ද රොයිටර්ස් පුවත් සේවය  ඉකුත් 20 දා වාර්තා කළේය. ඒ සමග තවත් යුද නෞකා රැසක් ද එම කලාපය වෙත පිටත් කර හැරීමට නියමිත විය.

US Troops
එම අමතර බලඇණි පිටත් කර හැරීමට පෙරාතුව ඒ වන විටත් කලාපය වෙත එක්සත් ජනපද හමුදා භටයින් 50,000කට අධික පිරිසක් මුදා හැරීමට පෙන්ටගනය විසින් පියවර ගෙන තිබිණි.

ඉරානය හා ඵලදායී සාකච්ඡා පැවති  බවත්, එරට බලශක්ති මර්මස්ථාන වෙත පහර දීමේ සැලසුම් කල් දැමූ බවත් ජනපති ට්‍රම්ප් විසින් ප්‍රකාශ කර දිනකට පසුව නව හමුදා බලඇණි පිටත් කර හැරීම පිලිබඳ නිවේදනය කෙරිණි.

පෙබරවාරි 28 දා ඉරානය වෙත ඊශ්‍රායල - එක්සත් ජනපද සභාග ප්‍රහාර ආරම්භ වීමෙන් අනතුරුව, මේ වන විට එක්සත් ජනපද හමුදා ඉරානයේ ඉලක්ක 9000ක් වෙත ප්‍රහාර එල්ල කර ඇත.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

US expected to send thousands more soldiers to Middle East, sources say

 

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මැද පෙරදිග එක්සත් ජනපද හමුදා තර කෙරේ | The Leader