BREAKING
මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●
Top Ad
විදේශ

අමෙරිකාවේ සාම යෝජනාව පකිස්ථානය හරහා ඉරානයට

T

The Leader Desk

March 25, 2026 • 3:40 PM

අමෙරිකාවේ සාම යෝජනාව පකිස්ථානය හරහා ඉරානයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගල්ෆ් කලාපයේ පවතින දරුණු යුදමය වාතාවරණය සමනය කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද
  • මෙම ඓතිහාසික සාකච්ඡා මාලාව පැවැත්වීම සඳහා සුදුසුම ස්ථානය ලෙස පකිස්ථානය හෝ තුර්කිය කෙරෙහි මේ වන විට අවධානය යොමු වී ඇත.
  • ඇමරිකාව සහ ඉරානය අතර සෘජු සන්නිවේදනයක් නොමැති පසුබිමක, පකිස්ථානය ප්‍රධාන අතරමැදියෙකු ලෙස කටයුතු කරමින් මෙම යෝජනා මාලාව ඉරාන බලධාරීන් වෙත ඉදිරිපත් කර තිබෙන බව සඳහන් වේ.
  • යුද්ධය නැවැත්වීම සඳහා වන මෙම යෝජනා මාලාවට ඇහුම්කන් දීමට ඉරානය සූදානම් බව මීට පෙර ද වාර්තා වූ අතර, පකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් ද සිය සත්කාරකත්වය ලබා දීමට කැමැත්ත පළ කර තිබිණ.
අකුරු ප්‍රමාණය (Font Size):

විශේෂ සාම යෝජනාවලියක් පකිස්ථානය හරහා ඉරානය වෙත භාර දී ඇති බව ජාත්‍යන්තර රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

ඉරාන රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු උපුටා දක්වමින් මෙම පුවත පළ කර තිබේ.

මෙම ඓතිහාසික සාකච්ඡා මාලාව පැවැත්වීම සඳහා සුදුසුම ස්ථානය ලෙස පකිස්ථානය හෝ තුර්කිය කෙරෙහි මේ වන විට අවධානය යොමු වී ඇත.

ඇමරිකාව සහ ඉරානය අතර සෘජු සන්නිවේදනයක් නොමැති පසුබිමක, පකිස්ථානය ප්‍රධාන අතරමැදියෙකු ලෙස කටයුතු කරමින් මෙම යෝජනා මාලාව ඉරාන බලධාරීන් වෙත ඉදිරිපත් කර තිබෙන බව සඳහන් වේ.

යුද්ධය නැවැත්වීම සඳහා වන මෙම යෝජනා මාලාවට ඇහුම්කන් දීමට ඉරානය සූදානම් බව මීට පෙර ද වාර්තා වූ අතර, පකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් ද සිය සත්කාරකත්වය ලබා දීමට කැමැත්ත පළ කර තිබිණ.

පාකිස්ථානයේ මැදිහත් වීම චීනය අගය කරයි

අමෙරිකාව සහ ඉරානය අතර සාම සාකච්ඡා සඳහා පාකිස්ථානය මැදිහත් වීමට ගත් උත්සාහය චීනය අගය කර ඇති අතර, කලාපයේ සාමය ඇති කිරීමට ගන්නා සෑම පියවරකටම තමන් සහාය දෙන බව චීනය පවසා තිබේ.

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ ප්‍රධානී රෆායෙල් ග්‍රොසි, අමෙරිකාව සහ ඉරානය අතර පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරදී පැවැත්වීමට නියමිත සාකච්ඡා පිළිබඳ ප්‍රකාශයක් කර තිබේ. ඉදිරියේදී පැවැත්වෙන ඇමෙරිකා -ඉරාන සාකච්ඡා හුදෙක් න්‍යෂ්ටික ප්‍රශ්නයට පමණක් සීමා නොවී, කලාපීය ආරක්ෂාව පිළිබඳ තවත් වැදගත් කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරනු ඇති බව ඔහු පවසා තිබේ.

කෙසේවුවද  හිස්බුල්ලා නායක නයිම් කාසෙම් පවසා ඇත්තේ, ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරමින් සිටින අතරතුර ඔවුන් සමඟ සාකච්ඡා පැවැත්වීම තමන් ප්‍රතික්ෂේප කරන බවත්, කිසිදු සීමාවකින් තොරව සටන දිගටම කරගෙන යන බවත්ය.

| adaderana

 

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...