BREAKING
මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●
Top Ad
විදේශ

ඉන්ධන සුරක්ෂාවට ෆිලිපීනයෙන් නව අරමුදලක්

T

The Leader Desk

March 26, 2026 • 4:45 AM

ඉන්ධන සුරක්ෂාවට ෆිලිපීනයෙන් නව අරමුදලක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්ධන සුරක්ෂාව පිණිස පෙසෝ බිලියන 20ක (ඇමෙරිකානු ඩොලර් මිලියන 333) හදිසි අරමුදලක් පිහිටුවන බව ෆිලිපීන බලශක්ති අමාත්‍යංශය අද (26) නිවේදනය කළේය.
  • නව අරමුදල, බාහිර සැපයුම් කම්පනවලින් ෆිලිපීන ජනතාව ආරක්ෂා කිරීම පිණිස රාජ්‍ය පරිපාලනය විසින් ගත් ශක්තිමත් පියවරක් බව එරට බලශක්ති දෙපාර්තමේන්තුව පැවසීය.
  • පිරිපහදු පෙට්‍රෝලියම් නිෂ්පාදන සහ දියර පෙට්‍රෝලියම් වායුව ද ඒ අතර වෙයි.
  • දැනට රට තුළ දින 45කට ප්‍රමාණවත් ඉන්දන සැපයුමක් පවතින බව ෆිලිපීන ජනපති කණිෂ්ට ෆර්ඩිනන්ඩ් මාර්කෝස් ඊයේ (25) පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):


මැද පෙරදිග යුද ගැටුමින් උච්චාවචනය වන ගෝලීය බලශක්ති මිල හමුවේ එරට ඉන්ධන සුරක්ෂාව ශක්තිමත් කිරීම එහි අරමුණයි.

නව අරමුදල, බාහිර සැපයුම් කම්පනවලින් ෆිලිපීන ජනතාව ආරක්ෂා කිරීම පිණිස රාජ්‍ය පරිපාලනය විසින් ගත් ශක්තිමත් පියවරක් බව එරට බලශක්ති දෙපාර්තමේන්තුව පැවසීය. එමගින් රට තුළ ප්‍රමාණවත්, අඛණ්ඩ ඉන්දන සැපයුමක් ස්ථාපිත කෙරෙන අතර ඒ පිලිබඳ විශ්වසනීයත්වය තහවුරු කෙරේ.

නව වැඩසටහන යටතේ, ගෘහස්ත සැපයුම් වෙනුවෙන් රජය විසින් ඉන්ධන බැරල මිලියන දෙකකට ආසන්න ප්‍රමාණයක් මිලදී ගැනේ. පිරිපහදු පෙට්‍රෝලියම් නිෂ්පාදන සහ දියර පෙට්‍රෝලියම් වායුව ද ඒ අතර වෙයි.

marcos
දැනට රට තුළ දින 45කට ප්‍රමාණවත් ඉන්දන සැපයුමක් පවතින බව ෆිලිපීන ජනපති කණිෂ්ට ෆර්ඩිනන්ඩ් මාර්කෝස් ඊයේ (25) පැවසීය. එරට පූර්ණ බොර තෙල් ආනයනය මැද පෙරදිගින් සිදු කෙරේ. සෞදි අරාබිය එහි ප්‍රධාන සැපයුම්කරු වේ.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

සබැඳි පුවත් :

පිලිපීනය ජාතික බලශක්ති හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කරයි

මැදපෙරදිග ගැටුම් මධ්‍යයේ බලශක්තිය ඉතිරි කර ගන්න ෆිලිපීනයෙන් සිව් දින රාජකාරි සතියක්


මුලාශ්‍රය :

Philippines launches $333 million fund to boost fuel security

 

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...