BREAKING
මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●
Top Ad
විදේශ

ධවල මන්දිරයෙන් ඉරානයට බරපතල අනතුරු ඇඟවීමක් !

T

The Leader Desk

March 26, 2026 • 6:19 AM

ධවල මන්දිරයෙන් ඉරානයට බරපතල අනතුරු ඇඟවීමක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරානය සමඟ පවත්වන සාකච්ඡා අසාර්ථක වුවහොත්, එම රටට එරෙහි ප්‍රහාර තවදුරටත් දැඩි කරන බව ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් පවසයි.
  • කෙසේ වෙතත්, ඉරානය මේ වන විට හමුදාමය වශයෙන් පරාජයට පත්ව ඇති බවත්, පවතින යථාර්ථය පිළිගැනීමට ඉරානය අපොහොසත් වුවහොත් පෙර නොවූ විරූ ආකාරයේ ප්‍රහාරයකට මුහුණ දීමට සිදුවන බව ජනාධිපති ට්‍රම්ප් සහතික කර ඇති බවත් ධවල මන්දිර මාධ්‍ය ලේකම්වරිය පවසා සිටියාය.
  • ධවල මන්දිරයේ ඊයේ (25) පැවති මාධ්‍ය හමුවේදී එක්සත් ජනපද සාම සැලැස්ම ප්‍රතික්ෂේප කිරීමට ඉරානය කටයුතු කළහොත් ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව ප්‍රකාශ කළාය.
  •   ඉරානයට එල්ල කරන ප්‍රහාර නතර කිරීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඊයේ දිනයේ දී සටන් විරාම කොන්දේසී ප්‍රකාශයට පත්කරනු ලැබීය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ අපේක්ෂාව සාමය උදා කිරීම බවත්, තවදුරටත් සිදුවන ජීවිත හානි හා විනාශයන් ඔහු අනුමත නොකරන බවත් ඇය සඳහන් කළාය.

කෙසේ වෙතත්, ඉරානය මේ වන විට හමුදාමය වශයෙන් පරාජයට පත්ව ඇති බවත්, පවතින යථාර්ථය පිළිගැනීමට ඉරානය අපොහොසත් වුවහොත් පෙර නොවූ විරූ ආකාරයේ ප්‍රහාරයකට මුහුණ දීමට සිදුවන බව ජනාධිපති ට්‍රම්ප් සහතික කර ඇති බවත් ධවල මන්දිර මාධ්‍ය ලේකම්වරිය පවසා සිටියාය.

ධවල මන්දිරයේ ඊයේ (25) පැවති මාධ්‍ය හමුවේදී එක්සත් ජනපද සාම සැලැස්ම ප්‍රතික්ෂේප කිරීමට ඉරානය කටයුතු කළහොත් ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව ප්‍රකාශ කළාය.

 



ඉරානයට එල්ල කරන ප්‍රහාර නතර කිරීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඊයේ දිනයේ දී සටන් විරාම කොන්දේසී ප්‍රකාශයට පත්කරනු ලැබීය.

අදාළ සටන් විරාමය සඳහා කොන්දේසී 15ක් අමෙරිකාව විසින් ඉරානයට ඉදිරිපත් කර ඇති අතර එම කොන්දේසීවලට කැමැත්ත පල කරන්නේ නම් සටන් විරාමයකට සූදානම් බව අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ඉරානය ට්‍රම්ප් ගේ යෝජනා ප්‍රතික්ෂේප කරයි

abbas aragachiඉරාන විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරගච්
කෙසේවෙතත් අදාළ සටන් විරාම යෝජනා ප්‍රතික්ෂේප කරන ඉරාන විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරගච් ප්‍රකාශ කර සිටියේ, අමෙරිකාව සමඟ කිසිදු සාකච්ඡාවක් පැවැත්වීමට ඉරානය අදහස් නොකරන බවය.

අමෙරිකා එක්සත් ජනපදය විසින් මැදිහත්කරුවන් හරහා විවිධ පණිවුඩ යොමුකළ ද ඉරානයට අවශ්‍ය වන්නේ ස්ථීර අවසානයක් බව ඉරාන විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

ඒ සඳහා ඉරානයට සිදුවු විනාශය සම්බන්ධයෙන් වන්දි ලබාදීම ඇතුළු ඉල්ලීම් 5ක් යොමුකිරීමට ද ඉරාන බලධාරීන් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙම මැදපෙරදිග පවතින්නේ ඉරාන යුද්ධයක් හෝ අමෙරිකානු යුද්ධයක් නොවන අතර ඊශ්‍රායලයේ අවශ්‍යතාවයට අමෙරිකාව කටයුතු කරමින් සිටින බව ඉරාන විදේශ අමාත්‍යවරයා පවසයි.

c 2026 03 24t180754z 1426962173 rc2vakah4ifr rtrmadp 3 iran crisis pause
අමෙරිකාව බලාපොරොත්තු වු පරිදි ඉරානය යුදමය වශයෙන් පරාජය කිරීමට නොහැකි බවත් අසල්වැසි රටවල් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අමෙරිකානු උත්සාහය අසාර්ථක වී ඇති බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.


සබැඳි පුවත් :

ඉරානය, අමෙරිකානු යෝජනා ප්‍රතික්ෂේප කරයි

අමෙරිකාවේ සාම යෝජනාව පකිස්ථානය හරහා ඉරානයට

මුලාශ්‍රය :

Live Updates: White House says Trump will "unleash hell" if Iran doesn't make deal

Iran war live: US demands Tehran accept defeat; Israel pounds Lebanon

Is Trump any closer to an Iran exit strategy?

 

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ධවල මන්දිරයෙන් ඉරානයට බරපතල අනතුරු ඇඟවීමක් ! | The Leader