BREAKING
මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●
Top Ad
විදේශ

'ඉරාන බලශක්ති මධ්‍යස්ථාන වැනසීම දින දහයකට කල් දානවා' - ජනපති ට්‍රම්ප්

T

The Leader Desk

March 27, 2026 • 8:28 AM

'ඉරාන බලශක්ති මධ්‍යස්ථාන වැනසීම දින දහයකට කල් දානවා' - ජනපති ට්‍රම්ප්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරාන බලශක්ති මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කිරීම දින 10කට කල් දමන බව එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (26) ප්‍රකාශ කළේය.
  • එය ඉරානයේ ඉල්ලීම මත සිදු කළ බව ද කීය.
  • ඉරානය හා සාකච්ඡා "ඉතා හොඳින්" සිදු කෙරෙන බව ඔහු පැවසුව ද, එක්සත් ජනපද සාම යෝජනා ඉරානය ප්‍රතික්ෂේප කළ බව, එම රාජ්‍ය නිලධාරියකු උපුටා දක්වන රොයිටර්ස්  පුවත් සේවය පැවසීය.
  •  එක්සත් ජනපද යෝජනාවලිය එකාපර්ශ්වික සහ අසාධාරණ බව ඉරානයේ මතයයි.
අකුරු ප්‍රමාණය (Font Size):



ඒ අනුව, එම ප්‍රහාර තාවකාලිකව නවතන බව ඔහු දැනුම් දුන්නේය. එය ඉරානයේ ඉල්ලීම මත සිදු කළ බව ද කීය.

546735y6rtgrg
ඉරානය හා සාකච්ඡා "ඉතා හොඳින්" සිදු කෙරෙන බව ඔහු පැවසුව ද, එක්සත් ජනපද සාම යෝජනා ඉරානය ප්‍රතික්ෂේප කළ බව, එම රාජ්‍ය නිලධාරියකු උපුටා දක්වන රොයිටර්ස්  පුවත් සේවය පැවසීය.  එක්සත් ජනපද යෝජනාවලිය එකාපර්ශ්වික සහ අසාධාරණ බව ඉරානයේ මතයයි.

ජනපති ට්‍රම්ප්,  සිය තීරණය ටෘත් සමාජ ගිණුමේ දන්වා යැවීය.  ඊට මත්තෙන් ධවල මදිරයේ පැවති කැබිනට් හමුවකදී අදහස් දැක්වූ ජනපතිවරයා, ඉරානය යම් එකඟතාවකට නොපැමිණෙන්නේ නම්, ඊට එරෙහි පීඩනය දැඩි කරන බවට තර්ජනය කළේය.

"ඉරාන රජයේ ඉල්ලීමකට අනුව.....,  එරට බලශක්ති මධ්‍යස්ථානය විනාශ කිරීම මම, 2026 අප්‍රේල් 6, රෑ 8 වන තෙක් තාවකාලිකව දින 10කට නතර කරනවා," ඔහු  සිය මාධ්‍ය ගිණුමේ එසේ සඳහන් කළේය.

"අපි කතා කරගෙන යනවා. බොරු මාධ්‍යවල එක එක මඩ ප්‍රචාර යනවා. ඒවා පරස්පර කතා. හැබැයි අපි හොඳටම  කරගෙන යනවා," ඔහු කීය.

පොහොර මිල 50%කින් ඉහළට

108282102 1774354858489 gettyimages 2212700507 US CORN SEEDING
ගල්ෆ් යුද්ධයට මේ වන විට සති හතරක් පමණ ගතවී තිබේ. අවට සමුද්‍ර මාර්ග ඔස්සේ නෞකා ගමනාගමනය දැඩි ලෙස අඩාලව පවතී.

ලෝක බොර තෙල් මිල 40%කින් පමණ ඉහළ ගොස් ඇත. ඒ හේතුවෙන් ආසියාව වෙත සිදු කෙරෙන ස්වභාවික ගෑස් නැව් ගත කිරීම්  67%කින් පමණ ද, ආහාර නිෂ්පාදනයේ තීරණාත්මක නයිට්‍රජන් අඩංගු පොහොර මිල 50%කින් පමණ ද ඉහළ ගොස් තිබේ.

ජනපති ට්‍රම්ප්ගේ ජය තක්සේරු පසෙකලා ඉරානය, සභාග ප්‍රහාර හමුවේ, එක්සත් ජනපද සහ ඊශ්‍රායල ඉලක්ක වෙත තව දුරටත් ප්‍රති ප්‍රහාර එල්ල කරමින් සිටී. ගල්ෆ් රටවල එක්සත් ජනපද කඳවුරු ද ඉරාන ප්‍රහාරවල සාර්ථක ඉලක්ක බවට පත් විය. හෝර්මුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ ඉන්දන ප්‍රවාහනය ද බාධාව පවතී.

ඉරානයේ බියකරු සිහිනය

 



සිය ඉල්ලීම්වලට අනුගත නොවුවහොත්, ඉරානයේ අති බියකරු දුෂ්ප්‍රාප්තිය එක්සත් ජනපදය බව ජනපති ට්‍රම්ප්, ධවල මදිර කැබිනට් හමුවේදී පැවසීය. හෝර්මුස් සමුද්‍ර සන්ධිය මුළුමනින් විවෘත කිරීම සහ ටෙහෙරානයේ න්‍යෂ්ටික වැඩසටහන සමපුර්නයෙන් නතර කිරීම ඔහුගේ ඉල්ලීම් අතර ප්‍රමුඛ  වේ.

පාකිස්ථානය මගින් ලද කරුණු 15කින් යුත් ජනපති ට්‍රම්ප්ගේ යෝජනාවලිය, ජ්‍යෙෂ්ඨ ඉරාන නිලධාරීන් සහ එරට උත්තරීතර නායකයාගේ නියෝජිත විසින් ඉකුත් බදාදා (25) සමාලෝචනයට ලක් කළ බව ඉරාන බලධාරියකු සඳහන් කළේය. එහි ඇත්තේ එක්සත් ජනපද සහ ඊශ්‍රායල අභිලාශ පමණකැයි ඔවුහු සඳහන් කරති.

"ඔන්න දැන් ඔවුන්ට අවස්ථාව ඇවිල්ල තියෙනවා. මේ තමා වෙලාව. දැන් ඉරානයට පුළුවන් ඔවුන්ගෙ න්‍යෂ්ටික අධිෂ්ඨානය සදහටම අතෑරලා දාලා, අලුත් පාරක යන්න එකතු වෙන්න," ජනපති ට්‍රම්ප් ධවල මන්දිරයේ සිට පැවසීය.

" අපි බලමු, ඔවුන්ට ඒක කිරීමේ උවමනාව තියෙනවද කියලා. එහෙම අපේක්ෂාවක් නැත්නම්, අපි තමා ඔවුන්ගේ නරකම  දුෂ්ප්‍රාප්තිය. ඒ අතර, ඔවුන්ව "පිඹලා දාන" වැඩේ අපි දිගටම කරගෙන යනවා," ඔහු කීය.

ඊයේ බොර තෙල් බැරලය ඇමෙරිකානු ඩොලර් 108තෙක් ඉහළ ගියේය.  සටන් විරාමයක් පිලිබඳ නවතම අසුභවාදී සැක සංකා හේතුවෙන් කොටස් වෙළඳපොළ ද කඩා වැටුණේය. එහෙත්, පසුව ජනපති ට්‍රම්ප්ගේ සමාජ මාධ්‍ය සඳහන මත, දිනය අවසන, ඩොලරය තරමක් සමනය විය.

හොඳ හිත පෙන්වීම

e56u6

සිය යෝජාවලියට හොඳ හිත  පළ කිරීමක් ලෙස ඉරානය, හෝර්මුස් සන්ධිය ඔස්සේ, පාකිස්ථාන ධජය රැගත් නෞකා ඇතුළු තෙල් නැව් දහයකට යාත්‍රා පහසුව සැලසිය යුතු යැයි ජනපති ට්‍රම්ප්, ඊයේ යෝජනා කළේය.

මේ වන විටත්, දහස් සංඛ්‍යාත එක්සත් ජනපද හමුදා මැද පෙරදිග කලාපයේ ස්ථාන ගත කර සිටිති. පාබල සේනා මගින් ඉරාන භූමිය ආක්‍රමණය කිරීමේ සූදානමක සැකයක් ද පවතී. ඒ පිලිබඳ නිවැරදි තතු කිසිත්, මෙතෙක් අනාවරණය වී නොමැත.

සතුරු පාර්ශවයට අයත් නොවන නෞකාවන්ට හෝර්මුස් සමුද්‍ර සන්ධිය තරණයට බාධාවක් නැතැයි, ඉරාන රජය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට දන්වා තිබේ. ඉරාන බලධාරීන් හා සම්බන්ධීකරණය කෙරෙමින් එම යාත්‍රා සැරිය සිදු කළ යුතු වේ.

ඉරානය හා රාජ්‍ය තාන්ත්‍රික සන්නිවේදන සිදු කරමින් තායිලන්ත ඉන්දන නෞකාවක් එම සමුද්‍ර සන්ධිය ඔස්සේ යාත්‍රා කළාය. මැලේසියාවට අයත් නෞකාවන්ට ද එම අවසරය හිමි විය. ස්පාඥ්ඥය ට ද එම අවසර ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ගල්ෆ් යුද්ධය ඇරඹීමෙන් අනතුරුව යුරෝපා සංගමයට අයත් රටකට හෝර්මුස් තරණයට අවසර හිමි වන පළමු අවස්ථාව එය වේ.

ප්‍රහාර සහ ප්‍රති ප්‍රහාර

45yyrthdgh
ඉරානය ඊයේ, ඊශ්‍රායල ඉලක්ක වෙත නවතම මිසයිල ප්‍රති ප්‍රහාර මාලාවක් දියත් කළේය. ටෙල් අවිව්, හයිෆා ඇතුළු ප්‍රදේශ කිහිපයක් වෙත එම ප්‍රහාර පතිත විය. මධ්‍යම ඊශ්‍රායලයේ පලස්තීන නගරයක් ද එම ප්‍රහාරවලට ලක් විය.

ටෙල් අවිව් නගරයේ   අවම වශයෙන් එක් බැලස්ටික් මිසයිලයක්  පුපුරා ගියේය. අන් ස්ථානයන්හි පොකුරු මිසයිල ප්‍රහාර හේතවෙන් සිදු වූ අනුක පිපිරීම් වාර්තා විය. ඉන්, නිවාස සහ මෝටර් රථ රැසක් හානියට පත් විය.  උතුරු ඊශ්‍රායලයේ නහරියා වෙත එල්ල වූ හිස්බුල්ලා රොකට් ප්‍රහාරයකින් එක් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් විය.

දකුණු ඉරානයේ බන්ඩාර් අබ්බාස් නගරය සහ ෂිරාස් නාගරික කලාපයේ  තදාසන්න පෙදෙසින් පිටත ගම්මානයක් වෙත සභාග ප්‍රහාර එල්ල කෙරිණි.

ඉරාන විප්ලවීය බලකායේ ප්‍රධාන අණ දෙන නිලධාරී  ඊශ්‍රායල ප්‍රහාරයකින් ඝාතනය වූ බව එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය කීය. ප්‍රහාරයට සුදුසු තවත් මිනිස් ඉලක්ක රැසක්  හඳුනා ඇතැයි ඔවුහු පවසති.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :


Trump pauses attacks on Iran's energy plants, says talks 'going well'

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...