BREAKING
මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●
Top Ad
විදේශ

වසරේ එක් දිනක් පමණක් වඳින තායිවානයේ සිහින දෙවොල

T

The Leader Desk

March 27, 2026 • 11:40 AM

වසරේ එක් දිනක් පමණක් වඳින තායිවානයේ සිහින දෙවොල 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වාර්ෂිකව එළැඹෙන එක් සුවිශේෂී දිනෙක පමණක් බැතිමතුන් වන්දනාවේ යෙදෙන තායිවානයේ හුදෙකලා දිවයිනක පිහිටි දෙවොලකි.
  •     පියෙවි ලොවේ පිළිතුරු නොලද, දිවියේ දුක් කම්කටොලු රැසකට  දෙවොලේ වැඩ වසන  දෙවියන්  නින්දේදී, සිහින දෙව් දුව අත  විසඳුම් එවන බව බැතිමත්  විශ්වාසයයි.
  • ජනප්‍රවාදයේ එන එම පුවත හේතුවෙන්, චීනයේ ෆුජියාන් වැසියන්ට වසරේ ඉතිරි දින 364 ඕනෑම දිනයෙක එම මව් දෙවොලේ, සිහින දකිමින් නිදි සුව විඳීමට හැකි  වුවද, බේගාන් හි බැතිමතුන්ට එම වරම  හිමි  වන්නේ වසරේ මෙම සුවිශේෂී  දින පමණකි.
  • සිවිල් යුද්ධයකින්,  මාවෝ සේදොඞ් ගේ සමාජවාදී කඳවුරට පරාජයව වූ, චීන සමූහාණ්ඩු රජය, තායිවානයට පලා යාමෙන් අනතුරුව, 1949 වසරේ සිට, එම දිවයිනේ පාලන බලය තායිපේ සතුව පවතී.
අකුරු ප්‍රමාණය (Font Size):

චීන වෙරළ තීරයේ බේගාන්  (Beigan) දිවයිනේ පිහිටි වුවෙයි ලිඞ් නම්, එම දෙවොල වෙත යන ඔවුන්ගේ වන්දනාව ඉතා සරල එමෙන්ම, 'ඉතා සුව පහසු' ය. ඔවුහු  දෙවියන් සිහි කර, රැය පහන් වන තෙක් කම්බිලි පොරවා දෙවොල් බිම  නිදා ගනිති, එපමණකි.  
 
dream1
පියෙවි ලොවේ පිළිතුරු නොලද, දිවියේ දුක් කම්කටොලු රැසකට  දෙවොලේ වැඩ වසන  දෙවියන්  නින්දේදී, සිහින දෙව් දුව අත  විසඳුම් එවන බව බැතිමත්  විශ්වාසයයි. සිහින භාර සහෘද දේවතාවුන් ලෙස සැලකෙන ජියුලි අමරණීයයන්  නව දෙනා,  චන්ද්‍ර නව වසරේ 29 වන දින,  සිය වාස භවන වූ  චීනයේ ෆුජියාන් පළාතේ පිහිටි මව් දෙවොලින් පිටත්ව, සිය මාමා වරයකු සොයා  වුවෙයි ලිඞ් දෙවොල  බලා  පැමිණි බව ජනප්‍රවාදයේ සඳහන් ය.
dream2
 
අනතුරුව හට ගත්  දැඩි කුණාටුවක් හෙතුවෙන්, ආපසු ෆුජියාන් බලා යාමට නොහැකිව තවත් අමතර දිනක් එහි ගත කිරීමට ඔවුනට සිදු විය. ජනප්‍රවාදයේ එන එම පුවත හේතුවෙන්, චීනයේ ෆුජියාන් වැසියන්ට වසරේ ඉතිරි දින 364 ඕනෑම දිනයෙක එම මව් දෙවොලේ, සිහින දකිමින් නිදි සුව විඳීමට හැකි  වුවද, බේගාන් හි බැතිමතුන්ට එම වරම  හිමි  වන්නේ වසරේ මෙම සුවිශේෂී  දින පමණකි.

බේගාන් දිවයින, මට්සු දූපත් සමූහය අතර පිහිටියේය. භූගෝලීය ව, එය චීනයේ ෆුජියාන් පළාත්බද කලාපයකි. සිවිල් යුද්ධයකින්,  මාවෝ සේදොඞ් ගේ සමාජවාදී කඳවුරට පරාජයව වූ, චීන සමූහාණ්ඩු රජය, තායිවානයට පලා යාමෙන් අනතුරුව, 1949 වසරේ සිට, එම දිවයිනේ පාලන බලය තායිපේ සතුව පවතී.  

යැන්ග් ජූ-යුන්, එම දිවයිනේ පිහිටි සුන්දර අවන්හලක හිමිකාරියකි. ඇය මීට දශකයකට පමණ පෙර වුවෙයි ලිඞ් දෙවොලින්  ස්වප්න විසඳුම් සොයා මුල්වරට  එහි පැමිණියාය. ඒ, උසස් අධ්‍යාපනය පිණිස එක්සත් ජනපදය බලා ගිය සිය දියණිය පිලිබඳ ඇගේ සිත නිරන්තරව වද  දුන් නිසාවෙනි.
 
draeam3
"මට ඇහුණා, ඈතින් කෙනෙක්, ඉංග්‍රිසියෙන් හෙලෝ හෙලෝ කියා කතා කරනවා. ඊට පස්සෙ දරුවන් සමග දෑත් වෙලා සිටි යුවලක දර්ශන දුටුවා. ඒ තමා සිහිනය," දැන්, 60 වන වියෙහි පසු වන  යැන්ග් පවසන්නීය.
 
ඉන්  වසර කිහිපයකට පසු ඇගේ දියණිය එක්සත් ජනපදයේදී, නිවුන් දැරියන් දෙදෙනකු බිහි  කළාය. පසුව, සිය මිණිපිරියන් දෙදෙනා මට්සු වෙත පැමිණි මුල් දිනම ඇයට වුවෙයි ලිඞ් දෙවොලේ දුටු සිහිනය පසක් විය. ඇගේ දියණිය සහ බෑණා, සිය නිවුන් දියණියන් හා දෑත් පටලා මට්සු වෙරළ දෙසට පිය නගනු ඇය බලා සිටියාය.
සීතල යුද සමය පුරා මට්සු දූපත් සමූහය  වෙත චීනය ෂෙල් ප්‍රහාර පතිත කළේය. එහෙත්, අද  එය අතිශය ආකර්ශනීය සංචාරක ගමනාන්තයකි. එය රමණීය  ස්වභාව සෞන්දර්යයෙන් පිරිපුන්ය. නෙක විසිතුරු  පක්ෂීන් නිරීක්ෂණයට මෙන්ම භූගත බංකර ගවේෂණයට දෙස් විදෙස් සංචාරකයෝ රැසක් නිරන්තරව  එහි පැමිණෙති.
 
dream4
මීට පෙර බේගාන්හි "සිහින  දෙවොල" මට්සු වාසීන්ට පමණක් සුවිශේෂී වූවද, පළාත් රජය එහි සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් දියත් කිරීමෙන් පසු, එය දෙස් විදෙස් ප්‍රචලිත ජනප්‍රිය සංචාරක ආකර්ෂණයක් බවට පත් විය.
 
"මෙහෙ එන වැඩි පිරිසක් අහන්නෙම විවාහය ගැන. ඒ වගේම රැකියාව  ගැනත් අහනවා. ඉන් වැඩි හරිය, රැකියා ප්‍රශ්න ගැන," දෙවොලේ ගරු භාරකාර සභාපති පවසන්නේය.
 (සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

One day a year, pilgrims crowd remote Taiwan temple to dream of divine answers

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

වසරේ එක් දිනක් පමණක් වඳින තායිවානයේ සිහින දෙවොල | The Leader