BREAKING
මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●
Top Ad
විදේශ

සභාග ප්‍රහාර හමුවේ විනාශ වූයේ ඉරාන මිසයිල සංචිතයෙන් තුනෙන් එකක් පමණයි !

T

The Leader Desk

March 28, 2026 • 4:05 AM

සභාග ප්‍රහාර හමුවේ විනාශ වූයේ ඉරාන මිසයිල සංචිතයෙන් තුනෙන් එකක් පමණයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරානය වෙත එක්සත් ජනපද - ඊශ්‍රායල ප්‍රහාර ආරම්භ කර මසකට ආසන්න කාලයක් ගත වන තැන, එක්සත් ජනපදයට තවමත් සහතික කොට කිව හැක්කේ ඉරාන මිසයිල සංචිතයෙන් තුනෙන් එකක් විනාශ කර ඇති බව පමණකැයි එක්සත් ජනපද බුද්ධි අංශ සමීප සබඳතා සඳහන් කරන බව රොයිටර්ස් පුවත් සේවය පවසයි.
  • ඇතැම් විට, සභාග බෝම්බ ප්‍රහාර හමුවේ ඒවාට හානි සිදුව ඇති බවටත් නොඑසේව, භූගත බංකර හෝ උමං තුළ වැළලී ඇති බවටත් සැක පළ කෙරේ.
  •  එමෙන්ම, ඉරාන ප්‍රහාරක ඩ්‍රෝන සංචිතයෙන් තුනෙන් එකක් පමණ ද විනාශ ව ඇති බව පැවසේ.
  • යුද්ධය අවසන් වූ පසු ටෙහෙරානය සතු මිසයිල වට්ටෝරු ලේඛනය ඔස්සේ අතුරුදන් හෝ වැළලුනු මිසයිල සොයා යාමට හැකි බව ද එම බුද්ධි ආරංචි මාර්ග සඳහන් කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉරානය සතු තවත් තුනෙන් කොටසක මිසයිල සංචිත පිලිබඳ පැහැදිලි සඳහනක් නැත. ඇතැම් විට, සභාග බෝම්බ ප්‍රහාර හමුවේ ඒවාට හානි සිදුව ඇති බවටත් නොඑසේව, භූගත බංකර හෝ උමං තුළ වැළලී ඇති බවටත් සැක පළ කෙරේ.

 එමෙන්ම, ඉරාන ප්‍රහාරක ඩ්‍රෝන සංචිතයෙන් තුනෙන් එකක් පමණ ද විනාශ ව ඇති බව පැවසේ. යුද්ධය අවසන් වූ පසු ටෙහෙරානය සතු මිසයිල වට්ටෝරු ලේඛනය ඔස්සේ අතුරුදන් හෝ වැළලුනු මිසයිල සොයා යාමට හැකි බව ද එම බුද්ධි ආරංචි මාර්ග සඳහන් කරයි.

එම බුද්ධි තොරතුරු, බ්‍රහස්පතින්දා (26) ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කළ අනාවරණයන්ට ඉඳුරා පටහැනි ය. වත්මන, ඉරානයට ඉතිරිව ඇත්තේ රොකට් මිසයිල කිහිපයක් පමණක් බව ඔහු පැවසීය. ඉන්, ආර්ථික මර්මස්ථානයක් වන හෝර්මුස් සමුද්‍ර සන්ධියට ඉදිරියේ එල්ල විය හැකි තර්ජන පිළිබඳව ද ඔහු දන්වා සිටියේය.

trump news

"දැන් මේකයි ඔය සමුද්‍ර සන්ධියේ ප්‍රශ්නෙ; අපි හිතමුකො අපි කළේ මරු වැඩක් කියල. ඒ කියනේ, අපි උන්ගේ මිසයිල සංචිතයෙන් 99%ක් ම විනාශ කළා කියමුකො. හැබැයි, තව 1%ක් තියෙනව. අන්න ඒ 1% තමයි, ඔතනින් යන නැවක බඳේ වැදිලා, ඩොලර් බිලියන ගානක් විනාශ කරලා දාන්නෙ," ඊයේ ධවල මන්දිරයේ සිට රූපවාහිනිය ඔස්සේ කැබිනට් හමුවක් ඇමතූ ජනපති ට්‍රම්ප් පැවසීය.  

ඉරාන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර 90%කින් පමණ පහත වැටී ඇතැයි පෙන්ටගනය ද තහවුරු කළේය. එක්සත් ජනපද හමුදාවට අයත් මධ්‍යම විධානය, ඉරානය සතු මිසයිල හා ඩ්‍රෝන සංචිතයෙන්, නාවුක නිෂ්පාදන යටිතල පහසුකම් සහ නෞකා අංගනයන්ගෙන් 66%ක් පමණ මුළුමනින් විනාශ කර ඇතැයි ද බුද්ධි තොරතුරු මගින් අනාවරණය කර තිබේ.

ඉකුත් බදාදා (25) දින අවසන් වන විට එක්සත් ජනපදය විසින්, ඉරානයේ සන්නද්ධ ඉලක්ක 10,000කට අධික සංඛ්‍යාවක් වෙත ප්‍රහාර එල්ල කර ඇත.

F4EHORGB2NP7FAKY772ZWOF35E

මේ අතර, ඉරාන හිතවාදී හැකරුන් විසින් ඊයේ (27) එකසත් ජනපද ෆෙඩරල් බුද්ධි කාර්යංශ අධ්‍යක්ෂ, කාෂ් පටෙල් ගේ පුද්ගලික ඊ මේල් ගිණුමට ප්‍රවේශ ව ඇතැයි, රොයිටර්ස් පුවත් සේවය නිවේදනය කළේය. එහි වූ ඔහුගේ ඡායාරූප සහ ලේඛන රැසක් ද ඔවුන් විසින් අන්තර්ජාලයට මුදා හැර ඇත.


 (සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)


මුලාශ්‍ර :

Exclusive: U.S. can only confirm about a third of Iran's missile arsenal destroyed, sources say

Iran-linked hackers breach FBI director's personal email, publish photos and documents 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...