BREAKING
මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●
Top Ad
විදේශ

ටෙහෙරාන් විශ්වවිද්‍යාලයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් පසු ඉරානයේ අලුත්ම ඉලක්කය මෙන්න

T

The Leader Desk

March 29, 2026 • 4:43 AM

ටෙහෙරාන් විශ්වවිද්‍යාලයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් පසු ඉරානයේ අලුත්ම ඉලක්කය මෙන්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ටෙහෙරාන් විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් මැදපෙරදිග කලාපයේ පිහිටි ඊශ්‍රායල සහ අමෙරිකානු විශ්වවිද්‍යාල ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) නිවේදනය කර තිබේ.
  • අදාළ හෙළාදැකීම මාර්තු 30‌ වෙනිදා ඉරාන වේලාවෙන් දහවල් 12:00 ට පෙර සිදු කළ යුතු බවට ද ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය දැනුම්දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙයි.
  • එසේ නොවන්නේ නම්, ඉරානයේ දැඩි පළිගැනීමේ මෙහෙයුම්වලට මුහුණ දීමට සිදුවනු ඇති බවට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය අනතුරු ඇඟවීමක් කර ඇත.
  • මෙම සිදුවීමත් සමඟ මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම්කාරී තත්ත්වය අධ්‍යාපන ක්ෂේත්‍රය දක්වා ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
අකුරු ප්‍රමාණය (Font Size):


කලාපයේ ඇති අමෙරිකානු විශ්වවිද්‍යාලවල සියලු කාර්යය මණ්ඩල සාමාජිකයන්, සිසුන් සහ ඒ අවට පදිංචිකරුවන්ට එම ස්ථානවලින් ඉවත්ව සිටින ලෙසට ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය දන්වා ඇති බව එහි සඳහන්ය.

කලාපයේ එක්සත් ජනපද ආයතනවලට සිදු කරන ප්‍රහාර එල්ල කිරීම වැළැක්වීම සඳහා එක්සත් ජනපදය ඉරාන විශ්ව විද්‍යාලවලට බෝම්බ හෙලීම හෙළා දැකිය යුතුය. අදාළ හෙළාදැකීම මාර්තු 30‌ වෙනිදා ඉරාන වේලාවෙන් දහවල් 12:00 ට පෙර සිදු කළ යුතු බවට ද ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය දැනුම්දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙයි.

එසේ නොවන්නේ නම්, ඉරානයේ දැඩි පළිගැනීමේ මෙහෙයුම්වලට මුහුණ දීමට සිදුවනු ඇති බවට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය අනතුරු ඇඟවීමක් කර ඇත.

මෙම සිදුවීමත් සමඟ මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම්කාරී තත්ත්වය අධ්‍යාපන ක්ෂේත්‍රය දක්වා ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදුකරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (29) දින 30ක් ගතවී ඇත.

මුලාශ්‍ර :

Iran war live: Tehran warns US, Israeli universities; Houthis fire missiles

IRGC warns US, Israeli universities in West Asia of being "legitimate targets" after strikes on Iranian institutions

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...