BREAKING
මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●
Top Ad
විදේශ

ඔස්ට්‍රේලියාව ඉන්ධන සඳහා පනවා ඇති බදු අඩු කරයි

T

The Leader Desk

March 30, 2026 • 4:24 AM

ඔස්ට්‍රේලියාව ඉන්ධන සඳහා පනවා ඇති බදු අඩු කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගෘහස්ත වියදම් අඩු කිරීම සඳහා ඔස්ට්‍රේලියාව මාස තුනක කාලයක් සඳහා ඉන්ධන සඳහා පනවා ඇති බදු අඩු කිරීමට තීරණය කර තිබේ.
  • ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ ජනතාව ඉන්ධන ලබා ගන්නා විට මුදල් ඉතිරි කර ගැනීම සඳහා මාස තුනක කාලයක් සඳහා ඉන්ධන බදු අඩකින් අඩු කිරීමට පියවර ගන්නා බවය.
  •   මැදපෙරදිග ගැටුම් හේතුවෙන් දේශීය මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවත් එය ඔස්ට්‍රේලියානුවන්ට පීඩනයක් ගෙන දෙන බැවින් මෙම තීරණය ගැනීමට කටයුතු කළ බවද ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සිය X ගිණුමේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
  • විදෙස් මාධ්‍ය මේ සම්බන්ධව වාර්තා කර ඇත්තේ ඉන්ධන පිරිවැය වෙනුවෙන් ඔස්ට්‍රේලියානුවන් ඉන්ධන ලීටරයක් සඳහා ගෙවන බදු මුදල ඔස්ට්‍රේලියානු ශත 26.3කින් අඩුවනු ඇති බවය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අනුව එළැඹෙන ජූලි මාසය දක්වා ඔස්ට්‍රේලියාව ඉන්ධන මත පනවා ඇති බදු අඩකින් අඩු කර ඇත.

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ ජනතාව ඉන්ධන ලබා ගන්නා විට මුදල් ඉතිරි කර ගැනීම සඳහා මාස තුනක කාලයක් සඳහා ඉන්ධන බදු අඩකින් අඩු කිරීමට පියවර ගන්නා බවය.

 

4FDDA1A82DAA36FACDD981C09811FC61 low 5

මැදපෙරදිග ගැටුම් හේතුවෙන් දේශීය මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවත් එය ඔස්ට්‍රේලියානුවන්ට පීඩනයක් ගෙන දෙන බැවින් මෙම තීරණය ගැනීමට කටයුතු කළ බවද ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සිය X ගිණුමේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

විදෙස් මාධ්‍ය මේ සම්බන්ධව වාර්තා කර ඇත්තේ ඉන්ධන පිරිවැය වෙනුවෙන් ඔස්ට්‍රේලියානුවන් ඉන්ධන ලීටරයක් සඳහා ගෙවන බදු මුදල ඔස්ට්‍රේලියානු ශත 26.3කින් අඩුවනු ඇති බවය.

දැනට ඔස්ට්‍රේලියාවේ ඉන්ධන ලීටරයකට ඔස්ට්‍රේලියානු ශත 52.6ක බද්දක් පැනවෙන අතර නව තීරණයත් සමග එය ඔස්ට්‍රේලියානු ශත 26.3ක් දක්වා අඩුවනු ඇති අතර මෙම තීරණය අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන බවද ඔස්ට්‍රේලියානු අගමැතිවරයා සඳහන් කර ඇත.


මේ අතර බර වාහන රියදුරන්ටද සහනයක් වශයෙන් බරවාහන මාර්ග පරිශීලක ගාස්තුවද මාස තුනක් සඳහා ඉවත් කිරීමටද පියවර ගෙන තිබේ.

| adaderana



මුලාශ්‍ර :

Australia to halve tax on fuel, underwrite spot cargoes

Australia to halve tax on fuel, underwrite spot cargoes in wake of Iran war

Labor cuts fuel excise for three months, saving Australians 26c a litre on petrol and diesel

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...