BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

ඉරානයට රතු නිවේදන හෙටින් අවසන්

T

The Leader Desk

April 6, 2026 • 7:17 AM

ඉරානයට රතු නිවේදන හෙටින් අවසන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරානයට හෝර්මුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට එක්සත් ජනපදය විසින් නිකුත් කර ඇති රතු නිවේදනය හෙටින් අවසන් වේ.
  • දකුණු ටෙහෙරාන් කලාපයේ නේවාසික ගොඩනැගිල්ලක් වෙත එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් අවම වශයෙන් සිවිල් වැසියන් 13ක් ජීවිතක්ෂයට පත් විය.
  •   ඊයේ (5) සිය ටෘත් සමාජ ගිණුමේ ප්‍රකාශයක් සටහන් කළ ජනපති ට්‍රම්ප්, ඉරානයේ බලශක්ති සහ ප්‍රවාහන යටිතල පහසුකම් වෙත තව දුරටත් ප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කළේය.
  • එය නිසැක යුධ අපරාධයක් බව දේශපාලන විශ්ලේෂකයෝ සඳහන් කරති.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අනුව, හෙට (7) එය වහා විවෘත කිරීමේ එකඟතාවක් නොවේ නම්, ටෙහෙරානයට මුරුගසන් වර්ෂාව පතිත කර, මිහිපිට අපාය පෙන්වන බවට එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර සිටී.

ඉරානයේ දී ප්‍රහාරයට ලක්ව විනාශ වූ  එක්සත් ජනපද ප්‍රහාරක යානයක වූ දෙවන නියමුවාද, එරට විශේෂ බලකා සෙබළුන් විසින් මුදා ගැනීමෙන් අනතුරුව, ඊට ප්‍රශංසා දක්වමින් ජනපති ට්‍රම්ප් එසේ පැවසීය.

 

dt4575

මේ වන විට පුරා සති පහක කාලයක් මුළුල්ලේ, ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය එක්ව ඉරානයට මිසයිල ප්‍රහාර එල්ල කරමින් සිටිති. ඉරාන න්‍යෂ්ටික අවි සහ බැලස්ටික් සංවර්ධන වැඩසටහන මෙන්ම, අසල රටවල මුස්ලිම් අන්තවාදී සන්නද්ධ කණ්ඩායම් වෙත ඉරානයේ සහාය මර්දනය  එහි පරම අභිමතාර්ථ වේ.  

යුද්ධය ආරම්භ වීමත් සමග, ලොව ඉන්දන ප්‍රවාහනයේ පහෙන් එකක් පමණ සිදු කෙරෙන හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දැමූ ඉරානය, ගල්ෆ් කලාපයේ එක්සත් ජනපද හමුදා කඳවුරු සහ වෙනත් මර්මස්ථාන ඉලක්ක කර ප්‍රහාර දියත් කළේය.

 

dt46

අද පෙරවරුවේ ටෙහෙරානයට දැවැන්ත සභාග ප්‍රහාර මාලාවක් එල්ල කෙරිණි. නගයේ ස්ථාන රැසකින් පිපිරීම් වාර්තා විය. දකුණු ටෙහෙරාන් කලාපයේ නේවාසික ගොඩනැගිල්ලක් වෙත එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් අවම වශයෙන් සිවිල් වැසියන් 13ක් ජීවිතක්ෂයට පත් විය.

dt67

 

ඊයේ (5) සිය ටෘත් සමාජ ගිණුමේ ප්‍රකාශයක් සටහන් කළ ජනපති ට්‍රම්ප්, ඉරානයේ බලශක්ති සහ ප්‍රවාහන යටිතල පහසුකම් වෙත තව දුරටත් ප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කළේය. එය නිසැක යුධ අපරාධයක් බව දේශපාලන විශ්ලේෂකයෝ සඳහන් කරති.

අඟහරුවාදා (7) යනු ඉරානයේ බලාගාර දිනය, පාලම් දිනය සහ ඒ සියල්ල එක මිටට ගෙන විනාශ කෙරෙන දිනය ලෙස ලියා තබා ගන්නා ලෙස එක්සත් ජනපද ජනපති අනතුරු ඇඟවීය.

dt679

"කවදාවත් නොවෙච්ච දේ දකින්නට සූදානම් වෙයල්ලා.....තෙපි අවලම් උමතු සුනඛයෝ; ඔය කෙහෙල් මල් සමුද්‍ර සන්ධිය අරපල්ලා, නැත්තං අපාගත වෙයල්ලා.....තොපට සිදුවන දේ බලා ගනිල්ලා.......අල්ලාහ් දෙවියන්ට ප්‍රශංසා වේවා..! මම ජනපති ඩොනල්ඩ් ජේ ට්‍රම්ප්," ඔහු සිය ටෘත් ගිණුමෙන් අනතුරු ඇඟවීය.

එහෙත්, ඉරානය අද දවස තුළ යම් ගිවිසුමකට පිවිසෙනු ඇතැයි අපේක්ෂා කරන බව ජනපතිවරයා පසුව සඳහන් කළේය.

 

dt34546
 යුද්ධයට තිත තැබෙන සාර්ථක විසඳුමක් කරා එළඹීමේ අරමුණින් එක්සත් ජනපද, ඉරාන සහ කලාපීය මැදහත් පාර්ශ්ව එක්ව දින 45 ක සටන් විරාමයක් පිලිබඳ සාකච්ඡාවේ පසුවන බව ද ඊයේ වාර්තා විය.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Trump vows 'hell' for Iran if Strait stays shut, says a deal is possible

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...