BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

ඉරාන ගැටුම අවසන් කිරීමට නව යෝජනාවලියක්

T

The Leader Desk

April 6, 2026 • 10:13 AM

ඉරාන ගැටුම අවසන් කිරීමට නව යෝජනාවලියක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරානය වෙත එක්සත් ජනපද - ඊශ්‍රායල ප්‍රහාර නවතාලමින්, යුද්ධය අවසන් කිරීමේ, අදියර දෙකකින් යුත් නවතම සාම සැලැස්මක් පිලිබඳ යෝජනාවලියක් ඉදිරිපත් කෙරේ.
  • යුද්ධයට සම්බන්ධ පාර්ශ්ව, අද (5) දිනය තුළ ඊට එකඟතා පල කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද එම පුවත් සේවය කියයි.
  • අනතුරුව තවත් දින 15ත් - 20ත් ඇතුළත අවසන් ගිවිසුමකට මග විවර කිරීමට නියමිතය.
  •   හෙට (7) දින සිට හෝර්මුස් සමුද්‍ර සන්ධිය විවෘත නොකෙරේ නම්, ටෙහෙරානයට 'මුරුගසන් වර්ෂා'  පතිත කර, මිහිපිට අපාය පෙන්වන බවට එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉස්ලාමාබාද් ගිවිසුම ලෙස නම් කර ඇති එය, ඉරානය සහ එක්සත් ජනපදය වෙත ඉදිරිපත් කර ඇතැයි රොයිටර්ස් පුවත් සේවය පවසයි.

යුද්ධයට සම්බන්ධ පාර්ශ්ව, අද (5) දිනය තුළ ඊට එකඟතා පල කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද එම පුවත් සේවය කියයි.

එම එකඟතා ප්‍රකාරව  සියලු එදිරිවාදිකම් නවතා හෝර්මුස් සමුද්‍ර සන්ධිය වහා විවෘත කිරීමට යෝජනා කෙරේ. අනතුරුව තවත් දින 15ත් - 20ත් ඇතුළත අවසන් ගිවිසුමකට මග විවර කිරීමට නියමිතය.

ac3454wv4y

 

හෙට (7) දින සිට හෝර්මුස් සමුද්‍ර සන්ධිය විවෘත නොකෙරේ නම්, ටෙහෙරානයට 'මුරුගසන් වර්ෂා'  පතිත කර, මිහිපිට අපාය පෙන්වන බවට එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කළේය. එහෙත්, තාවකාලික සටන් විරාමයක පිහිටා එය කිසිසේත් විවෘත නොකරන බව ඉරානය පැවසීය.

ඊයේ (5) රාත්‍රිය පුරාවට පාකිස්ථාන හමුදා ප්‍රධානී, ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර් මෙම නවතම යෝජනාවලිය පිලිබඳ ඉමහත් වෑයමින් කටයුතු කළේය. ඒ අනුව, ඔහු එක්සත් ජනපද උප ජනපති ජේ ඩී  වෑන්ස්, විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් සහ ඉරාන විදේශ අමාත්‍ය, අබ්බාස් අරඛිචි සමග සම්බන්ධීකරණ සාකච්ඡා පැවැත්වීය.  

 (සටහන |Reuters ඇසුරින්; හර්ෂ  උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

US and Iran receive peace proposal as Trump vows 'hell' if Strait stays shut

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඉරාන ගැටුම අවසන් කිරීමට නව යෝජනාවලියක් | The Leader