BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

එක්සත් ජනපද ගුවන් භටයා මුදා ගත් පුවත හෙළි කළ මාධ්‍යවේදියාට ජනපති ට්‍රම්ප්ගෙන් තර්ජන

T

The Leader Desk

April 7, 2026 • 10:03 AM

එක්සත් ජනපද ගුවන් භටයා මුදා ගත් පුවත හෙළි කළ මාධ්‍යවේදියාට ජනපති ට්‍රම්ප්ගෙන් තර්ජන

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරානයේදී අනතුරටපත් එක්සත් ජනපද ප්‍රහාරක යානයේ නියමුවා මුදා ගත් පුවත මුලින් වාර්තා කළ මාධ්‍යවේදියා, එම තොරතුරු ලද ආකාරය හෙළි කළ යුතු බවත් නොඑසේව, ඔහු සිරභාරයට පත් කරන බවටත් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කර්ජනය කළේය.
  • ඉරානය වෙත සිදු කෙරෙන එක්සත් ජනපද - ඊශ්‍රායල ප්‍රහාර සම්බන්ධ සෘණාත්මක විවරණ සහ වාර්තාකරණය සම්බන්ධයෙන් එරට ජනමාධ්‍යායතන සහ ප්‍රකාශන රැසක් ට්‍රම්ප් පරිපාලනයේ විවේචනයට බඳුන්ව පවතී.
  • පසු ගිය සිකුරාදා (3) ඉරාන අහසේ දී එක්සත් ජනපද ප්‍රහාරක යානාවක්යානයක් වෙඩි තබා බිම හෙලීමෙන් අනතුරුව එහි සිටි ගුවන් භටයින් දෙදෙනාගෙන් අයකු එක්සත් ජනපද හමුදා විසින් සාර්ථකව මුදා ගත් බව මාධ්‍ය රැසක් වාර්තා කළහ.
  • එම අනාවරණය, දෙවන ගුවන් භටයා මුදා ගැනීම පිණිස දියත් කළ මෙහෙයුම අනතුරේ හෙළූ බවට ජනපති ට්‍රම්ප් චෝදනා කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඊයේ (6), ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී ජනපතිවරයා සිදු කළ මෙම තර්ජනය, ට්‍රම්ප් පරිපාලනය විසින් මාධ්‍ය වෙත එල්ල කර ඇති පීඩනය තව දුරටත් උත්සන්න කරන්නක් බව විචාරකයෝ පවසති.

ඉරානය වෙත සිදු කෙරෙන එක්සත් ජනපද - ඊශ්‍රායල ප්‍රහාර සම්බන්ධ සෘණාත්මක විවරණ සහ වාර්තාකරණය සම්බන්ධයෙන් එරට ජනමාධ්‍යායතන සහ ප්‍රකාශන රැසක් ට්‍රම්ප් පරිපාලනයේ විවේචනයට බඳුන්ව පවතී.

tet4v5y4b5y

පසු ගිය සිකුරාදා (3) ඉරාන අහසේ දී එක්සත් ජනපද ප්‍රහාරක යානාවක්යානයක් වෙඩි තබා බිම හෙලීමෙන් අනතුරුව එහි සිටි ගුවන් භටයින් දෙදෙනාගෙන් අයකු එක්සත් ජනපද හමුදා විසින් සාර්ථකව මුදා ගත් බව මාධ්‍ය රැසක් වාර්තා කළහ. එම අනාවරණය, දෙවන ගුවන් භටයා මුදා ගැනීම පිණිස දියත් කළ මෙහෙයුම අනතුරේ හෙළූ බවට ජනපති ට්‍රම්ප් චෝදනා කළේය. කෙසේ වුව, දැඩි පරිශ්‍රමයකින් සිදුකළ බිහිසුණු සන්නද්ධ මෙහෙයුමකින් අනතුරුව එම ගුවන් භටයා ද මුදා ගැනීමට එක්සත් ජනපද හමුදා සමත් විය.

"පැයක් යනකල් අපි, පළමුවෙනි ගලවාගැනීමේ මෙහෙයුම අනාවරණය කළේ නෑ. ඒ අතරෙ මොකෙක් හරි එකෙක් වැඩේ ලීක් කළා. අපි ඒ මිනිහවත් කොහොම හරි හොයා ගන්නවා. අපි ඕක එලි කරපු මාධ්‍ය ආයතනයට  යනවා, ගිහින් කියනවා, 'ජාතික ආරක්ෂාව!', එක්කෝ ඕක වහල දාපල්ලා, නැත්තං, කල්දේරං බත් කාපල්ලා,"  ජනපති ට්‍රම්ප් පැවසීය.

 

ජනපතිවරයා ඇඟිල්ල දිගු කළේ කුමන ආයතනයක මාධ්‍යවේදියකුට දැයි තවමත් අනාවරණයව නැත. එහෙත්, එක්සත් ජනපද මාධ්‍යායතන කිහිපයක් විසින්ම, එම ගුවන් භටයා මුදා ගැනීමේ පුවත ඉතා කෙටි වේලාවක් තුළ වාර්තා කර තිබිණි. ද නිව් යෝර්ක් ටයිම්ස් (The New York Times), සී.බී.එස්. නිව්ස් ( CBS News) සහ ඇක්සියොස් (Axios) මාධ්‍යායතන ද ඒ අතර විය.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Trump threatens jail for reporter who revealed Iran airman rescue

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...