BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

බ්‍රිතාන්‍ය වෛද්‍යවරු වැඩ වරති

T

The Leader Desk

April 7, 2026 • 10:33 AM

බ්‍රිතාන්‍ය වෛද්‍යවරු වැඩ වරති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බ්‍රිතාන්‍ය වෛද්‍යවරු වැඩ වර්ජනයක් අරඹති. අද (7) සිට ඉදිරි සය දින පුරා එම වර්ජනය ක්‍රියාත්මකය.
  • පාස්කු නිවාඩු කාලය තුළ ක්‍රියාත්මක එම වර්ජනය මෙම මස 13 උදෑසන අවසන් කිරීමට නියමිතය.
  • මේ සම්බන්ධයෙන් රජය විසින් ඉදිරිපත් කරන ලද කොන්දේසි ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්, අමතර විශේෂිත පුහුණු තනතුරු 1000ක් පිණිස මූල්‍ය ප්‍රතිපාදන නිකුත් කිරීමට ගත් තීරණය ද අවලංගු කෙරිණි.
  • රජයේ  යෝජනාව ප්‍රතික්ෂේප කිරීම වැරදි සහ අන්තරයාකර තීරණයක් බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):


වැටුප් සහ කාර්ය මණ්ඩල ගැටළු මත එම වර්ජනය සිදු කෙරේ.

පාස්කු නිවාඩු කාලය තුළ ක්‍රියාත්මක එම වර්ජනය මෙම මස 13 උදෑසන අවසන් කිරීමට නියමිතය.

 

t5445yrtyrt

එකඟතා පිණිස අග්‍රාමාත්‍ය කෙයර් ස්ටාර්මර් විසින් ලබා දුන් කාලය ද නිෂ්ඵල විය. මේ සම්බන්ධයෙන් රජය විසින් ඉදිරිපත් කරන ලද කොන්දේසි ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්, අමතර විශේෂිත පුහුණු තනතුරු 1000ක් පිණිස මූල්‍ය ප්‍රතිපාදන නිකුත් කිරීමට ගත් තීරණය ද අවලංගු කෙරිණි.

රජයේ  යෝජනාව ප්‍රතික්ෂේප කිරීම වැරදි සහ අන්තරයාකර තීරණයක් බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.

 

v4656ub5u
බ්‍රිතාන්‍ය වෛද්‍ය සංගමය, නේවාසික වෛද්‍යවරු 55,000ක ගෙන් පමණ යුක්ත වේ.  පූර්වයෙහි ඔවුන් කණිෂ්ඨ වෛද්‍යවරුන් ලෙස හැඳින්විණි. සමස්ත බ්‍රිතාන්‍ය වෛද්‍ය කාර්ය මණ්ඩලයෙන් හරි අඩක් පමණ ඔවුන්ගෙන් සමන්විත ය.

උද්ධමනය  හේතුවෙන් බ්‍රිතාන්‍යයේ වෛද්‍ය වැටුප් ගැටළු මතුව පවතී.

යෝජිත 3.5%ක වැටුප් වර්ධනය ඊට සහනයක් පිණිස ඉදිරපත් කළ බවත්, තෙවසරක් තුළ වෛද්‍ය වැටුප්  35%කින් වැඩි කිරීම අරමුණ වූ බවත්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා පසුගිය සතියේ පැවසීය.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

Doctors in England begin six-day strike after rejecting government's pay, workforce deal

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

බ්‍රිතාන්‍ය වෛද්‍යවරු වැඩ වරති | The Leader