BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

ඉරානය වැටෙයි ද?

T

The Leader Desk

April 7, 2026 • 11:05 AM

ඉරානය වැටෙයි ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාකිස්ථාන මැදහත් ප්‍රයත්න තීරණාත්මක අදියරක - ඉරානය කියයි.
  • ඉරාන යටිතල පහසුකම් බිහිසුණු ලෙස වනසන බවට ප්‍රතිඥා.
  • ඉරානය  සහ ඊශ්‍රායලය අතර අදත් (7) ගුවන් ප්‍රහාර හුවමාරු විය.
  • හෝර්මුස් සමුද්‍ර සන්ධිය විවෘත නොකරන බව ටෙහෙරානය අවධාරණය කළ අතර, නවතම සටන් විරාම යෝජනාවද ප්‍රතික්ෂේප කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


දුම්රිය සහ දුම්රිය මාර්ග වෙතින් වහා ඉවත්වන ලෙස ඊශ්‍රායලය, ඉරාන වැසියන්ට දන්වයි.

ජනපති ට්‍රම්ප් දුන් කාලය තව හොරා කිහිපයකින් අවසන්. ඉරාන යටිතල පහසුකම් බිහිසුණු ලෙස වනසන බවට ප්‍රතිඥා.

ඉරානය  සහ ඊශ්‍රායලය අතර අදත් (7) ගුවන් ප්‍රහාර හුවමාරු විය. හෝර්මුස් සමුද්‍ර සන්ධිය විවෘත නොකරන බව ටෙහෙරානය අවධාරණය කළ අතර, නවතම සටන් විරාම යෝජනාවද ප්‍රතික්ෂේප කළේය. සිය ඉල්ලීම් පිණිස එකඟ වීමට ජනපති ට්‍රම්ප් විසින් ඉරානයට ලබා දුන් කාලය ඉක්ම යාමට ඇත්තේ තවත් හොරා කිහිපයක් පමණි. ඊට පෙර කැමැත්ත පල නොකරන්නේ නම්, ඉරානය ඉඳුරා වනසන බවට ඔහු විසින් සිදු කළ තර්ජනය නොවෙනස් ය.

යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් පාකිස්ථානයේ ධනාත්මක මැදිහත්වීම සහ අප්‍රතිහත වෑයම මේ මොහොතේ අතිශය තීරණාත්මක මෙන්ම සංවේදී අදියරකට එළැඹ ඇතැයි, එරට ඉරාන තානාපති පැවසීය.

 

ir67
හදිසි සටන් විරාමයකට එළැඹෙන ලෙස පාකිස්ථානය හරහා ඉදිරිපත් කරන ලද එක්සත් ජනපද යෝජනාව ඉරානය ප්‍රතික්ෂේප කළේය. සියලු එදිරිවාදිකම් නවතා, හෝර්මුස් සමුද්‍ර සන්ධිය වහා විවෘත කර, අනතුරුව තවත් දින 15ත් - 20ත් ඇතුළත අවසන් ගිවිසුමකට මග විවර කිරීම එම යෝජනාවේ අරමුණ විය.

ඊට විපක්ෂව ඉරානය ද කරුණු 10කින් යුත් යෝජනාවලියක් ඉදිරිපත් කළේය. කලාපීය යුද ගැටුම මුළුමනින්ම අවසන් කිරීම, ආරක්ෂිතව හෝර්මුස් සමුද්‍ර සන්ධිය තරණයට නිසි ක්‍රමවේදයක් සැකසීම, සම්බාධක ඉවත් කිරීම සහ විනාශ කරන ලද යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය ද ඊට ඇතුළත් ය.

අද උදෑසන අති සාර්ථක ප්‍රහාර මාලාවකින් ටෙහෙරානයේ සහ අන් පෙදෙස් කිහිපයක රාජ්‍ය යටිතල පහසුකම් මුළුමනින් විනාශ කළ බව ඊශ්‍රායල හමුදා ප්‍රකාශ කළහ. සිය ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් ඉරානය වෙතින් එල්ල කරන ලද මිසයිල නිෂ්ක්‍රීය කෙරුණු බව ද එම හමුදා දන්වා සිටියහ.

ir 68

 

අද සන්ධ්‍යාව පසුවන තෙක් දුම්රිය සහ එම මාර්ග මගහැර සිටින ලෙස ඊශ්‍රායල හමුදා පර්සියානු බසින් පල කෙරෙන සිය එක්ස් (X) ගිණුමෙන් ඉරාන වැසියන්ට පූර්ව දැනුම් දීම් ද නිකුත් කළහ.

සෞදි අරාබියේ පෙරදේග කලාපය වෙත එල්ල කෙරුණු මිසයිල ප්‍රහාරයක් එරට ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් නිෂ්ක්‍රීය කෙරිණි. එම සුන්බුන් එහි බලශක්ති මධ්‍යස්ථාන පරිශ්‍රයක් අසලට පතිත වූ බව ද වා ර් තා විය.

එක්  රැයකින් සමස්ත ඉරානයම විනාශ කර දැමිය හැකි බවට ජනපති ට්‍රම්ප් ඊයේ තර්ජනය කළේය.  එම රාත්‍රිය අද එළැඹේ.  

එක්සත් ජනපද ජනපති විසින් නිවේදිත කාල සීමාවට පෙර අභිප්‍රාය පළ නොකළහොත්, අති  බිහිසුණු ප්‍රහාර මාලාවකින් ඉරාන බලාගාර සහ යටිතල පහසුකම්, මුළුමනින්ම විනාශ කිරීම ඔහුගේ සැලසුම වේ.

ir 69
ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ, ඉරානයේ සියලු පාලම් පුපුරවා හැරේ. එහි සියලු බලාගාර ද විනාශ කෙරේ. ඒ සියල්ල පුපුරවා, ගිනි තබා යළි කිසි දා පිළිසකර කළ නොහැකි සේ වනසන බවට ජනපති ට්‍රම්ප් විසින් තර්ජනය කර තිබේ.

එක්සත් ජනපද ජනපති විසින් ඉරානයට ලබා දුන් කාල සීමාව ඉක්ම යමින් පවතින මොහොතේ, බොර තෙල් බැරලය ඇමෙරිකානු ඩොලර් 110ක පවතී.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍ර :

Under airstrikes, Iran defiant on eve of Trump's ceasefire deadline

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...