BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

මාරාවේශයට මුහුණ දීමට ඉරානය සූදානම් ද?

T

The Leader Desk

April 7, 2026 • 2:56 PM

මාරාවේශයට මුහුණ දීමට ඉරානය සූදානම් ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට පනවා ඇති නවතම අවසන් නිවේදන හමුවේ, ගෝලීය වෙළඳපොළ
  • ඒ අනුව, අනුකූලතා දැක්වීමට ඉරානයට ලබා දුන් කාලය ඉක්ම යාමට ඇත්තේ තවත් හොරා කිහිපයක් පමණි.
  • එක් රැයකින් ඉරානය සහමුළින් වනසන බවට ජනපති ට්‍රම්ප් තර්ජනය  කරයි.
  • ඉරානයට මෙතෙක් දී ඇති සහන කාලය අද වොෂින්ටනයේ වේලාවෙන් රාත්‍රී 8.00ට අවසන් ය.
අකුරු ප්‍රමාණය (Font Size):

යළි සංසයාර්ථයක් මතුව පවතී. ඒ අනුව, අනුකූලතා දැක්වීමට ඉරානයට ලබා දුන් කාලය ඉක්ම යාමට ඇත්තේ තවත් හොරා කිහිපයක් පමණි.

ටෙහෙරානය සිය පාර්ශවයෙන් හෝර්මුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම තව දුරටත් ප්‍රතික්ෂේප කර සිටී. එක් රැයකින් ඉරානය සහමුළින් වනසන බවට ජනපති ට්‍රම්ප් තර්ජනය  කරයි.

එක්කෝ, ජනපති ට්‍රම්ප් සිය යුද තීරණය ක්‍රියාත්මක කළ යුතුය. නැතිනම්, ඉරානයට තවත් කල් දීමක් නිවේදනය කළ යුතුය. ඉරානයට මෙතෙක් දී ඇති සහන කාලය අද වොෂින්ටනයේ වේලාවෙන් රාත්‍රී 8.00ට අවසන් ය. එවිට ඉරානයේ වේලාව හෙට (8) අළුයම 3.30 ය. ශ්‍රී ලංකාව ඉරාන වේලාවෙන් දෙපැයක් ඉදිරියෙන් සිටී.

බොර තෙල් මිල ඉහළ යයි

බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක අද මිල ඇමෙරිකානු ඩොලර් 111ක් තෙක් ඉහළ ගියේය. එක්සත් ජනපද ඩබ්ලිව්.ටී. අයි. (U.S. WTI ) බොර තෙල් බැරලය ඩොලර් 113 සිට 116 තෙක් ඉහළ ගියේය.

ඉරානයේ කෂාන් වෙත එල්ල කරන ලද ප්‍රහාරයකින් දුම්රිය පාලමක්  විනාශ විය. ඉන්, පුද්ගලයින් දෙදෙනෙක් ද ජීවිතක්ෂයට පත් වූහ. වයඹදිග ඉරානයේ ටබ්‍රිස් - සන්ජාන් හි අධිවේගී මාර්ගයක පාලමක් ද සභාග ප්‍රහාර හමුවේ විනාශ විය.

සමස්ත කලාපයටම තවත් වසර ගණනකට කිසිත් කර කියාගත නොහැකි වන සේ එක්සත් ජනපදයට සහ එම මිත්‍ර සමාගමට අයත් බලශක්ති ඇතුළු යටිතල පහසුකම් සියල්ල දැවැන්ත ලෙස වනසා දමන බවට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය විසින් නවතම නිවේදන නිකුත් කර ඇත. එමගින්, ඉදිරි වසර රැස පුරා ගෝලීය බොර තෙල් සහ ගෑස් අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇත.

"සිවිල් ඉලක්ක වෙත ප්‍රහාර ආරම්භ කරන ලද්දේ අප විසින් නොවේ. එහෙත්, අප භූමියේ ඉලක්ක වෙත එල්ල කෙරෙන ඕනෑම සතුරු ප්‍රහාරයක දී ප්‍රති-ප්‍රහාර එල්ල කිරීමට පසුබට නොවන්නෙමු," ඉරාන විප්ලවීය බලකා නිවේදනයක දැක්වේ.

ජනපති ට්‍රම්ප් සූදානම් වන්නේ ඉරානයට මිහි මත අපාය පෙන්වීමට ය. සිවිල් ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කෙරෙන එම සැලසුම් සියල්ල ජාත්‍යන්තර යුද අපරාධ බව නීති විශාරදයෝ පවසති.  

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Iran war live: Tehran rejects ceasefire deal as Trump's deadline to reopen Strait of Hormuz nears


 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...