BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

ඉස්තාන්බුල් හි ඊශ්‍රායල කොන්සියුලර් කාර්යාලයට වෙඩි

T

The Leader Desk

April 7, 2026 • 2:59 PM

ඉස්තාන්බුල් හි ඊශ්‍රායල කොන්සියුලර් කාර්යාලයට වෙඩි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉස්තාන්බුල් නුවර පිහිටි ඊශ්‍රායල කොන්සියුලර් කාර්යාලයට අද (7) වෙඩි ප්‍රහාරයක් එල්ල විය.
  • වෙඩි හුවමාරුව මිනිත්තු 10ක් පමණ පැවති බව රොයිටර්ස් පුවත් සේවය පැවසීය.
  • අඳුරු පැහැ වස්ත්‍රයකින් සැරසී ගමන් මල්ලක් ද කරලා සිටි එක් ප්‍රහාරකයකු අසල නවතා තිබූ සුදු පැහැති පොලිස් සහ ආරක්ෂක බස් රථ අතර සිට ස්වයංක්‍රීය රයිෆලයකින්  සහ තවත් ගිනි අවියකින් වෙඩි ප්‍රහාර එල්ල කළ බව සිද්ධිය ඇසින් දුටුවෝ පැවසූහ.
  • එම ප්‍රහාරය පිණිස වෙඩික්කරුවන් තිදෙනකු පැමිණ ඇතැයි, මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල  ඉදිරිපිට සිදු වූ වෙඩි හුවමාරුවකින් ප්‍රහාරය පිණිස පැමිණි සන්නද්ධ පුද්ගලයින්ගෙන් අයෙක් ඝාතනය ව, තවත් ප්‍රහාරකයින් දෙදෙනෙක් තුවාළ ලදහ.

වෙඩි හුවමාරුව මිනිත්තු 10ක් පමණ පැවති බව රොයිටර්ස් පුවත් සේවය පැවසීය.

අඳුරු පැහැ වස්ත්‍රයකින් සැරසී ගමන් මල්ලක් ද කරලා සිටි එක් ප්‍රහාරකයකු අසල නවතා තිබූ සුදු පැහැති පොලිස් සහ ආරක්ෂක බස් රථ අතර සිට ස්වයංක්‍රීය රයිෆලයකින්  සහ තවත් ගිනි අවියකින් වෙඩි ප්‍රහාර එල්ල කළ බව සිද්ධිය ඇසින් දුටුවෝ පැවසූහ.

එම ප්‍රහාරය පිණිස වෙඩික්කරුවන් තිදෙනකු පැමිණ ඇතැයි, මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබේ. ඔවුන් අන්තවාදී ආගමික කල්ලියක සාමාජිකයින් බවට සැක කෙරේ.

එම වෙඩි හුවමාරුවේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ද සුළු තුවාළ ලදහ.

පසුගිය වසර දෙකකුත් සය මසක කාලය තුළ එම කොන්සියුලර් කාර්යාලයේ කිසිදු ඊශ්‍රායල රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු නොවූ බව, ඉස්තාන්බුල් ආණ්ඩුකාර දවුත් ගුල්, එහි රැස්වූ මාධ්‍යවේදීන් අමතා පැවසීය. 2023 වසරේ හමාස් - ඊශ්‍රායල ගැටුම් ආරම්භ වීමත් සමග එම කාර්ය මණ්ඩල, එම පරිශ්‍රය හැර ගිය බව ඔහු කීය.

ගාසා යුද්ධය සම්බන්ධයෙන් ඊශ්‍රායලය, තුර්කියේ නිර්දය විවේචනයට ලක් විය. ඊශ්‍රායලයේ, තුර්කි තානාපතිවරයාද 2023 නොවැම්බර මස යළි කැඳවීමට පියවර ගැනිණි. එතැන් සිට දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා දෙදරා ගියේය.

 පලස්තීන හිතවාදීහු තුර්කිය පුරා සේම, එම කොන්සියුලර් කාර්යාල පරිශ්‍රය ඉදිරිපිට ද උද්ඝෝෂණ දියත් කළහ. එතැන් සිට, ඒ අවට පොලිස් ආරක්ෂාව දැඩි කෙරිණි. එහෙත්, ආරක්ෂක හේතූන් මත ඊශ්‍රායල රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීහු තුර්කිය හැර ගියහ.

 (සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)


මුලාශ්‍රය :

Gunfight outside Israeli consulate in Istanbul leaves one attacker dead


 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඉස්තාන්බුල් හි ඊශ්‍රායල කොන්සියුලර් කාර්යාලයට වෙඩි | The Leader