BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

ට්‍රම්ප් සති දෙකක සටන් විරාමයක් ප්‍රකාශයට පත්කරයි

T

The Leader Desk

April 8, 2026 • 3:35 AM

 ට්‍රම්ප් සති දෙකක සටන් විරාමයක් ප්‍රකාශයට පත්කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • * ඉරානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය සති දෙකක කොන්දේසි සහිත සටන් විරාමයකට එකඟවෙති.
  • * සටන්විරාමය හමුවේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 13.6% කින් පමණ පහත වැටී ඩොලර් 94.50 ක් ලෙස සටහන්වේ.
  • * දෙපාර්ශවය අතර සාකච්ඡා පාකිස්ථානයේදී පැවැත්වෙන බව ඉරානය පවසයි.
  •   ඉරානය සමඟ සති දෙකක කාලසීමාවකට සටන් විරාමයක් ප්‍රකාශයට පත්කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

* එක්සත් ජනපදයේ සහ ඉරානයේ 'ප්‍රඥාව සහ අවබෝධය' පකිස්ථාන අගමැතිගේ පැසසුමට.

* සටන්විරාමය හමුවේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 13.6% කින් පමණ පහත වැටී ඩොලර් 94.50 ක් ලෙස සටහන්වේ.

* දෙපාර්ශවය අතර සාකච්ඡා පාකිස්ථානයේදී පැවැත්වෙන බව ඉරානය පවසයි.

 

ඉරානය සමඟ සති දෙකක කාලසීමාවකට සටන් විරාමයක් ප්‍රකාශයට පත්කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබේ.

අමෙරිකානු ජනාධිපතිවරයා සිට Truth Social ගිණුමේ සටහනක් තබමින් ඒ බව සඳහන් කර ඇත.

 

 පාකිස්ථාන නායකත්වය සමඟ සාකච්ඡා කිරීමෙන් පසු, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමනාගමනයට ඉඩ දීමට ඉරානය එකඟ වුවහොත්, එක්සත් ජනපදය සහ ඉරානය අතර සටන් විරාමයක් ඇති වන බව ඇමෙරිකානු ජානාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.

 

මෙම සටන් විරාමය ක්‍රියාත්මක කිරීම සඳහා ට්‍රම්ප් විසින් ප්‍රධාන කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර තිබේ.

එහි ප්‍රධාන කොන්දේසිය වන්නේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) සම්පූර්ණයෙන්ම, වහාම සහ ආරක්ෂිතව විවෘත කිරීමට ඉරානය එකඟ විය යුතුය.
මෙය දෙපාර්ශවයටම බලපාන "දෙපාර්ශවික සටන් විරාමයක්" (Double sided ceasefire) ලෙස හඳුන්වා දී ඇත.

මෙහිදී අමෙරිකාව විසින් ඉරානයට එල්ල කරන ප්‍රහාර සහ බෝම්බ හෙලීම සති දෙකක කාලයකට අත්හිටුවීමට යෝජනා කර තිබේ.

"ඉරානයට බෝම්බ හෙලීම සහ ප්‍රහාර එල්ල කිරීම සති දෙකක කාලයක් සඳහා අත්හිටුවීමට මම එකඟ වෙමි," ඔහු කියා සිටියි.

 

සති දෙකකට හෝර්මූස් හරහා ගමන ආරක්ෂිතයි

 

ඉරානයට එරෙහි ප්‍රහාර නතර කළහොත් තමන් සටන් විරාමයකට එකඟ වන බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසයි.

ඒ අනුව සති දෙකක කාලයක් සඳහා හේර්මූස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිතව ගමන් කිරීමට හැකි වනු ඇතැයි ඔහු වැඩිදුරටත් කියා සිටී.

ප්‍රහාර නතර කරන්නේ නම් ඉරාන සන්නද්ධ හමුදා ද ඔවුන්ගේ ආරක්ෂක මෙහෙයුම් නවත්වන බවටද අබ්බාස් අරග්චි පවසයි.

 

සටන් විරාමය අතරතුර ඊශ්‍රායලයෙන් ඉරානය වෙත ගුවන් ප්‍රහාර මාලාවක්

 

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සති දෙකක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළද, අද (8) අලුයම් කාලයේද ඊශ්‍රායල හමුදාව විසින් ඉරානය වෙත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

ඊශ්‍රායලයේ 'චැනල් 12' (Channel 12) පුවත් සේවය උපුටාගමින් විදෙස් මාධ්‍ය මේ බව වාර්තා කර ඇත.

මෙහිදී, ඉරානය සතු මිසයිල දියත් කිරීමේ මධ්‍යස්ථාන ප්‍රධාන ඉලක්ක වූ බව සඳහන් වේ.

මේ අතර සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළද, අද අලුයම මැදපෙරදිග කලාපය පුරා දැවැන්ත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල වෙමින් පවතින බව වාර්තා වේ.

කුවේට්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය සහ සෞදි අරාබිය යන රටවල් පුරා අනතුරු ඇඟවීමේ සයිරන් නාද ඇසෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කුවේට් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තම ගුවන් සීමාවට ඇතුළු වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මැඩපැවැත්වීමට කටයුතු කරන බව එම රටවල හමුදා මාධ්‍ය හරහා නිවේදනය කර ඇත.

බහරේනය තම වැසියන්ට ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙස උපදෙස් දී ඇති අතර, සෞදි අරාබිය සිය අල්-කර්ජ් (Al-Kharj) ප්‍රදේශයට හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

| aruna

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...