BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

චීන විදේශ ඇමති උතුරු කොරියාවේ සංචාරයක

T

The Leader Desk

April 8, 2026 • 12:34 PM

 චීන විදේශ ඇමති උතුරු කොරියාවේ සංචාරයක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චීන විදේශ අමාත්‍ය,වැඞ් යී උතුරු කොරියාවේ සංචාරයකට සැරසේ. මෙම මස 9 - 10 අතර එම සංචාරය සිදු කිරීමට නියමිතය.
  • චීන විදේශ අමාත්‍යවරයා ලෙස වැඞ් යී අවසන් වරට උතුරු කොරියාවේ සංචාරයක නිරත වුයේ 2019 වසරේ දී ය.
  • එවැනි පසුබිමක, චීන විදේශ අමාත්‍යවරයාගේ එළැඹෙන උතුරු කොරියානු නිල සංචාරය, ද්වීපාර්ශ්වීය සබඳතා තර කිරීම උදෙසා මාහැඟි පිටුවහලක් වන බව අපේක්ෂාවයි," චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා, මාවෝ නිඞ් ජන මාධ්‍ය හමුවේ පැවසීය.
  • චීනය හා උතුරු කොරියාව අතර ද්වීපාර්ශ්වීය සබඳතා සුරක්ෂා කිරීම, ශක්තිමත් කිරීම සහ සංවර්ධනය, පාලක පක්ෂයේ සහ රජයේ අචල උපායමාර්ගික  ප්‍රතිපත්තියක් බව ද ඇය වැඩි දුරටත් සඳහන් කළාය.
අකුරු ප්‍රමාණය (Font Size):


එය, කොවිඩ් - 19 ගෝලීය වසංගතයෙන් අනතුරුව පෙරදිග ආසියානු අසල්වැසි දෙරට අතර ද්වීපාර්ශ්වීය සබඳතා උදෙසා තැබෙන දැවැන්ත පියවරකි.

චීන විදේශ අමාත්‍යවරයා ලෙස වැඞ් යී අවසන් වරට උතුරු කොරියාවේ සංචාරයක නිරත වුයේ 2019 වසරේ දී ය. ඒ, එම වසර මුල පැවති  දෙරට නායක හමුවෙන් අනතුරුව ය.

ch 1

"චීනය සිය දිගුකාලීන මිතුරකු වන උතුරු කොරියාව සමග උපාය මාර්ගික සන්නිවේදනය ඔස්සේ සහයෝගිතා හුවමාරු ප්‍රවර්ධනයට ප්‍රසාදශීලී ප්‍රවේශයකට අවතීර්ණ වීමේ අපේක්ෂාවෙන් පසුවනවා. එවැනි පසුබිමක, චීන විදේශ අමාත්‍යවරයාගේ එළැඹෙන උතුරු කොරියානු නිල සංචාරය, ද්වීපාර්ශ්වීය සබඳතා තර කිරීම උදෙසා මාහැඟි පිටුවහලක් වන බව අපේක්ෂාවයි," චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා, මාවෝ නිඞ් ජන මාධ්‍ය හමුවේ පැවසීය.

චීනය හා උතුරු කොරියාව අතර ද්වීපාර්ශ්වීය සබඳතා සුරක්ෂා කිරීම, ශක්තිමත් කිරීම සහ සංවර්ධනය, පාලක පක්ෂයේ සහ රජයේ අචල උපායමාර්ගික  ප්‍රතිපත්තියක් බව ද ඇය වැඩි දුරටත් සඳහන් කළාය.

කොවිඩ් - 19 වසංගත හමුවේ දෙරට අතර සහයෝගිතා දුරස් වුව, උතුරු කොරියාව සිය කක්ෂය වෙත ලඟා කරගැනීම උදෙසා චීනය වෙසෙස් කාර්යයක් ඉටු කළේය. උතුරු කොරියා නායක,  කිම් ජොඞ් උන් රුසියාව සමග ද්වීපාර්ශ්වීය සහයෝගය තර කළ අතර යුක්‍රේනයට එරෙහි රුසියානු යුද්ධයට සහාය පිණිස උතුරු කොරියානු කුලී හේවායන් ද පිටත් කර හැරියේය.

ch 2
2020 වසරේ කොවිඩ් - 19 වසංගතයත් සමග සය වසරක් තිස්සේ ඇණ හිට තිබූ, බෙයිජිඞ් සහ ප්‍යෝන්ග්යැන්ග් අතර මගී දුම්රිය සේවා පසු ගිය මාර්තු මස යළි ඇරඹිණි.  චීනයේ 'එයාර් චයිනා' නිල ගුවන් සේවය ද දෙරට අගනුවර අතර ගුවන් සේවා නැවත ආරම්භ කිරීමට පියවර ගත්තේය.

උතුරු කොරියානු නායක කිම් ජොඞ් උන්, ඉකුත් සැප්තැම්බරයේ කවචාවරණිත ආරක්ෂක දුම්රියකින් බෙයිජිඞ් නුවර පැවති දැවැන්ත හමුදා සංදර්ශනයකට සහභාගී විය. එහිදී, ඔහු රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් ඇතුළු නායකයින් රැසක් හමු විය. ඔහු සහ චීන ජනපති ෂී ජින්පිඞ් අතර විශේෂ හමුවක් ද පැවැත්විණි.

එහි ප්‍රතිඵලයක් ලෙස, ඉකුත් ඔක්තෝබරයේ චීන අග්‍රාමාත්‍ය, ලී චියැන්, ප්‍යෝන්ග්යැන්ග් හි නිල සංචාරයක නිරත විය.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

China's foreign minister to visit North Korea to bolster loosened ties

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...