BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

හෝමූස් සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලයට චීන - රුසියා ඒකාබද්ධ නව කෙටුම්පතක්

T

The Leader Desk

April 9, 2026 • 4:06 AM

හෝමූස් සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලයට චීන - රුසියා ඒකාබද්ධ නව කෙටුම්පතක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හෝමූස් සමුද්‍ර සන්ධිය පිළිබඳ නව කෙටුම්පත් යෝජනාවක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය‍ වෙත ඉදිරිපත් කිරීමට චීනයත් රුසියාවත් පියවර ගෙන තිබේ.
  • චීනය හා රුසියාව විසින් ඒකාබද්ධව ඉදිරිපත් කරන ලද එම යෝජනා කෙටුම්පත නිල වශයෙන් ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවල් වෙත යොමු කර ඇතැයි ද ඇය එහිදී සඳහන් කර තිබේ.
  • අනතුරුව චීනයත් රුසියාවත් එක්ව වත්මන් මැදපෙරදිග තත්ත්වය හා සාගර ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කරමින් නව කෙටුම්පත් යෝජනාවක් ඉදිරිපත් කළ බව එම රටවල එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතයින් දැනුම් දී ඇත.
  • මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න වෙත පිළිතුරු දෙමින් Mao Ning පවසා ඇත්තේ, හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනය සඳහා බාධා එල්ලවීමට මූලික වී ඇත්තේ අමෙරිකාව හා ඊශ්‍රායලය ඉරානයට එරෙහිව නීති විරෝධි යුද මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම බවය.
අකුරු ප්‍රමාණය (Font Size):


චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මාධ්‍ය හමුවට එක්වෙමින් ඊයේ (08) මේ බව ප්‍රකාශ කර ඇත.

චීනය හා රුසියාව විසින් ඒකාබද්ධව ඉදිරිපත් කරන ලද එම යෝජනා කෙටුම්පත නිල වශයෙන් ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවල් වෙත යොමු කර ඇතැයි ද ඇය එහිදී සඳහන් කර තිබේ.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත මීට පෙර බහරේන රජය විසින් ඉදිරිපත් කළ හෝමූස් සමුද්‍ර සන්ධිය පිළිබඳ කෙටුම්පත් යෝජනාවට චීනයත් රුසියාවත් විරෝධය දැක්වීමෙන් එය සම්මත නොවිණ.

අනතුරුව චීනයත් රුසියාවත් එක්ව වත්මන් මැදපෙරදිග තත්ත්වය හා සාගර ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කරමින් නව කෙටුම්පත් යෝජනාවක් ඉදිරිපත් කළ බව එම රටවල එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතයින් දැනුම් දී ඇත.

homuz 260321

මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න වෙත පිළිතුරු දෙමින් Mao Ning පවසා ඇත්තේ, හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනය සඳහා බාධා එල්ලවීමට මූලික වී ඇත්තේ අමෙරිකාව හා ඊශ්‍රායලය ඉරානයට එරෙහිව නීති විරෝධි යුද මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම බවය.

එබැවින් හැකි ඉක්මණින් සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම අදාළ ගැටලු විසඳා ගැනීමේ මූලික පියවරක් බවත්, ආරක්ෂක මණ්ඩලයේ ක්‍රියාමාර්ග ගැටුම් අවම කිරීම සහ සමනය කිරීම කෙරෙහි යොමු විය යුතු බවත් Mao Ning එහිදී පවසා ඇත.

එමෙන්ම ආරක්ෂක මණඩලයේ පැවති ඡන්ද විමසීමේදී චීනයේ ස්ථාවරය සාධාරණ මෙන්ම යුක්ති සහගත වූ බවත් එය ඓතිහාසික නිරීක්ෂණයකට ලක්විය හැකි බවත් ඇය අවධාරණය කර තිබේ.  

චීනය හා රුසියාව ඒකාබද්ධව ඉදිරිපත් කර තිබෙන නව කෙටුම්පත් යෝජනාව ගැටුම්කාරී තත්ත්වය ලිහිල් කිරීම, සංවාද හා සාකච්ඡා පැවැත්වීම මෙන්ම නාවික ගමනාගමනය පිළිබඳ අයිතිවාසිකම් හා නිදහස සහතික කිරීම යන කරුණු සඳහා කැපවන බවත්, ජගත් ප්‍රජාවේ පොදු අපේක්ෂාවන්ට අනුකූල වන බවත් එය සාධාරණ මෙන්ම යුක්ති සහගත වන බවත් Mao Ning  මෙහිදී පවසා ඇත.

 

homuz 260323

එමෙන්ම පවතින තත්ත්වය හැකි ඉක්මණින් ලිහිල් කර හෝමූස් සමුද්‍ර සන්ධිය හා මැදපෙරදිග ප්‍රදේශයේ සාමය හා ස්ථාවරත්වය වෙනුවෙන් චීනය අදාළ පාර්ශ්වයන් සමග එක්ව අඛණ්ඩව කටයුතු කරනු ඇතැයිද Mao Ning වැඩිදුරටත් ප්‍රකාශ කළ බව සඳහන් වේ.


| adaderana

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...