BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

ලෙබනනය වෙනුවෙන් සාකච්ඡා බිඳවැටීමට ඉඩ දීම ඉරානය කරන මෝඩකමක්: ජේ.ඩී. වෑන්ස්

T

The Leader Desk

April 9, 2026 • 4:52 AM

ලෙබනනය වෙනුවෙන් සාකච්ඡා බිඳවැටීමට ඉඩ දීම ඉරානය කරන මෝඩකමක්: ජේ.ඩී. වෑන්ස්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෙබනනයට එල්ල වන ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් වොෂින්ටනය සමග ඇති කරගත් සටන් විරාමය අනතුරේ හෙළීම ඉරානය කරන "මෝඩකමක්" වනු ඇති බවට අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් අනතුරු අඟවා ඇත.
  • "තමන් දැඩි ලෙස පසුබෑමකට ලක්ව සිටි ගැටුමකදී, තමන්ට කිසිදු සම්බන්ධයක් නැති සහ සටන් විරාමයේ කොටසක් බව අමෙරිකාව කිසිසේත් ප්‍රකාශ නොකළ ලෙබනනය වෙනුවෙන් මෙම සාකච්ඡා බිඳවැටීමට ඉරානය ඉඩ දෙන්නේ නම්, එය ඔවුන්ගේ තීරණයක්.
  • අප සිතන්නේ එය මෝඩකමක් බවයි, නමුත් එය ඔවුන් සතු තේරීමක්." යනුවෙන් ඔහු පවසා තිබේ.
  • ඊශ්‍රායලයෙන් ලෙබනනයට දරුණු ප්‍රහාර: 254ක් මරුට ඊශ්‍රායලය ඊයේ (08) දවස පුරා ලෙබනනයට එල්ල කළ මහා පරිමාණ ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 254 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙම සටන් විරාමය සඳහා මැදිහත් වූ පාකිස්ථානය, සති දෙකක කාලසීමාවකට අදාළ එම ගිවිසුමට ලෙබනනය ද ඇතුළත් බව පැහැදිලිව ප්‍රකාශ කළද, ඊශ්‍රායලය ලෙබනනයට පහරදීම නතර කරන බවට අමෙරිකාව එකඟ නොවූ බව වෑන්ස් පවසා ඇති බව සඳහන්වේ.

"තමන් දැඩි ලෙස පසුබෑමකට ලක්ව සිටි ගැටුමකදී, තමන්ට කිසිදු සම්බන්ධයක් නැති සහ සටන් විරාමයේ කොටසක් බව අමෙරිකාව කිසිසේත් ප්‍රකාශ නොකළ ලෙබනනය වෙනුවෙන් මෙම සාකච්ඡා බිඳවැටීමට ඉරානය ඉඩ දෙන්නේ නම්, එය ඔවුන්ගේ තීරණයක්. අප සිතන්නේ එය මෝඩකමක් බවයි, නමුත් එය ඔවුන් සතු තේරීමක්." යනුවෙන් ඔහු පවසා තිබේ.


ඊශ්‍රායලයෙන් ලෙබනනයට දරුණු ප්‍රහාර: 254ක් මරුට


ඊශ්‍රායලය ඊයේ (08) දවස පුරා ලෙබනනයට එල්ල කළ මහා පරිමාණ ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 254 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

මේ ප්‍රහාර එල්ල කර ඇත්තේ, ඇමෙරිකාව සහ ඉරානය අතර සති දෙකක තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර පැය කිහිපයක් ගත වීමටත් පෙරයි.

ලෙබනන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනුව, මෙම ප්‍රහාරවලින් තවත් පුද්ගලයින් 1,165 දෙනෙකු තුවාල ලබා ඇත.

මෙය පසුගිය මාර්තු 02 වැනිදා ලෙබනනය තුළ නව හමුදා මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු ඊශ්‍රායලය එල්ල කළ විශාලතම සහ දරුණුතම ප්‍රහාරය ලෙස සැලකේ.

සටන් විරාම ගිවිසුමට ලෙබනනය,ඇතුළත් නොවන හේතුව ?

 

trump lebanan

අමෙරිකාව සහ ඉරානය අතර ඇති සටන් විරාම ගිවිසුමට ලෙබනනය, ඇතුළත් නොවන්නේ හිස්බුල්ලා සංවිධානය නිසා බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

කෙසේ වෙතත් ඒ පිළිබඳව ඉදිරියේදී කටයුතු කරනු ඇති බවය ඔහු සඳහන් කර තිබේ.


මුලාශ්‍ර :

JD Vance says Iran would be ‘dumb’ to let talks collapse over Lebanon

White House: Lebanon is Not Part of the Ceasefire Agreement

Israeli attacks across Lebanon kill at least 254 after Iran-US ceasefire 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...