BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

ඊශ්‍රායල ප්‍රහාරයකින් අල් ජසීරා මාධ්‍යවේදී මොහොමඩ් විෂා ජීවිතක්ෂයට

T

The Leader Desk

April 9, 2026 • 6:03 AM

ඊශ්‍රායල ප්‍රහාරයකින් අල් ජසීරා මාධ්‍යවේදී මොහොමඩ් විෂා ජීවිතක්ෂයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අල් ජසීරා මුබාෂර් (Al Jazeera Mubasher) සේවයේ ගාසා වාර්තාකරුවෙකු ලෙස කටයුතු කළ මොහොමඩ් විෂා ඊයේ (08) ගාසා නගරයට බටහිරින් පිහිටි අල්-රෂීඩ් වෙරළබඩ පාරේ මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී ඊශ්‍රායල ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්ව මියගොස් ඇත.
  • 2023 ඔක්තෝබර් මාසයේදී ගාසා තීරයේ පලස්තීනුවන්ට එරෙහිව ආරම්භ කළ යුද්ධයේ සිටම ඊශ්‍රායලය දිගින් දිගටම මාධ්‍යවේදීන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරමින් සිටියි..
  •   ගාසා රජයේ මාධ්‍ය කාර්යාලයට අනුව, එතැන් සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාරවලින් මාධ්‍යවේදීන් අවම වශයෙන් 262 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් වේ.
  •   නිවේදනයක් නිකුත් කරමින් අල් ජසීරා මාධ්‍ය ජාලය සඳහන් කළේ, "අල් ජසීරා මුබාෂර් වාර්තාකරු මොහොමඩ් විෂා ඉලක්ක කර ඝාතනය කිරීමේ මෙම සාපරාධී ක්‍රියාව දැඩි ලෙස හෙළා දකින" බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙම ගුවන් ප්‍රහාරයත් සමග ඔහු ගමන් කළ මෝටර් රථය ගිනිගෙන විනාශ වී ඇති බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

2023 ඔක්තෝබර් මාසයේදී ගාසා තීරයේ පලස්තීනුවන්ට එරෙහිව ආරම්භ කළ යුද්ධයේ සිටම ඊශ්‍රායලය දිගින් දිගටම මාධ්‍යවේදීන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරමින් සිටියි..

 thumbs b c c4ab6955ba0804a74b2a05ef71efe122

ගාසා රජයේ මාධ්‍ය කාර්යාලයට අනුව, එතැන් සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාරවලින් මාධ්‍යවේදීන් අවම වශයෙන් 262 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් වේ.

 

නිවේදනයක් නිකුත් කරමින් අල් ජසීරා මාධ්‍ය ජාලය සඳහන් කළේ, "අල් ජසීරා මුබාෂර් වාර්තාකරු මොහොමඩ් විෂා ඉලක්ක කර ඝාතනය කිරීමේ මෙම සාපරාධී ක්‍රියාව දැඩි ලෙස හෙළා දකින" බවයි.

"මෙය සියලු ජාත්‍යන්තර නීති සහ සම්මතයන් උල්ලංඝනය කිරීමක් මෙන්ම, මාධ්‍යවේදීන් ඉලක්ක කිරීම සහ සත්‍යයේ හඬ නිහඬ කිරීම සඳහා ක්‍රමානුකූලව ගෙන යන ප්‍රතිපත්තියක් පිළිඹිබු කරන්නක්" බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

 

vishsayjty
2018 වසරේදී ආයතනය හා සම්බන්ධ වූ මොහොමඩ් විෂාගේ අභාවය සම්බන්ධයෙන් ශෝකය පළ කරන අල් ජසීරා ආයතනය අවධාරණය කළේ, මෙය අහඹු සිදුවීමක් නොව මාධ්‍යවේදීන් බිය වැද්දීම සහ ඔවුන්ගේ වෘත්තීය රාජකාරි ඉටු කිරීම වැළැක්වීම සඳහා හිතාමතාම සිදු කළ අපරාධයක් බවයි.

ගාසා නගරයේ සිට වාර්තා කරන අල් ජසීරා හි ඊබ්‍රාහිම් අල්-ඛලීලි පවසන්නේ, ගාසා නගරයේ ප්‍රධාන මාර්ගයක ගමන් කරමින් සිටියදී විෂා ඝාතනයට ලක්වීමෙන් පෙනී යන්නේ ඊශ්‍රායල හමුදාවේ අඛණ්ඩ ‘සටන් විරාම’ උල්ලංඝනය කිරීම් හමුවේ තත්ත්වය තවදුරටත් දරුණු වෙමින් පවතින බවයි.

| hirunews

මුලාශ්‍ර :

‘Heinous crime’: Al Jazeera condemns Israeli killing of journalist

Al Jazeera journalist killed by Israeli drone strike in Gaza

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඊශ්‍රායල ප්‍රහාරයකින් අල් ජසීරා මාධ්‍යවේදී මොහොමඩ් විෂා ජීවිතක්ෂයට | The Leader