සිය 'Truth Social' සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් ජනාධිපතිවරයා ඊයේ (08) එසේ සඳහන් කර ඇත.
ඒ අනුව අවට කලාපයේ එක්සත් ජනපද ගිනි බලය ද තහවුරු කෙරේ. වොෂින්ටනය සමග එළැඹි ගිවිසුමට අනුව ටෙහෙරානය කටයුතු නොකරන්නේනම්, පෙරළා පහර දෙන බවට හෙතෙම තර්ජනය කරයි.
"දැනටමත් සැලකිය යුතු ලෙස දුර්වල කර ඇති සතුරෙකු විනාශ කිරීම සඳහා අවශ්‍ය අමෙරිකානු නෞකා, ගුවන් යානා සහ හමුදා නිලධාරීන් මෙන්ම අමතර පතොරම්, ආයුධ සහ අනෙකුත් සියලුම මාරාන්තික දේ සන්නද්ධව තබා ගන්නා" බව ඔහු කියා සිටියි.
මෙම එකඟතාවන් උල්ලංඝනය වීමට ඇති ඉඩකඩ ඉතා අඩු බව පවසන ජනාධිපති ට්‍රම්ප්, යම් හෙයකින් එය එසේ නොවන්නේ නම්, "කවුරුන් හෝ මෙතෙක් දැක ඇති විශාලතම හා ශක්තිමත්ම ආකාරයෙන් යළිත් වෙඩි තැබීම් ආරම්භ කරන්න" යනුවෙන් ද අනතුරු ඇඟවා සිටියි.

තවදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ, ඉරානයට කිසිසේත්ම න්‍යෂ්ටික අවි හිමි නොවිය යුතු බවටත්, හෝර්මුස් සමුද්‍ර සන්ධිය විවෘතව හා ආරක්ෂිතව පැවතිය යුතු බවටත් බොහෝ කලකට පෙර එකඟ වී ඇති බවය.
ලෙබනනයේ පුද්ගලයින් සිය ගණනක් ජීවිතක්ෂයට

ඊයේ ලෙබනනයට එල්ල කල දැවැන්තතම ඊශ්‍රායල ප්‍රහාරය හමුවේ, තිරසර සටන් විරාමයක් පිලිබඳ සාකච්ඡා කිරීම යුක්ති යුක්ත නොවේ යැයි, ඉරානය කියා සිටියේය.
ඊශ්‍රායල ප්‍රහාරය හමුවේ ලෙබනනයේ පුද්ගලයින් සිය ගණනක් ජීවිතක්ෂයට පත් විය.
යුරේනියම් පෝෂණය නවතාලීමට ඉරානය එකඟ වූ බව ජනපති ට්‍රම්ප් පැවසුවද, සටන් විරාම කොන්දේසි ප්‍රකාරව යුරේනියම් පෝෂණය අඛණ්ඩව සිදු කිරීමට අවසර ඇතැයි, ඉරාන කථානායක මෝහම්මෙද් බගෙර් ඛලිබෆ් කියා සිටියේය.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍රය :
Trump says US military to stay around Iran; threatens action if Tehran fails to comply with deal




