ඊශ්‍රායලය දිගින් දිගටම සටන් විරාමය උල්ලංඝනය කිරීම මත ඉරාන මහජන මතය බිඳී පැවතියද, ඉරානය විසින් යෝජනා කළ කරුණු 10ක් මත පදනම්ව එම සාකච්ඡා සිදු කෙරෙන බව ඉස්ලාමාබාද් හි ඉරාන තානාපති රෙසා අමිරි මොඝඩම් එක්ස් (X) පණිවුඩයක සටහන් කළේය.

මේ අතර, එක්සත් ජනපද - ඉරාන සටන් විරාම වැඩපිළිවෙළ හමුවේ ඊශ්‍රායලයේ ක්‍රියා පිළිවෙත දැඩි කතා බහට ලක්ව තිබේ. 2023 ඔක්තෝබර 7 දා, ගාසා යුද්ධය ආරම්භ වීමෙන් අනතුරුව ඊශ්‍රායලය දිගින් දිගටම දේශ සීමා පුළුල් කර ගැනීමේ සන්නද්ධ ක්‍රියාන්විතයක නිරත විය.
ගාසා තීරයේ, සිරියාවේ සහ වත්මන ලෙබනනයේ ඊශ්‍රායල දේශ සීමා කලාපයන්හි, ආරක්ෂක අතරමැදි කලාප ඉදි කරන බව පවසා, එම ප්‍රදේශ ආක්‍රමණය කිරීමට ඊශ්‍රායලය කටයුතු කරමින් සිටී. එම හේතුවෙන් දස දහස් සංඛ්‍යාත ස්වදේශික පිරිස් අවතැන්ව සිටිති. ඊශ්‍රායලය දිගු කාලීන අ ර් ධ - ස්ථාවර යුද තත්ත්වයක පසුවන බව යුද විශ්ලේෂකයෝ පවසති.
පෙබරවාරි 28, එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඇරඹි ඉරාන යුද්ධයට තිරසර විසඳුම් සොයා ඊයේ (8), එක්සත් ජනපදය සහ ඉරානය අතර දෙසතියක සටන් විරාමයක් නිවේදනය කෙරිණි. ඊට සහාය පළ කරමින් ඉරානය වෙත ප්‍රහාර නැවතුවද, ඉරාන ලැදි ලෙබනන හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායම වෙත තව දුරටත් අඛණ්ඩව පහර දෙන බව ඊශ්‍රායලය අවධාරණය කළේය. ඒ අනුව, ලෙබනනය එම සටන් විරාමයේ කොටස්කරුවකු නොවන බව ද ඊශ්‍රායලය කියා සිටියේය.
බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඊවෙට් කූපර්
මේ අතර, ගෝලීය බොර තෙල් සහ ගෑස් ප්‍රවාහනයේ පහෙන් එකක් සිදු කෙරෙන හෝර්මුස් සමුද්‍ර සන්ධියේ පාලනය සියතට ගැනීමට ඉරානය දරන ප්‍රයත්නයට එරෙහිව අදහස් පල කළ බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඊවෙට් කූපර්, ඒ ඔස්සේ නෞකා ගමනාගමනය නොමිලේ සිදු කළ යුතු යැයි අද (9) පැවසීය. දැනට ක්‍රියාත්මක ඉරාන සටන් විරාමයට ලෙබනනය එක් කළ යුතු බව ද පැවසීය.
හෝර්මුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ නාවුක ගමනාගමනයට මුදල් අය කළ යුතු බව ඉරානය පවසා සිටී. ඉරානයට එරෙහි එක්සත් ජනපද - ඊශ්‍රායල යුද්ධය ආරම්භ වීමට පෙර එය ජාත්‍යන්තර සමුද්‍රීය මවතක්ව පැවතිණ.
ගෝලීය මුහුදු මාවත් හි ස්වෛරීත්වය ඒකපාර්ශ්වීය ව ඉවත්කර ගත නොහැකි බවත්, හුදු ඒකල ලංසුකරුවන් වෙත විකුණා දැමිය නොහැකි බවත් කූපර් අවධාරණය කරයි. "නාවුක ගමනාගමනයේ ස්වෛරීත්වය යනු එය ගාස්තු අයකිරීමෙන් තොර විය යුතු බවය," යි කූපර් කියා සිටී.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍ර :
Iranian delegation to reach Islamabad Thursday, Iran's ambassador to Pakistan says
As US and Iran talk truce, Israel digs in for a 'forever war'
UK to call for toll-free Strait of Hormuz, wants Lebanon in ceasefire deal




