බොහෝ අනපේක්ෂිත අන්තරායකර තත්ත්වයන් යටතේ ලෙබනනයේ සිට ඉන්දියාව බලා පියාසර කෙරෙන නියමු රාජකාරි වෙතින් ඉවත් වුවහොත්, අදාළ ගුවන් සමාගම් එම ගුවන් නියමුවන්ට එරෙහි පුළුල් සම්බාධක පනවනු ඇතැයි අපේක්ෂා කෙරේ. කලාපය අවට අහසේ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන්, ඉතා කෙටි දැනුම් දීමෙන් වහා එම ගුවන් කලාප වසා දැමීමට අදාළ රාජ්‍ය කටයුතු කරති.
එහෙත්, එම අන්තරායකර ගුවන් යානා නියමු රාජකාරි, ස්ථානීය ව ප්‍රතික්ෂේප කිරීමෙන් එම ගුවන් නියමුවන් පළි ගැනීමට ලක්වීමේ වැඩි සම්භාවිතාවක් පවතින බව රොන් හේ කියා සිටී.
දෙසතියක ඉරාන සටන් විරාමය නිවේදනය කිරීමත් සමග ඇතැම් ගුවන් සේවා, මැද පෙරදිග කලාපයේ ගුවන් ගමන් යළි ඇරඹීමට පියවර ගත්තද, අනපේක්ෂිත ප්‍රහාර හේතුවෙන් එම ගුවන් කලාපය තවදුරටත් අනාරක්ෂිතව පවතී.

එම තත්ත්වය යටතේ රාජකාරි ප්‍රතික්ෂේප කරන ගුවන් නියමුවන් සේවයෙන් පහකිරීමේ තර්ජනයට ලක්ව ඇතැයි ඔහු පවසයි.
මොන්ට්‍රියෙල් සිට ක්‍රියාත්මක ගුවන් සේවා ගුවන් නියමු සංගමයේ ජාත්‍යන්තර ෆෙඩරේෂණයේ සාමාජික සංගම් බහ්රෙන්, ඊජිප්තුව, ඊශ්‍රායලය, කුවේටය සහ ලෙබනනය යන රටවල පිහිටා තිබේ. එහෙත්, වෘත්තීය සමාගමෙන් තොර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ කටාරයේ ප්‍රධාන ගල්ෆ් ගුවන් සේවා නියමු සංගම් ඊට ඇතුළත් නොවේ.
ඉරාන සටන් විරාමය නිවේදනය කිරීමෙන් අනතුරුව යුරෝපීය සංගමයේ ගුවන් ආරක්ෂක ඒජන්සිය, එම ගුවන් සේවාවන්ට මැද පෙරදිග කලාපයේ රටවල් කිහිපයක් වෙත පනවා තිබු ගුවන් තහනම තව දුරටත් දීර්ඝ කළේය. ඒ අනුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කටාරය බලා හෝ එහි සිට පියාසර කෙරෙන යුරෝපීය ගුවන් සේවා වෙත මෙම මස 24 තෙක් එම ගුවන් තහනම බලපැවැත්වේ. කෙසේ වෙතත්, ඩුබායි සහ දෝහා මෙන්ම, ඉන්දියාවට අයත් ගුවන් සේවා එහි තවදුරටත් ක්‍රියාත්මකය.
අන්තරායකර කලාපයේ ගුවන් සැරිය නිසි මාර්ගෝපදේශනයෙන් තොර බව ද එම ගුවන් නියමුවෝ පවසති. ඒ හෙතුවෙන්, ගුවන් තොටුපොළක් වෙත එල්ල වන හදිසි ඩ්‍රෝන, මිසයිල හෝ වෙනත් ත්‍රස්ත ප්‍රහාරයක දී එම ගුවන්තොටුපොළ වසා දැමෙන අවස්ථාවක ගුවන් නියමුවන් විසින් දත යුතු හා ගත යුතු පියවර සම්බන්ධයෙන් මෙතෙක් නිසි දැනුම්වත් කිරීමක් සිදු කර නැතැයි ඔවුහු කියති. එබැවින්, නිසි මධ්‍යගත අනතුරු තක්සේරුවක් සිදු කෙරෙන තෙක්, එම ගුවන් කලාපයේ සමස්ත ගුවන් තහනමක් පනවන ලෙස ගුවන් සේවා ගුවන් නියමු සංගමයේ ජාත්‍යන්තර ෆෙඩරේෂණය අදාළ රටවල ගුවන් පාලකයින් වෙතින් ඉල්ලා සිටී.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍ර :
Airline pilots fear retribution over refusing to fly in Middle East, aviators' group says




