මධ්‍යම ටෙහෙරානයේ උත්තරීතර නායකයාගේ පරිශ්‍රයට එල්ල වූ ප්‍රහාරයෙන් කමේනිගේ මුහුණට සහ ඔහුගේ පාදවලට සැලකිය යුතු තුවාල සිදුවී ඇති බව ඔවුන් රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කොට ඇත.
56 හැවිරිදි ඉරානයේ නව උත්තතරීතර නායකයා තුවාලවලින් සුවය ලබමින් සිටින අතර ඔහු ඉතා හොඳ මානසිකත්වයකින් සිටින බවද වාර්තා වේ.
නව උත්තරීතර නායකයා ඉරානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ශ්‍රව්‍ය සම්මන්ත්‍රණ හරහා රැස්වීම්වලට සහභාගී වන අතර යුද්ධය සහ වොෂින්ටනය සමඟ සිදු කරන සාකච්ඡා ඇතුළු ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් තීරණ ගැනීමේ නිරතව සිටින බව ද සඳහන් වේ.
කමේනිගේ සෞඛ්‍ය තත්ත්වය ඔහුට රාජ්‍ය කටයුතු කරගෙන යාමට ඉඩ දෙනවාද යන ප්‍රශ්නය මතුවන්නේ ඉරානය දශක ගණනාවක් තිස්සේ බරපතලම අනතුරකට මුහුණ දී සිටින මොහොතක වීම බවද රොයිටර් පුවත් සේවය පවසයි.

මේ අතර පකිස්ථාන අගනුවර වන ඉස්ලාමාබාද්හිදී එක්සත් ජනපදය සහ ඉරානය අතර ඉහළ මට්ටමේ සාම සාකච්ඡා අද(11) දින පැවැත්වීමට නියමිතව ඇත.
මුලාශ්‍ර :
DAMAGED DESPOT Ayatollah Khamenei’s face ‘severely disfigured’ with stricken tyrant yet to be seen in public & ‘can only talk by phone’
Iran's New Supreme Leader Has Severe and Disfiguring Wounds, Sources Say




