BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

ඇමෙරිකාව සහ ඉරානය එකඟතාවකට පැමිණීමට අපොහොසත් වූ බව වෑන්ස් පවසයි

T

The Leader Desk

April 12, 2026 • 7:44 AM

ඇමෙරිකාව සහ ඉරානය එකඟතාවකට පැමිණීමට අපොහොසත් වූ බව වෑන්ස් පවසයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරාන - ඇමෙරිකාව අතර පකිස්ථානයේ ඉස්ලාමාබාද්හි පැවති ඉහළ පෙළේ සාම සාකච්ඡාවලදී ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය එකඟතාවකට නොපැමිණි බව අමෙරිකා උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් පවසයි.
  •   සාම සාකච්ඡාවලින් අනතුරුව පාකිස්තානයෙන් පිටවීමට පෙර ඔහු ඒ බව පැවැසීය සාකච්ඡා "දැඩි" බව පවසන ඉරාන විදේශ අමාත්‍යාංශය, "අධික ඉල්ලීම් සහ නීති විරෝධී ඉල්ලීම්" වලින් වළකින ලෙස වොෂින්ටනයෙන් ඉල්ලා සිටියේය.
  • එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර පැවසුවේ, ගිවිසුමකට එළඹීම හෝ නොකිරීම තමාට "වෙනසක් නොවන" බවත් "කුමක් සිදු වුවද, අපි දිනමු" යනුවෙනි.
  • සාකච්ඡා කෙසේ අවසන් වුවද, ඉරානයට එරෙහි යුද්ධය වොෂින්ටනය ජයග්‍රහණය කර ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ඉරානය "අපගේ කොන්දේසි පිළි නොගැනීමට" තෝරා ගත් බව වැන්ස් පවසන අතර, න්‍යෂ්ටික අවි සංවර්ධනය නොකිරීමට ටෙහෙරානයෙන් "මූලික කැපවීමක්" එක්සත් ජනපදයට දැකිය යුතු බව පැවසීය.  

සාම සාකච්ඡාවලින් අනතුරුව පාකිස්තානයෙන් පිටවීමට පෙර ඔහු ඒ බව පැවැසීය

සාකච්ඡා "දැඩි" බව පවසන ඉරාන විදේශ අමාත්‍යාංශය, "අධික ඉල්ලීම් සහ නීති විරෝධී ඉල්ලීම්" වලින් වළකින ලෙස වොෂින්ටනයෙන් ඉල්ලා සිටියේය.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර පැවසුවේ, ගිවිසුමකට එළඹීම හෝ නොකිරීම තමාට "වෙනසක් නොවන" බවත් "කුමක් සිදු වුවද, අපි දිනමු" යනුවෙනි.

සාකච්ඡා කෙසේ අවසන් වුවද, ඉරානයට එරෙහි යුද්ධය වොෂින්ටනය ජයග්‍රහණය කර ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත.

තම නැව් දෙකක් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ බවට එක්සත් ජනපදය කරන ප්‍රකාශ ඉරානය ප්‍රතික්ෂේප කරන අතර හමුදා යාත්‍රා ජල මාර්ගය හරහා ගමන් කිරීමට ගන්නා ඕනෑම උත්සාහයකට “දැඩි ප්‍රතිචාරයක්” ලැබෙනු ඇතැයි ඉරානය අනතුරු අඟවයි.

මේ අතර ඊශ්‍රායලය දකුණු ලෙබනනයට දිගටම ප්‍රහාර එල්ල කරන අතර, ටෙෆාටා නගරයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයන් 13 දෙනකු මිය ගොස් තිබේ.

| ankadeepa


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඇමෙරිකාව සහ ඉරානය එකඟතාවකට පැමිණීමට අපොහොසත් වූ බව වෑන්ස් පවසයි | The Leader