BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

අමෙරිකාව හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කළ බව ට්‍රම්ප් කියයි

T

The Leader Desk

April 12, 2026 • 3:22 PM

අමෙරිකාව හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කළ බව ට්‍රම්ප් කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අමෙරිකා එක්සත් ජනපදය, හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා ගමන් කරන සියලුම නෞකා අවහිර කිරීමට
  • ඔහු සිය Truth Social මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කළේය.
  • අමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ හෝමුස් සමුද්‍ර සන්ධියට ඇතුළු වන සහ ඉන් පිටවන ඕනෑම නෞකාවක් නැවැත්වීමේ ක්‍රියාවලිය අමෙරිකානු නාවික හමුදාව විසින් ආරම්භ කරනු ඇති බවයි.
  • ජනාධිපතිවරයා මෙම ප්‍රකාශ සිදු කර ඇත්තේ, මැදපෙරදිග යුද්ධය අවසන් කිරීමේ සඳහා පාකිස්තානයේ සාකච්ඡා තීරණයකින් තොරව අවසන් වූ පසුබිමකය.
අකුරු ප්‍රමාණය (Font Size):

(Blockade) වහාම ක්‍රියාත්මක වන පරිදි පියවර ගන්නා බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඔහු සිය Truth Social මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කළේය.

අමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ හෝමුස් සමුද්‍ර සන්ධියට ඇතුළු වන සහ ඉන් පිටවන ඕනෑම නෞකාවක් නැවැත්වීමේ ක්‍රියාවලිය අමෙරිකානු නාවික හමුදාව විසින් ආරම්භ කරනු ඇති බවයි.

එමෙන්ම, ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ඉරානයට කිසියම් හෝ මුදලක් හෝ ගාස්තුවක් (Toll) ගෙවන සියලුම නෞකා සොයා බලා ඒවා අත්අඩංගුවට ගන්නා ලෙස හෝ අවහිර කරන ලෙස (Interdict) අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය නාවික හමුදාවට නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකානු ජනාධිපතිවරයා පවසන්නේ මෙලෙස නීතිවිරෝධී ලෙස ඉරානයට ගාස්තු ගෙවන කිසිදු නෞකාවකට ජාත්‍යන්තර මුහුදේ ආරක්ෂිතව ගමන් කිරීමට ඉඩ නොදෙන බවයි.

ජනාධිපතිවරයා මෙම ප්‍රකාශ සිදු කර ඇත්තේ, මැදපෙරදිග යුද්ධය අවසන් කිරීමේ සඳහා පාකිස්තානයේ සාකච්ඡා තීරණයකින් තොරව අවසන් වූ පසුබිමකය.

“වහාම ක්‍රියාත්මක වන පරිදි, ලෝකයේ හොඳම එක්සත් ජනපද නාවික හමුදාව, හෝමූස් සමුද්‍ර සන්ධියට ඇතුළු වීමට හෝ පිටව යාමට උත්සාහ කරන ඕනෑම සහ සියලුම නැව් අවහිර කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරනු ඇත.” යනුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි සටනක් තැබීය.

 

 

 ඉරාන - අමෙරිකා සාම සාකච්ඡාවේ නවතම තොරතුරු

ඉරාන දූත පිරිස  ඉස්ලාමාබාද් නුවරින් පිටත්ව ගිහින්

ඉරාන දූත පිරිස මේ වන විට ඉස්ලාමාබාද් නුවරින් පිටත්ව ගොස් ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කර ඇත.

ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ්-බගර් ගලිබාෆ්ගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම දූත පිරිස එරට වේලාවෙන් පෙරවරු 9:00ට පමණ මෙලෙස පිටත්ව ගොස් තිබේ.

අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් ඇතුළු අමෙරිකානු දූත පිරිස සාම සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු පිටත්ව යාමෙන් අනතුරුව, ඉරාන පාර්ශවයද මෙලෙස පිටත්ව ගොස් ඇත.

දෙපාර්ශවයේම කැපවීම අඛණ්ඩව රැකගැනීම අත්‍යාවශ්‍යයි -  පාකිස්තාන විදේශ ඇමති කියයි

දෙපාර්ශවයම සටන් විරාමය සඳහා වන ඔවුන්ගේ කැපවීම අඛණ්ඩව රැකගැනීම අත්‍යාවශ්‍ය වන බව පාකිස්තාන විදේශ අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.

සාම සාකච්ඡා අවසන් වීමෙන් අනතුරුව ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු මේ බව පැවසීය.

"මුළු කලාපයටම සහ ඉන් ඔබ්බට තිරසාර සාමය සහ සමෘද්ධිය ළඟා කර ගැනීම සඳහා දෙපාර්ශවයම ධනාත්මක හැඟීමකින් යුතුව කටයුතු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු," යනුවෙන් X සටහනක් තබමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටී.

අමෙරිකාවෙන් සහ ඉරානයෙන් එකිනෙකට පරස්පර වූ කරුණු

සාම සාකච්ඡා අසාර්ථක වීමට හේතු ලෙස අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය එකිනෙකට පරස්පර වූ කරුණු ඉදිරිපත් කරමින් සිටන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

යුද්ධය අවසන් කිරීම සඳහා වූ සාකච්ඡා අඩාල වී ඇත්තේ අමෙරිකාව ඉදිරිපත් කළ අසාධාරණ ඉල්ලීම් හේතුවෙන් බව ඉරානය පවසයි.

ඉරාන නියෝජිත පිරිස විවිධ යෝජනා ඉදිරිපත් කළද, අමෙරිකානු පාර්ශවයේ අසාධාරණ ඉල්ලීම් සාකච්ඡාවල ප්‍රගතියට බාධා කළ බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටී.

මේ අතර, අමෙරිකාව පවසන්නේ තමන් නම්‍යශීලී ලෙස කටයුතු කළ බවය.

එහිදී අදහස් දක්වමින් ජේ.ඩී. වෑන්ස් පැවසුවේ හොඳ හිත පෙරදැරිව මෙහි පැමිණ ගිවිසුමක් ඇති කර ගැනීමට උපරිම උත්සාහයක් ගන්නා ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමාට පැවසූ බවය.

"අපි එය ඉටු කළා, නමුත් අවාසනාවකට අපට කිසිදු ප්‍රගතියක් ලබා ගැනීමට නොහැකි වුණා," යැයි ඔහු පැවසීය.

සබැඳි පුවත් :
ඇමෙරිකාව සහ ඉරානය එකඟතාවකට පැමිණීමට අපොහොසත් වූ බව වෑන්ස් පවසයි


මුලාශ්‍රය :

US clearing out Strait of Hormuz, Trump claims as Iran threatens to attack unauthorized ships


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...