BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

එක්සත් ජනපද හමුදා ඉරාන වරායවල සිට එන යන නෞකාවන්ට වැට බඳී

T

The Leader Desk

April 13, 2026 • 8:23 AM

එක්සත් ජනපද හමුදා ඉරාන වරායවල සිට එන යන නෞකාවන්ට වැට බඳී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් ජනපද හමුදා ඉරාන වරාය වෙත පිවිසෙන සහ ඒ වෙතින් නික්මෙන සියලු නෞකා වළකාලීමට තීරණය කරති. එම නව තීරණය අද (13) කලාපීය වේලාවෙන් පෙ.ව. 10.00ට හෙවත් ජාත්‍යන්තර වේලාවෙන් පැය 1400 සිට ක්‍රියාත්මක ය.
  • නව සම්බාධක ආරම්භයට ප්‍රථම  ඒ පිලිබඳ වැඩි විස්තර  එක්සත් ජනපද හමුදා විසින් අදාල සියලු වෙළඳ  නාවික යාත්‍රා වෙත දැනුම් දෙනු ඇත.
  •   ඉරානයට ගාස්තු හෝ කප්පම් ගෙවන කිසිදු නෞකාවකට සයුරේ පැවතීමට අවකාශ නොතැබෙන බව සමාජ මාධ්‍ය  සටහනක් තබම්න් ජනපති ට්‍රම්ප්   පවසයි.
  • එක්සත් ජනපද හමුදා සහ සාමකාමී නෞකා වෙත ප්‍රහාර එල්ල කරන සෑම ඉරානුවකුම "අපායට දක්කන" බව එහි දැක්වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


තවද, එම තීරණය කිසිදු පක්ෂපාතිත්වයකින් තොරව ක්‍රියාත්මක ය.

ඒ අනුව, කිසිදු රටකට අයත් නෞකාවකට ඉරාන වරාය වෙත ප්‍රවේශය සහ ඉන් පිට වීම ද, ඉරාන මුහුදු තීරයේ රැඳී සිටීම ද තහනම් ය. අරාබි ගල්ෆ්  තීරයේ සහ ඕමාන ගල්ෆ්  තීරයේ පිහටි ඉරාන වරාය තෙක් එම සම්බාධක බලාත්මකය.

කලාපයේ ඉරාන නොවන වරායයන්  හා ගණු දෙනු කරන සහ හෝර්මුස් සමුද්‍ර  සන්ධිය හරහා යාත්‍රා කෙරෙන නෞකාවන්ට මෙම සම්බාධක අදාල නොවේ. නව සම්බාධක ආරම්භයට ප්‍රථම  ඒ පිලිබඳ වැඩි විස්තර  එක්සත් ජනපද හමුදා විසින් අදාල සියලු වෙළඳ  නාවික යාත්‍රා වෙත දැනුම් දෙනු ඇත.

 

A cargo ship carrying vehicles sails through the Arabian Gulf toward the Strait of Hormuz in the United Arab Emirates, Sunday, March 22, 2026. (AP Photo)
ඉරානයට ගාස්තු හෝ කප්පම් ගෙවන කිසිදු නෞකාවකට සයුරේ පැවතීමට අවකාශ නොතැබෙන බව සමාජ මාධ්‍ය  සටහනක් තබම්න් ජනපති ට්‍රම්ප්   පවසයි. එක්සත් ජනපද හමුදා සහ සාමකාමී නෞකා වෙත ප්‍රහාර එල්ල කරන සෑම ඉරානුවකුම "අපායට දක්කන" බව එහි දැක්වේ.

එක්සත් ජනපද නාවුක හමුදා යාත්‍රා හෝර්මුස් සමුද්‍ර  සන්ධිය  වෙත පිවිසීම සටන් විරාමය උල්ලංඝනය  කරන්නක් සේ සලකා ක්‍රියාත්මක  වන බව ඉරානය පවසයි.

එක්සත් ජනපද හමුදා විසින්  හෝර්මුස් තීරයේ තැන්පත් කර ඇති ඉරාන බෝම්බ විනාශ කිරීම ද ආරම්භ කර තිබේ. බොරතෙල් රැගත් සුපිරි නෞකා තුනක් සෙනසුරාදා  (11) ආරක්ෂිතව හෝර්මුස් සමුද්‍ර  සන්ධිය පසු කළේය.

සෙනසුරාදා, ඉස්ලාමාබාද් නුවර ඇරඹි එක්සත් ජනපද - ඉරාන මුල් වටයේ සටන් විරාම සාකච්ඡා අසාර්ථක විය. දැඩි බලපෑමෙන් පසු  ටෙහෙරානය එම කතා බහට යලි එක්වනු ඇති බව වොෂින්ටනයේ විශ්වාසයයි.

 

abbas4tv4t

"උගත් පාඩම් කිසිත් නැත. හොඳ හිත එය ප්‍රවර්ධනය කරන අතර, පසමිතුරු බව පරළා සතුරු  බවම ප්‍රවර්ධනය  කරයි" ඉරාන විදේශ අමාත්‍ය, අබ්බාස් අරඛ්චි කියයි.

බොරතෙල් බැරලයක මිල නැවතත්  ඇමෙරිකානු ඩොලර් 100 ඉක්මවා ඉහළ ගොස් තිබේ.

සති හයක පමණ ඉරාන යුද්ධයෙන් මේ වන විට දහස් සංඛ්‍යාත  පිරිසක් මරු වැළඳ සිටිති.

( සටහන, Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
2026.04.13


මුලාශ්‍රය :

US to blockade Iran ports after talks fail to yield a deal

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

එක්සත් ජනපද හමුදා ඉරාන වරායවල සිට එන යන නෞකාවන්ට වැට බඳී | The Leader