BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

ඕස්ට්‍රේලියානු හමුදාපති ධුරය මුල් වරට කාන්තාවක් අතට

T

The Leader Desk

April 13, 2026 • 9:54 AM

ඕස්ට්‍රේලියානු හමුදාපති ධුරය මුල් වරට කාන්තාවක් අතට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඕස්ට්‍රේලියාව ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තාවක් එරට හමුදාපති ධුරයට පත්කරන බව රජය අද (13) නිවේදනය කළේය.
  • කොයිල් ගේ මෙම නව පත්වීම අතිශය එෛතිහාසික අවස්ථාවක් බව එරට ආරක්ෂක අමාත්‍ය, රිචර්ඩ් මාර්ල්ස් පවසයි.
  • තමා තුළ වෙසෙන තමා අදහන කෙනා බවට පත් වීමට ඇය ගත්  උත්සාහය ජය ගැනීම ඇගේ පමණක් නොව,  ඔස්ට්‍රේලියානු හමුදාවේ සේවය කරන වත්මන් කාන්තා බලකායේ මෙන්ම, එහි සේවය කිරීමේ අපේක්ෂාවෙන් පසුවන  අනාගත  කාන්තා පරපුරේද ජයග්‍රහණයක් බව ඔහු කියා සිටී.
  •   මේ වන විට 55වන වියෙහි පසුවන කොයිල් 1987 දී එරට හමුදා සේවයට එක් විය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ අනුව, වත්මන් ඒකාබද්ධ ක්‍රියාන්විත ප්‍රධානී, ලුතිනන් ජනරාල් සූසන් කොයිල් ලබන ජුලි මස සිට වසර 125ක ඉතිහාසයක් සහිත එරට  යුධ හමුදාවේ ප්‍රථම  හමුදා පතිනිය ලෙස වැඩ භාර ගැනීමට නියමිතය.

 

ausi1

එරට ආරක්ෂක හමුදා නායකත්ව ප්‍රතිසංස්කරණ  වැඩ පිළිවෙළ යටතේ එය සිදු කර තිබේ. කාන්තාවන්, උසස්  හමුදා තනතුරු පිණිස පත් කිරීමේ නව වැඩසටහනක් එරට ක්‍රියාත්මක ය. ඊට ප්‍රති පක්ෂව විරෝධතා ද මතුව තිබේ. හමුදා සේවයේදී කාන්තාවන්ට එල්ල වන ලිංගික අඩන්තේට්ටම් සහ වෙනත් වධ හිංසා ඊට හේතුවයි. එම අකටයුතු මර්ධනයට ද, එරට හමුදා පරිපානය නව නීති හඳුන්වා දීමට පියවර ගනිමින් සිටී.

කොයිල් ගේ මෙම නව පත්වීම අතිශය එෛතිහාසික අවස්ථාවක් බව එරට ආරක්ෂක අමාත්‍ය, රිචර්ඩ් මාර්ල්ස් පවසයි.

තමා තුළ වෙසෙන තමා අදහන කෙනා බවට පත් වීමට ඇය ගත්  උත්සාහය ජය ගැනීම ඇගේ පමණක් නොව,  ඔස්ට්‍රේලියානු හමුදාවේ සේවය කරන වත්මන් කාන්තා බලකායේ මෙන්ම, එහි සේවය කිරීමේ අපේක්ෂාවෙන් පසුවන  අනාගත  කාන්තා පරපුරේද ජයග්‍රහණයක් බව ඔහු කියා සිටී.

 

ausi 2
මේ වන විට 55වන වියෙහි පසුවන කොයිල් 1987 දී එරට හමුදා සේවයට එක් විය.  ඇය විසින් එහි ජ්‍යෙෂ්ඨ තනතුරු රැසක් දරා ඇත.

වත්මන, එරට යුධ හමුදාවේ කාන්තා නියෝජනය 21% කි. ඉන් 18.5%ක් ජ්‍යෙෂ්ඨ  හමුදා නිලයන් හොබවති.  2030 වන විට එහි කාන්තා නියෝජනය 25% තෙක්  වර්ධනය කිරීම අපේක්ෂාවය.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
2026.04.13

මුලාශ්‍රය :

Australia appoints woman to lead its army for the first time

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...