BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

නෙතන්යාහුගේ හමුදා ලේකම්වරයා මීළඟ මොසාඩ් ප්‍රධානී තනතුරට

T

The Leader Desk

April 13, 2026 • 11:55 AM

නෙතන්යාහුගේ හමුදා ලේකම්වරයා මීළඟ මොසාඩ් ප්‍රධානී තනතුරට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මොසාඩ් බුද්ධි අංශයේ මීළඟ අධ්‍යක්ෂවරයා ලෙස ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ හමුදා ලේකම්වරයා ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් රෝමන් ගොෆ්මන් පත් කිරීමට අනුමැතිය හිමිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
  • හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ සභාපති අෂර් ගෲනිස්ගේ ප්‍රධානත්වයෙන් යුත් ජ්‍යෙෂ්ඨ පත්වීම් උපදේශක කමිටුවේ අනුමැතිය ලැබීමෙන් අනතුරුව මෙම නිවේදනය නිකුත් කර ඇති බවද සඳහන්.
  • 2022 වසරේදී ගොෆ්මන් ගෝලාන් කඳුකරයේ යුද හමුදා බලසේනාධිපතිවරයකු ලෙස කටයුතු කළ සමයේ සිදු වූ සිදුවීමක් කෙරෙහි එම කමිටු වාර්තාවේ වැඩි අවධානයක් යොමු වී තිබුණි.
  •   එහිදී ඉරානයට, හිස්බුල්ලා සංවිධානයට සහ හමාස් සංවිධානයට එරෙහිව අරාබි භාෂාවෙන් සිදු කළ ප්‍රචාරණ ව්‍යාපාරයක් සඳහා 17 හැවිරිදි බාල වයස්කරුවෙකු යොදා ගැනීමට ගොෆ්මන් අනුමැතිය ලබා දී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


එරට අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කර ඇත්තේ ජූනි 2 වනදා මෙම පත්කිරීමට සිදු කිරීමට නියමිත අතර වසර 5ක් සඳහා එය බලාත්මක වන බවය.

හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ සභාපති අෂර් ගෲනිස්ගේ ප්‍රධානත්වයෙන් යුත් ජ්‍යෙෂ්ඨ පත්වීම් උපදේශක කමිටුවේ අනුමැතිය ලැබීමෙන් අනතුරුව මෙම නිවේදනය නිකුත් කර ඇති බවද සඳහන්.

2022 වසරේදී ගොෆ්මන් ගෝලාන් කඳුකරයේ යුද හමුදා බලසේනාධිපතිවරයකු ලෙස කටයුතු කළ සමයේ සිදු වූ සිදුවීමක් කෙරෙහි එම කමිටු වාර්තාවේ වැඩි අවධානයක් යොමු වී තිබුණි.

 

roman

එහිදී ඉරානයට, හිස්බුල්ලා සංවිධානයට සහ හමාස් සංවිධානයට එරෙහිව අරාබි භාෂාවෙන් සිදු කළ ප්‍රචාරණ ව්‍යාපාරයක් සඳහා 17 හැවිරිදි බාල වයස්කරුවෙකු යොදා ගැනීමට ගොෆ්මන් අනුමැතිය ලබා දී ඇත.

මෙහිදී රහස්‍ය තොරතුරු ප්‍රසිද්ධ කිරීමේ චෝදනාව මත අදාළ තරුණයා දීර්ඝ කාලයක් ආරක්ෂක අංශ භාරයේ ද පසුවිය.

කෙසේවෙතත් ගොෆ්මන් එහිදී පවසා ඇත්තේ තමා අදාළ තරුණයාගේ වයස නොදැන සිටි බවත්, සමාජ මාධ්‍ය සඳහා ලබා දීමට නියම කළේ රහස්‍ය නොවන තොරතුරු පමණක් වන බවත් ය.

මෙම සිදුවීම මත පදනම්ව කමිටු සභාපති ගෲනිස් විසින් ගොෆ්මන්ව එම තනතුරට නුසුදුසු බව නිර්දේශ කළද, කමිටුවේ අනෙක් සාමාජිකයන් තිදෙනා ප්‍රකාශ කළේ එම සිදුවීම ඔහුට මොසාඩ් ප්‍රධානියා වීමට බාධාවක් නොවන බවය.

mosad
ඒ අනුව ගොෆ්මන් ජූනි මාසයේදී විශ්‍රාම යන වත්මන් මොසාඩ් ප්‍රධානී ඩේවිඩ් බාර්නියා වෙනුවට පත්වීමට නියමිතය.

බෙලරුස් රාජ්‍යයේ උපත ලැබූ ගොෆ්මන් 1990 දී වයස අවුරුදු 14 දී ඊශ්‍රායලයට සංක්‍රමණය වී ඇත.

2023 ඔක්තෝබර් 7 වන දින හමාස් ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේදී සටන් බිමට ගිය ඔහු එහිදී බරපතළ තුවාල ලැබීය.

ඔහු නෙතන්යාහුගේ සමීපතමයෙකු ලෙස සැලකෙන අතර, හමාස් පරාජය කිරීමෙන් පසු ගාසා තීරයේ හමුදා පාලනයක් පවත්වාගෙන යා යුතු බවටද ඔහු මීට පෙර යෝජනා කර තිබුණි.


| adaderana


මුලාශ්‍රය :

Israel approves appointment of new intelligence agency chief

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...