BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

පාප්වහන්සේට දෝශාරෝපණය කළ ට්‍රම්ප් තමන්ව ජේසුස්ට සමාන කරගනියි

T

The Leader Desk

April 13, 2026 • 3:19 PM

පාප්වහන්සේට දෝශාරෝපණය කළ ට්‍රම්ප් තමන්ව ජේසුස්ට සමාන කරගනියි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අති උතුම් ලියෝ පාප්වහන්සේව දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ.
  • අදාළ විවේචන මගින් අමෙරිකානු ජනාධිපතිවරයා චෝදනා කර ඇත්තේ පාප්වහන්සේ අපරාධවලට කැමති අයෙකු බවය.
  • න්‍යෂ්ටික අවි හදන එක නිවැරදි කියන මෙන්ම නගරවල අපරාධ සිදුවන එක ගණන් නොගත යුතු බව කියන පාප්වහන්සේ කෙනෙකුට තමන් අකමැති බවත් අමෙරිකානු ජනාධිපතිවරයා පාප්වහන්සේ වෙත චෝදනා කර තිබේ.
  • එමෙන්ම තමන් පාප් වහන්සේගේ රසිකයෙකු නොවන බවත් ඔහු ලිබරල් මිනිසෙකු බවත් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


පාප්වහන්සේ යුද්ධය සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශයකට විරෝධය පළ කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා පාප්වහන්සේ වෙත මෙම විවේචනය සිදුකර ඇත.

අදාළ විවේචන මගින් අමෙරිකානු ජනාධිපතිවරයා චෝදනා කර ඇත්තේ පාප්වහන්සේ අපරාධවලට කැමති අයෙකු බවය.

න්‍යෂ්ටික අවි හදන එක නිවැරදි කියන මෙන්ම නගරවල අපරාධ සිදුවන එක ගණන් නොගත යුතු බව කියන පාප්වහන්සේ කෙනෙකුට තමන් අකමැති බවත් අමෙරිකානු ජනාධිපතිවරයා පාප්වහන්සේ වෙත චෝදනා කර තිබේ.

එමෙන්ම තමන් පාප් වහන්සේගේ රසිකයෙකු නොවන බවත් ඔහු ලිබරල් මිනිසෙකු බවත් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

මේ අතර මෙලෙස පාප්වහන්සේට අමෙරිකානු ජනාධිපතිවරයා සිය සමාජ මාධ්‍ය ගිණුමක් වන Truth Social ගිණුමේ ඡායාරූපයක් පළ කර ඇති අතර එය මේ වන විට ලොව පුරා බොහෝ පිරිසකගේ දැඩි අවධානයට මෙන්ම විවේචනයටද ලක්ව තිබේ.

අදාළ පින්තූරය මගින් අමෙරිකානු ජනාධිපතිවරයා තමන් ජේසුස් වහන්සේ බවට අර්ථගන්වා ඇති අතර තමන් ලෝක සාමය මෙන්ම මිනිසුන්ට පිහිටවන සැබෑ ජේසුස්වහන්සේ කෙනෙකු බවද ඔහු එමගින් නිරූපනය කර තිබේ.


| adaderana


මුලාශ්‍ර :

Pope Leo pushes back after Trump criticism

Pope Leo says he does not fear Trump after attack over Iran peace appeal

Trump calls Pope Leo "WEAK on Crime, and terrible for Foreign Policy"

Trump calls Pope Leo ‘weak’ and ‘terrible’ in extraordinary broadside

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...