BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

ඉරාන වරාය හිර කරන එක්සත් ජනපද සම්බාධක ඇරඹේ

T

The Leader Desk

April 14, 2026 • 6:03 AM

ඉරාන වරාය හිර කරන එක්සත් ජනපද සම්බාධක ඇරඹේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලක්වාසී සැමට සුභ අළුත් අවුරුද්දක් උදා වන අද (14), එක්සත් ජනපද හමුදා, ටෙහෙරානය තව දුරටත් ප්‍රකෝප කරමින් ඉරාන වරාය වෙත සම්බාධක පැනවීම ආරම්භ කළහ.
  • නවතම එක්සත් ජනපද පීඩනය හමුවේ මීලඟ සාකච්ඡා වටය පිණිස 'දොර ඇර' ඇතැයි ඉරානය ප්‍රකාශ කළේය.
  • ඒ හමුවේ ජාත්‍යන්තර වෙළඳපොළ බොර තෙල් බැරලය ඇමෙරිකානු ඩොලර් 100 සීමාවෙන්ද පහත වැටිණි.
  • ගැටුම තිරසරව විසිඳීමේ ප්‍රයත්නය අඛන්ඩව ක්‍රියාත්මක  බව, පාකිස්ථාන අග්‍රාමාත්‍ය, ෂෙබාස් ෂරිෆ් ද පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ අනුව, කිසිදු රටකට අයත් නෞකාවකට ඉරාන වරාය වෙත ප්‍රවේශය සහ ඉන් පිට වීම ද, ඉරාන මුහුදු තීරයේ රැඳී සිටීම ද තහනම් ය. අරාබි ගල්ෆ් තීරයේ සහ ඕමාන ගල්ෆ් තීරයේ පිහිටි ඉරාන වරාය තෙක් එම සම්බාධක බලාත්මකය.

45y45bnyrt

කලාපයේ ඉරාන නොවන වරායයන් හා ගණුදෙනුකරන සහ හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කෙරෙන නෞකාවන්ට මෙම සම්බාධක අදාල නොවේ.

නවතම එක්සත් ජනපද පීඩනය හමුවේ මීලඟ සාකච්ඡා වටය පිණිස 'දොර ඇර' ඇතැයි ඉරානය ප්‍රකාශ කළේය.

ඒ හමුවේ ජාත්‍යන්තර වෙළඳපොළ බොර තෙල් බැරලය ඇමෙරිකානු ඩොලර් 100 සීමාවෙන්ද පහත වැටිණි.

ගැටුම තිරසරව විසිඳීමේ ප්‍රයත්නය අඛන්ඩව ක්‍රියාත්මක  බව, පාකිස්ථාන අග්‍රාමාත්‍ය, ෂෙබාස් ෂරිෆ් ද පැවසීය.

ඉරානය ඊයේ (13) ම, තීරණාත්මක කතා බහට අවතීර්ණ වීමේ අභිලාශ දැක්වූ බව එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීය. එහෙත් එහිදී එළැඹෙන කිසිදු එකඟතාවකින්, ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙළට කිසිසේත් අවසර නැතැයි ද හෙතෙම අවධාරණය කළේය.

 

Doc P 924483 639117371761712785

පෙබරවාරි 28 ඉරානයට එක්සත් ජනපද - ඊශ්‍රායල  ප්‍රහාර අආරම්භ වීමත් සමග ටෙහෙරානය හෝර්මුස් සමු සන්ධිය  වසා දැමීය. එහි නිදහස් යාත්‍රා කරණයට අවසර හිමි වූයේ ඉරාන නෞකාවන්ට පමණි. අන් සියලු නෞකා ඒ හරහා ගමනාගමනයට  ඉරාන හමුදා වෙතින්  පූර්ව අවසර ලබා ගත යුතු බවත්, ගාස්තු ගෙවිය යුතු බවත් දන්වා සිටියේය.

ඉරාන නෞකා ඇතුළු යටකී පරිදි ගාස්තු ගෙවන අන් සියලු නෞකා වෙත ද සම්බාධක පනවන බවත්, එක්සත් ජනපද  සම්බාධක බලැණි ඉදිරියට එන ඕනෑම ඉරාන ප්‍රහාරක යාත්‍රාවක් විනාශ කර දමන බවත් ජනපති ට්‍රම්ප් විසින් ප්‍රකාශ  කර තිබේ.

අද, චීනයට අයත් ඉන්දන සහ රසායන ප්‍රවාහන නෞකාවක් වන 'රිච් ස්ටාරි' නෞකාව ආරක්ෂිතව හෝර්මුස් සන්ධිය පසු කළේය. නවතම එක්සත් ජනපද සම්බාධක වලින් අනතුරුව ඒ ඔස්සේ යාත්‍රා කළ ප්‍රථම නෞකාව එය විය. එය, ඩුබායි තීරයට ඔබ්බෙහි සිට චීනය බලා යාත්‍රා කරමින් සිටී.

 

2026 04 14T042654Z 1 LYNXMPEM3D06F RTROPTP 4 IRAN CRISIS ISRAEL LEBANON
සටන් විරාම සාකච්ඡා ආරම්භය හමුවේ මේ වන විට ඉරාන යුද්ධය තාවකාලික ඉසුඹුවක පසුවේ.

එහෙත්, ඊශ්‍රායල හමුදා තව දුරටත් ලෙබනනයේ ප්‍රහාර එල්ල කරමින් සිටිති. ඊයේ ද එම හමුදා දකණු ලෙබනනයේ ඉරාන හිතවාදී හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දුන්හ. වත්මන් සටන් විරාමයට ලෙබනනය අදාල නැතැයි ඊශ්‍රායලය  කියයි.


 (සටහන, Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
2026.04.14

මුලාශ්‍රය :

US begins Iran port blockade, oil prices ease on hopes for dialogue

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...