BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

රසිකයාට බයවී දිව්ව තලපති විජේ...

T

The Leader Desk

April 14, 2026 • 4:48 PM

රසිකයාට බයවී දිව්ව තලපති විජේ...

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තමිල්නාඩු මැතිවරණ ප්‍රචාරක රැලියක් අතරතුර වෙට්රි කසාගම් (TVK) නායක, සුපිරි නළු විජේ තලපති එක්වරම සිය පාපැදියෙන් බිමට
  • කෙසේ වෙතත්, පසුව අනාවරණය වූයේ විජේ තලපති අසලට පැමිණි එම පුද්ගලයා ඔහු දෙසට විසි කර ඇත්තේ පන්දුවක් ලෙස සකස් කරන ලද මල් පොකුරක් බවයි.
  •  එය ඔහු අසලදී පුපුරා මල් විසිරී යන අයුරු වීඩියෝවේ පැහැදිලිව සටහන්ව තිබුණද, මෙම සිදුවීම අන්තර්ජාලය තුළ දැඩි කතාබහක් නිර්මාණය කර ඇත.
  • ඇතැමුන් පවසන්නේ එය බෝම්බයක් යැයි සිතා විජේ බිය වූ බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

පැන ආරක්ෂිත වෑන් රථය තුළට දිව යන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ  සංසරණය වේ.

කන්‍යාකුමාරි ප්‍රදේශයේ පැවති මෙම රැලියේදී තලපති විජේ උද්‍යෝගයෙන් පාපැදියක් පදවාගෙන යන ආකාරයත්, විශාල රසික පිරිසක් ඔහු පසුපස දුව එන ආකාරයත් එම වීඩියෝවේ මුලින් දැකගත හැකිය.

එම ගමන අතරතුරදී පුද්ගලයෙකු ඔහු අසලටම පැමිණ පන්දුවක් වැනි යමක් ඔහු දෙසට විසි කරන අයුරු එහි දැකගත හැකි වූ අතර එම අනපේක්ෂිත ප්‍රහාරයෙන් තැතිගත් විජේ වහාම ක්‍රියාත්මක වී පාපැදියෙන් බිමට පැන තමන්ට පසුපසින් පැමිණි ප්‍රචාරක වෑන් රථය තුළට දිව යන අයුරු එම වීඩියෝවෙහි දැක්වේ.

වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක නිලධාරීන් ඔහු වටා ආරක්ෂක වළල්ලක් තනා ඔහුව රථය තුළට රැගෙන යන ආකාරයද දක්නට තිබේ.

කෙසේ වෙතත්, පසුව අනාවරණය වූයේ විජේ තලපති අසලට පැමිණි එම පුද්ගලයා ඔහු දෙසට විසි කර ඇත්තේ පන්දුවක් ලෙස සකස් කරන ලද මල් පොකුරක් බවයි.

 එය ඔහු අසලදී පුපුරා මල් විසිරී යන අයුරු වීඩියෝවේ පැහැදිලිව සටහන්ව තිබුණද, මෙම සිදුවීම අන්තර්ජාලය තුළ දැඩි කතාබහක් නිර්මාණය කර ඇත.

ඇතැමුන් පවසන්නේ එය බෝම්බයක් යැයි සිතා විජේ බිය වූ බවයි.

නමුත් ඔහුගේ රසිකයන් පවසන්නේ ජනාකීර්ණ ස්ථානයක මෙවැනි පූර්ව ආරක්ෂක පියවරක් ගැනීම තාරකාවකගේ වගකීමක් බවයි.

( news19 | ෆාතිමා සුමෙයිහා)

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...